වැඩ­ ව­ර්ජ­නව­ලින් වැඩි­පු­රම රිදුණේ කාටද? | සිළුමිණ

වැඩ­ ව­ර්ජ­නව­ලින් වැඩි­පු­රම රිදුණේ කාටද?

මුළු රටම දෙව­නත් කර­මින් විවිධ වෘත්ති­ක­යන් විවිධ ඉල්ලීම් විවිධ සටන් පාඨ මුල් කර­ග­නි­මින් වැඩ­ව­ර්ජන රැල්ලක් ආරම්භ කර ඇත. මෙවර එහි පව­තින විශේ­ෂ­ත්වය නම් වෙන කව­ර­දා­ටත් වඩා සංවි­ධා­නා­ත්මක ස්වභා­ව­යක් දැක­ග­න්නට ලැබී­මයි. එක් පැත්ත­කින් එම වැඩ­ව­ර්ජන අව­ස්ථා­නු­කූල නොවේ. විස­ඳුම් ලබා දී තිබි­ය­දීත් අඛ­ණ්ඩව වැඩ­ව­ර්ජන ක්‍රියා­ත්මක වේ. මෙවර තරම් මහ­ජ­තාව බිල්ලට ගත් කිසිදු අව­ස්ථා­වක් ඉති­හා­ස­ගත වී නැත. ප්‍රධා­නම පැති­කඩ වන්නේ මෙවර ක්‍රියා­ත්මක වර්ජන රැල්ල මහ­ජ­න­තාව විසින්ම ඉතා පිළි­කුල් සහ­ග­තව ප්‍රති­ක්ෂේප කර තිබී­මයි.

එම වර්ජන රැල්ල තුළ සෞඛ්‍ය සේව­යට අදාළ වෘත්තීය සමිති කිහි­ප­යක්ම, කිහිප විටෙ­කම ශ්‍රී ලංකාවේ සංවේ­දීම නිලය වන සෞඛ්‍ය ක්ෂේත්‍ර­යට අභි­යෝග කළේය. එම ක්‍රියාව සහ­මු­ලින්ම අමා­නු­ෂික ක්‍රියා­මා­ර්ග­යක් ලෙස සෞඛ්‍ය අමා­ත්‍යං­ශය තරයේ හෙළා දකියි. සම්මත අන්ත­ර්ජා­තික සෞඛ්‍ය දර්ශක ඉලක්ක සපු­රා­ග­නි­මින් ඉතා සාධ­නී­යව ක්‍රියා­ත්මක වන මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රව­ර්ධ­නය අඩාළ කිරීම සඳහා එම වෘත්තීය අර­ගල ඉලක්ක වී ඇත. දේශ­පා­ලන හස්ත­ය­කින් මෙහෙ­ය­වන එවන් ව්‍යාපෘ­ති­යක් මඟින් මහ­ජ­න­තාව මුළා කිරී­මට උත්සහ කර­මින්, අති­අ­මා­නු­ෂික ආකා­ර­යෙන් මහ­ජන ජීවිත බිල්ලට ගෙන තිබේ.

ඖෂධ මාෆි­යාව විසින් 100%ක්ම නිද­හස් සෞඛ්‍ය සේවා ලබා දෙන අප රට දැවැන්ත අව­දා­න­ම­කට ඇද දම­මින් සිටියි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනා­රත්න මහ­තාගේ පරි­පා­ලන ක්‍රම­වේ­දය මඟින් පසු­ගිය වසර 4ක කාලය තුළ ඖෂධ මාෆි­යාව සුනු විසුනු කොට නිද­හස් සෞඛ්‍ය සේවා­වක් ස්ථාපිත කිරී­මට යොමු වුණු විප්ල­වීය පිය­ව­රම, පෙරළා එම ඖෂධ මාෆි­යාව සංවි­ධා­න­ගත කිරී­මට තරම් ඔවුන්ට අභි­යෝ­ග­යක් වී ඇත.

පසු­ගිය වසර 4ක කාලය තුළ මෙරට සෞඛ්‍ය සේවය ලබා ඇති ජය­ග්‍ර­හණ සංඛ්‍යාව ප්‍රමා­ණා­ත්ම­කව 100 පසු කරයි. එම සංඛ්‍යාව නිද­හ­සින් පසු මෙරට බිහි වූ සියලු රජ­යන් විසින් සෞඛ්‍ය වෙනු­වෙන් සිදු කළ කාර්ය­භා­රයේ එක­තු­ව­ටත් වඩා වැඩි යයි සඳ­හන් කිරීම අති­ශ­යෝ­ක්ති­යක් නොවේ.

වඩාත් ප්‍රච­ලිත වී ඇත්තේ අන්ත­ර්ජා­තික ඖෂධ මාෆි­යාව විසින් මෙහෙ­ය­වන අත­ළො­ස්ස­කගේ මාධ්‍ය සංද­ර්ශ­නය පම­ණකි. පහත දැක්වෙන්නේ ඊට එක් උදා­හ­ර­ණ­යක් පමණි.

6/2006 චක්‍ර­ලේ­ඛය අනුව ක්‍රියා­ත්මක වෛද්‍ය­ව­රුන්ගේ වැටුප් වැඩි වීමේ හා උසස් වීමේ ක්‍රම­වේ­දය ඉල්ලා සිටිනු ලැබූ­යේද රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මයේ සභා­ප­ති­ව­රයා විසිනි.

2014 දක්වාම එම චක්‍ර­ලේ­ඛය අගය කළ එම සංග­මය එක් වරම 2014 වසරේ සිට නැවත එම චක්‍ර­ලේ­ඛ­යද විවේ­ච­නය කිරීම ආරම්භ කරයි. ඔවුන්ම වර්ජන මඟින් රෝගීන් අප­හ­සු­තා­වට පත් කර­මින් දිනා­ගත් ඉල්ලීම් එපා කිය­මින් නැවත ඒවාම වෙනස් කිරී­මට උත්සාහ ගනි­මින් වර්ජ­නය කරයි. මීළඟ වර්ජ­නය ඔවුන් එලෙස කරන අව­සන් වර්ජ­නය යැයි සහ­තික කළ හැකිද?

එම ඉල්ලීම සදහා වර්ජන ක්‍රියා­ත්මක වද්දී අප­හ­සු­තා­වට පත් වූ රෝගීන් වෙනු­වෙන් පෙනී සිටින්නේ කවුද? බල­යට පත් වන රජයේ පක්ෂය හෝ ඇම­ති­ව­රයා අනුව වෘත්තීය සමි­ති­යක අර­ග­ලය වෙනස් විය හැකිද?

වෛද්‍ය­ව­රුන් පළමු ශ්‍රේණි­යට උසස් වීමේ කාල සීමාව, වෛද්‍ය­ව­රුන්ගේ සීමා­වා­සික කාල සීමාව ආදී සියල්ල රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය වර්ජ­න­ව­ලින් ඉල්ලා­ගත් පහ­සු­කම්ය. නමුත් ඒ ඉල්ලීම් දිනා­ගෙන ඉතා කෙටි කලෙ­කින්ම නැවත ඒවාද වෙනස් කර­ගැ­නීම සඳහා වර්ජ­න­මා­ලා­වක් දියත් කර­මින් ඇත. සර­ල­වම කිව­හොත් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ කිහි­ප­දෙ­නෙ­කුගේ දේශ­පා­ලන හෙළුව වසා ගැනීමේ අර­මු­ණෙන්, එක් පැත්ත­කින් මහ­ජ­න­තා­වට හොද මුහුණ පෙන්වා, අනෙක් පැත්තෙන් රෝගී ජීවිත ඉලක්ක කර ඔවු­න්ගේම යෝජ­නා­ව­ලි­යක් වෙනස් කර­ගැ­නීම සදහා සෞඛ්‍ය අමා­ත්‍යං­ශ­යට දත නිය­ව­මින් ඇත.

අද ශ්‍රී ලංකාවේ පව­තින සෞඛ්‍ය සේවාව හා සමාන නිද­හස් සේවා­වක්, ප්‍රමි­තිය සහ­තික කරන සේවා­වක්, සෞඛ්‍යා­ර­ක්ෂාව සල­සන සේවා­වක් පව­තින වෙනත් රටක් හැකි නම් යෝජනා කර­න්නැයි අහිං­සක රෝගීන් බර­ප­තළ ලෙස ජීවි­තා­ව­දා­න­මට ලක් කරන අත­ළො­ස්සක් වන රූකඩ වෘත්ති­ක­ය­න්ගෙන් අපි ප්‍රශ්න කර සිටි­න්නෙමු.

අත්‍ය­වශ්‍ය ඖෂධ නාම 73ක මිල අඩු කිරී­මෙන් මේ වන විට ඖෂධ වෙළෙද නාම 1000කට අධික සංඛ්‍යා­වක වෙළෙ­ද­පොළ මිල සැල­කිය යුතු අඩු­වී­මක් සිදුව ඇත. ඖෂධ ආන­ය­නය සදහා වාර්ෂි­කව වැය­වන රුපි­යල් බිලි­යන 40ක අධික මුදල ඉතිරි කර­ගැ­නීම සදහා මෙරට ඖෂධ නිෂ්පා­ද­නා­ගාර ඇර­ඹී­මට, ලොව ප්‍රමු­ඛ­තම ඖෂධ නිෂ්පා­ද­ක­යන් සමඟ කට­යුතු අරඹා ඇත. තව­මත් රෝගීන් වෙනු­වෙන් ඖෂධ නාම­යන් භාවිත නොකර විදෙස් ඒජ­න්ත­ව­රුන්ගේ අත­කොලු ලෙස ක්‍රියා කරන ඇතැ­මුන් වෙළෙද නාම­යන් ප්‍රති­කාර තුණ්ඩු­වල ලියා ඒ බෙහෙත් රෝහ­ල්වල නැතැයි කියා වර්ජ­නය කරති. අදාළ වෛද්‍ය­ව­රුන් ඖෂධ හිඟ බව පව­සන්නේ ඒ රෝගියා වෙත පළ කරන කරු­ණාව නිසා නොව ඖෂධ සමා­ගම් වලින් ඔවුන්ට ලැබෙන කොමිස් කුට්ටි­ව­ලට තණ්හා­වෙන් නිසා බව මේ වන විට බොහෝ වෛද්‍ය­ව­රුන් වට­හා­ගෙන ඇත. රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ කිහිප දෙනෙකු හැරුණු විට 95%ක්ම වෛද්‍ය­ව­රුන් මේ වන විට සිටින්නේ වර්ජන ක්‍රියා­දා­මය පිලි­කුල් කර­මිනි.

සෞඛ්‍ය, පෝෂණ දේශීය වෛද්‍ය අමා­ත්‍යං­ශය ඖෂධ පම­ණක් නොව වෛද්‍ය සභාව, ඖෂධ නියා­මන කොමි­සන් සභාව, රෝහල් පරි­පා­ල­නය, පුහුණු කිරීම්, ඉගැ­න්වීම්, පත් කිරීම්, මාරු කිරීම් පම­ණක් නොව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් ධුරයේ සිට පහ­ළට සියලු ප්‍රධාන දෙපා­ර්ත­මේන්තු පාල­නය කරනු ලබ­න්නේද වෛද්‍ය­ව­රුන් විසිනි. එවන් පසු­බි­ම­කදී රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය නියෝ­ජ­නය කරන ඖෂධ මාෆි­යාවේ අත­කොලු කීපය නිර­න්ත­ර­යෙන් වෛද්‍ය වැඩ­ව­ර්ජන ක්‍රියා­ත්මක කරන්නේ කාගේ උව­ම­නාව ඉටු කිරී­ම­ට­දැයි සොයා බැලීම වටී. තම සහෝ­දර වෛද්‍ය­ව­රුන්ට ඔවුන්ගේ ගැට­ලුව පෙන්වා දුන්නේ නම් රෝගී ජීවිත සුර­ක්ෂිත කිරීමේ ආචා­ර­ධ­ර්ම­යද රකි­මින් ඔවුන්ගේ අයි­තීන් දිනා­ගැ­නී­මට හැකි­යාව ඇති බව අපි පෙන්වා දෙන්නෙමු. එතෙ­කින් නොනැ­වතී මෙරට සෞඛ්‍ය සේවයේ හෙදි­යන්, තාක්ෂ­ණ­වේ­දීන්, විකි­රණ ශිල්පීන්, ඖෂ­ධ­වේ­දීන්, රිය­දු­රන් මෙන්ම සුළු සේව­ක­යන් පවා තම අයි­තීන් දිනා ගැනී­මේදී රෝගී ජීවිත ගැන සානු­ක­ම්පිත වෙද්දී ඇතැම් වෛද්‍ය­වරු රෝගී ජීවිත වෙත මාන බලති.

ලොව අංක එකේ ශ්‍රේණි­ගත කිරී­ම්වල පව­තින අමෙ­රි­කා­වෙන්, යුරෝ­ප­යෙන් ආන­ය­නය කළ බෙහෙත් දැන් රෝහ­ල්වල පවතී. ඉන්දි­යාව, පාකි­ස්තා­නය ආදී ආසි­යානු රට­ව­ල්ව­ලින් ගෙන්ව­න්නේද එවන් රට­වල පළමු පෙළ ශ්‍රේණි­ගත කිරී­ම්වල පසු වන ඖෂධ පම­ණකි. එම අති­ශය ප්‍රග­ති­ශීලී ක්‍රියා­න්වි­තය හමුවේ අස­ර­ණවූ ඖෂධ මාෆි­යාව, ඇතැම් වෛද්‍ය­ව­රුන් බිලි­බා­ගැ­නී­මෙන් නොනැ­වතී රෝහ­ල්වල පව­තින ඖෂධ සංචි­ත­යන් සඟවා වංචා කොට ඖෂධ හිඟ­යක් මැවී­ම­ටද උත්සාහ ගනි­මින් සිටියි.

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ජීවි­තා­න්තය දක්වාවූ ප්‍රති­කාර සහ­නය “බාල­බෙ­හෙත්“ යන භීති­යෙන් ආව­ර­ණය කිරී­මට උත්සහ දර­මින් ඇත. හද­වත් සැත්කම් සදහා භාවිත කරන රු. 3,50,000ක් වටිනා අමෙ­රි­කා­වෙන් ආන­ය­නය කරන ලද ස්ටෙන්ට්ස් දැන් සෑම හෘද රෝගි­යෙකු වෙතම නොමිලේ නිකුත් කරනු ලබයි. ලොව උසස්ම අමෙ­රි­කානු තාක්ෂ­ණයේ අක්ෂි­කාච, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය­ක­ර්මය සිදු කර­ගන්නා රෝගීන්ට අද වන විට නොමි­ලේම පල­ද­වනු ලබයි. මීට වසර 4කට පෙර ඉතා බාල තත්වයේ අක්ෂි­කාච රු.40,000ක තරම් විය­ද­මින් මිලට ගත් යුගය ඇතැ­මුන්ට අම­ත­කව ගොස් ඇත. ශ්‍රව­ණා­බාධ සහි­තව උප­දින දරු­වන් වෙනු­වෙන් කොක්ලි­යර් ඉන්ප්ලාන්ට් ශල්‍ය­ක­ර්ම­යද දැන් නොමිලේ සිදු කරනු ලබයි.

එදා මෙදා තුර මෙරට රජ­යන් රෝහ­ල්ව­ලට ලබා දුන් එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර 9ට අම­ත­රව මේ වස­රේදී පම­ණක් නව යන්ත්‍ර 9ක් රෝහල් වෙත ලබාදී ඇත. 2014 වන විට මෙරට තිබූ එන්ඩො­ස්කොපි යන්ත්‍ර 51ට අම­ත­රව තවත් එන්ඩො­ස්කොපි යන්ත්‍ර 47ක් මෙරට සෞඛ්‍ය සේවා­වට ලබාදී ඇත. 2017ට පෙර මෙරට තිබූ ඩිජි­ටල් ඒක්ස් රේ න්ත්‍ර 32 දැන් 40ක් දක්වා වැඩිවී ඇත. වෙන්ටි­ලේ­ටර් 76 දැන් 404ක් දක්වා වැඩි කර ඇත. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් 25 දැන් 208ක් දක්වා වැඩි කර ඇත. මල්ටි පැරා­මී­ටර් මොනි­ටර් පද්ධති 100 දැන් 1522 දක්වා වැඩි කර ඇත. හයි­ප්‍රෙ­ෂර් ස්ටල­යි­සර් සංඛ්‍යාව 7 සිට 63 දක්වා වැඩි කර ඇත. රෝහල් සිය­ල්ලෙ­හිම පාහේ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කර ඇත. වෛද්‍ය­ව­රුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේව­යේම මානව සම්පත ඉහළ නංවා ඇත. එමෙන්ම ඒ සිය­ල්ල­න්ගේම ඉල්ලීම් සඳහා ධනා­ත්මක විස­දුම් ලබා දී ඇත. වෛද්‍ය­ව­රුන්ට හා හෙද හෙදි­යන්ට නිල නිවාස, ඖෂ­ධ­වේ­දීන්ට හා කළ­ම­නා­ක­රු­වන්ට නිසි පුහුණු ක්‍රම­වේ­ද­යක්, සෞඛ්‍ය සේව­ක­යන් සිය­ල්ල­ටම වැටුප් වර්ධක ආදී බොහෝ පහ­සු­කම් සම්පා­ද­නය කර අව­සන්ය. මේ සියලු ව්‍යායා­ම­යන් සදහා සෞඛ්‍ය අමා­ත්‍ය­තු­මන් මහා භාණ්ඩා­ගා­ර­යට බරක්වී නැත. විදේශ රට­වල මූල්‍ය පරි­ත්‍යාග හා ආධාර මත ඒ සියලු සංව­ර්ධ­න­යන් සිදු කර ඇත.

රෝගී ජීවිත සුර­ක්ෂිත කිරීම සහ නීරෝ­ගී­මත් ජාති­යක් ගොඩ නැගීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමා­ත්‍යං­ශයේ සහ අමාත්‍ය දොස්තර රාජිත සේනා­රත්න මහ­තාගේ ඒකා­යන අභි­ප්‍රා­යයි. රෝගී අයි­තීන් සුරැ­කීමේ ප්‍රඥ­ප්ති­යද මේ වන විට සෞඛ්‍ය අමා­ත්‍යං­ශය තුළ කෙටු­ම්පත් වෙමින් ඇත. ඉති­හා­සයේ කිසිදු දිනක සිදු නොවූ තරම් රෝගී ජීවිත සුරැ­කීමේ වැඩ­පි­ළි­වෙ­ලක් දැන් ක්‍රියා­ත්මක වෙමින් ඇත. රෝග නිර්ණය වාර්තා සහ ඖෂධ වට්ටෝරු ඇතු­ළත් ඊ හෙල්ත් කාඩ් පත, ඖෂධ පිළි­බද දැනු­ම්වත් වීම සදහා ක්ෂණික ඇම­තුම් අංක­යක්, බෝනො­වන රෝග පාල­න­යට නොමිලේ රසා­ය­නා­ගාර සේවා, අවශ්‍ය සියලු පරී­ක්ෂණ හෝ ඖෂධ හෝ සැත්කම් නොමිලේ රජයේ රෝහල් වල සිදු කිරීම.

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම පරි­ව­ර්ත­නීය වෙනස කඩා­ක­ප්පල් කර­න්නට හෝ මහ­ජන විශ්වා­සය බිද දම­න්නට උත්සහ කර­න්නන් කවු­රු­න්දැයි හදු­නා­ගන්න.

ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය, යුනි­සෙෆ් සංවි­ධා­නය ඇතුළු ජාත්‍ය­න්තර සංවි­ධාන රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනා­රත්න මහ­තාගේ වැඩ­පි­ලි­වෙළ බොහෝ අව­ස්ථා­වල අගයා ඇත. ඉන් නොනැ­වතී ලෝක­වා­සි­යෙකු වෙනු­වෙන් ලැබෙන දුර්ල­භම අව­ස්ථා­වක් වන, ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ පළමු උප සභා­පති ධුරය පිට පිටම දෙව­තා­වක්ම එතු­මන් වෙත පිරි­නමා ඇත. එබඳු වටිනා ක්‍රියා­ව­ලි­යක් දෙස වප­රැ­හින් නොබලා, ප්‍රග­ති­ශී­ලීව ආශි­ර්වාද කිරීම මහ­ජන සැමගේ යුත්‍ර­කම බව අපි උදක්ම විශ්වාස කර­න්නෙමු.

එම්.අයි.ජේ.විජේ­නා­යක

 

Comments