ගොවියන් ලක්ෂපතියන් කළ අලුත්ම වැවිල්ල | Page 2 | සිළුමිණ

ගොවියන් ලක්ෂපතියන් කළ අලුත්ම වැවිල්ල

මොන දේ කෑවත් පොහොර....මොන දේ කෑවත් වස.... හැමෝම කිය‍න්නෙ එකම කතා­වක්.

පොහොර මිටි ගණන් හළලා වගා කරන එළ­වුළු කන්න වුණාම මුළු රට­ක­ටම වස කැවෙන එක අරු­ම­ය­කුත් නෙවෙයි.

මේ විනා­ශ­කාරි ක්‍රම­යෙන් මිදෙන්න දැන් කාලෙ හරි. කාගිල්ස් සමා­ගම ඒ වෙනු­වෙන් අලුත් පිය­ව­රක් තබලා. ඕනෑම කෙන­කුට පුළු­වන් මේ පූර්ව­ද­ර්ශය ගන්න. අර­ගෙන හැදෙන්න.

සමා­ග­මට අයිති සංක­ල්ප­යක්, රහ­සක්ව රැක­ගත හැකිව තිබු­ණත් මිනි­සුන්ට වස විස නොකවා වගා කරන හැටි කියා දෙන්න, ඔවුන් දෙපා­රක් හිතුවෙ නැහැ. මේ පිය­වර ඔවුන් තබපු ජාතික මෙහෙ­ව­රක් වෙන්නෙ ඒ නිසා.

ඒ පුර්වා­ද­ර්ශය නිසාම තමයි, සම­හර එළ­වුළු දැන් ඔවුන් හුඟක් ලාබෙට දෙන්නෙත්.

සමා­ග­මක් කොහො­මද එහෙම කරන්නෙ...එහෙ­නම් ගොවි­යා­ගෙන් අඩු කර­නවා ඇති....

ඔබට එහෙ­මත් හිතේවි.

ඒත් ඇත්ත ඒක නෙවෙයි.

කාගිල්ස් ව‍ටා ඉන්න ගොවි මහ­ත්තුරු මේ ක්‍රම­යට තම තමන්ගේ වගාව පටන් අරන්. අලුත් තාක්ෂ­ණය නිසා නිෂ්පා­දන විය­දම අඩුයි. ඵල­දාව ඉහ­ළයි. ඉතින් තමන්ගේ වගාව අපතේ නොයනවා වගේම, නිය­මිත මිල ගොවින්ට ලැබෙ­නවා. පාරි­භෝ­ගි­කයා අතට ගණන් අඩු­වට පත්වන මේ සම­හර එළ­වළු ඒ අලුත් තාක්ෂ­ණයේ ප්‍රති­ඵල කීවත් වැරැදි නැහැ.

Drip irrigation system හෙවත් ‘බින්දු වාරි’ ක්‍රමය තමයි, මේ අලුත් තාක්ෂ­ණය.

මූලික විය­දම අක්ක­ර­ය­කට ලක්ෂ පහක් වගේ වූණාට අවු­රුදු දහ­යක් යන­කල්ම ඒ ආම්පන්න භාවිත කරන්න පුළු­වන්. ඵල­දාව ආර­ක්ෂි­තයි.

ඒ විත­රක් නෙවෙයි, සම්ප්‍ර­දා­යෙන් මිදුණු මේ ක්‍රම­යෙන් ‘පුර්ණ සුර­ක්ෂිත ආහාර වගා­වක්’ කියන සංක­ල්පය සුරැ­කෙ­නවා.

පියල් කුමාර සිය ගොවි බිමේ

හරි­ය­ටම කිව්වොත් බින්දු කිහි­පය බැගින් හැම­දා­මත් ගහට වතුර සහ පොහොර වැටෙන මේ ක්‍රමය නිසා, ගස් මුල්ව­ලට කොළ­ව­ලට ගෙඩි­ව­ලට පොහොර මිටි ගණන් හැලු යුගය දැන් අව­සන්.

ඒ අනුව, පොහොර සහ කෘෂි රසා­යන භාවි­තය 65%කින් අඩු වෙලා විත­රක් නෙවෙයි, ‍ෙගාවීන්ගේ අස්වැන්න නොසිතූ ලෙස ඉහළ යන්න පටන් අරන්.

කාගිල්ස් වටා සිටින පන්ද­හ­සක් තරම් වූ මෙරට එළ­වුළු ගොවීන් සියලු දෙනාම ක්‍රම ක්‍රම­යෙන්, මේ නවීන තාක්ෂ­ණය භාවි­ත­යට හුරු කිරීම සිය ආය­ත­නික ඉල­ක්කය බවයි, සමා­ගමේ සමූහ කළ­ම­නා­කරු/ කෘෂි ව්‍යාපාර, හරි­දාස් ප්‍රනාන්දු මහ­ත්මයා පව­සන්නේ.

“ගොවියා සහ කාගිල්ස් අතර තිබෙන්නේ ගනු­දෙ­නු­වක් පම­ණක් නොවෙයි. ඉන් ඔබ්බට ගිය බැඳී­මක්. ජාතික මෙහෙ­ව­ර­කට අපි දෙගො­ල්ලොම හද­ව­තින් බැඳී හිඳි­නවා. ඒ නිසා තව­දු­ර­ටත් කෘෂි රසා­යන ගෝණි ගණන් හළන මේ වගා ක්‍රමය තුළ අපේ ගොවීන් සිර වී නැහැ.

මේ තාක්ෂ­ණය අපි ඉගැ­න්නුවේ තෝරා­ගත් ගොවීන් කණ්ඩා­ය­මක් ආය­ත­නික විය­ද­මින් ඉන්දි­යා­වට අරන් ගිහින් පෙන්වලා. අත්දැ­කීම් ලබන්න සල­ස්වලා. ගොවීන් විත­රක් නෙවෙයි. ඔවුන්ගේ දෙවැනි පර­ම්ප­රාවේ නියෝ­ජ­න­ය­කුත් මේ ගම­නට සහ­භාගී කරවා ගත්තා. කියන්න බැරි තරම් සතු­ටුයි. දැන් මේ ගොවි පුතුන් එක්කෙනා දෙන්නා වගා­වට එන්න අරන්. ඔවුන් වගා කරන්නේ මේ අලුත් තාක්ෂ­ණ­යට අනු­වයි.

ගොවි­තැන් අත්හැර දමන බහු­තර දෙවැනි පර­ම්ප­රාව යළි වගා­වට ‍පොලඹවා ගන්නට ලැබීම රටක් හැටි­යට මොන තරම් වටි­න­වද...”

හරි­දාස් මහ­ත්මයා පව­සන්නේ අලුත් වගා ක්‍රමය තුළ ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන පිබි­දීම ගැන.

තඹු­ත්තේ­ගම - මකු­ලෑව ගමේ සුනිල් අබේ­සේ­කර කියන්නෙ, මේ අත්දැ­කීම සිය වගා ජීවි­ත­යට ඈඳා ගත් 52 හැවි­රිදි කාගිල්ස් ගොවි මහ­තෙක්.

“අවු­රුදු 16ක් තිස්සේ එළ­වුළු වවන මං, ඒ කාලෙ දුන්නෙ ආර්ථික මධ්‍ය­ස්ථා­න­යට. ඒ කාලෙ අපි හරි­යට මහන්සි වුණා. කාගිල්ස් සමා­ග­මට එළ­වුළු දෙන්න අරන් අවු­රුදු 14ක්. ඉස්සර අපි වැව්වේ ලියැදි ක්‍රම­යට. වතුර හුඟක් ඕනේ. මහ­න්සි­යත් ඒ වගේ. ඔහොම ඉන්න­කොට තමයි, කාගිල්ස් මහ­ත්තුරු දැනට මාස කිහි­ප­ය­කට කලින් රැස්වී­මක් තියලා අපිට කිව්වේ දැන් සම්ප්‍ර­දා­යික විදි­යට වැව්වා ඇති. අලුත් ක්‍රම­යක් තියෙ­නවා ඉන්දි­යාවේ, මේ මධ්‍ය­ස්ථා­න­යෙ­නුත් ගොවීන් දෙන්­නෙක් යව­නවා ඉගෙන ගෙන එන්න කියලා. මටත් ඒ වටිනා අව­ස්ථාව ලැබුණා.

අපි සති­යක් ඒ වගා­බි­ම්වල හිටියා. අත්දැ­කිම් ලැබුවා. ඉගෙන ගත්තා. එත­කොට තමයි දැනුණෙ අපි මොන තරම් විය­දම් දර‍ා­ගෙන, මොන­ත­රම් දුක් විඳින ක්‍රම­ය­කට ද මේ එළ­වුළු වවන්නෙ කියලා. ඒ දව­ස්වල වතුර නැති එකත් ප්‍රශ්න­යක්. දැන් නියං කාලෙදී වුණත් මේ බින්දු ජල ක්‍රමය නිසා, වතුර ටික පිරි­මහ ගන්න පුළු­වන්.

වෙනදා අක්ක­ර­යක් වගා කරලා අස්වනු ගනිද්දී සේවක විය­දම, තෙල් පොහොර විය­දම දරා­ගන්න බැහැ. කිලෝ දාහක් කැඩු­වොත් හොඳ ඵල­දාව කිලෝ පන් - හය­සී­යයි.පසු අස්වනු නාස්තිය වැඩියි. අද මං කිලෝ 1600 ක් පිපි­ඤ්ඤා කැඩුවා. කිලෝ හත­ළි­හයි. අයින් වුණේ. පොලි­තින් ආව­ර­ණය උඩ වැල යන­කොට ගෙඩි බිම ගෑවෙන්නෙ නැහැ. ඇදක් පළු­ද්දක් නැහැ. මාස තුනෙන් අස්වැන්න ගන්නවා. වතු­රත් ටිකයි. පොහොරත් ටිකයි. වටේ­ටම උස සුදු දැල නිසා කෘමීන් - මැස්සො එන්නෙ නැහැ. ඒ විත­රක් නෙවෙයි පොළොව හාරා­ගෙන ඌරො, ඉත්තෑවො එන්නේ නැහැ. අක්කර බාගෙක පිපිඤ්ඤා වවලා කිලෝ හය හත්දා­හක මුර හය හතක් කඩ­න්නත් පුළු­වන්. හරි­යට බැලු­වොත් ලක්ෂ තුනක විතර ආදා­ය­මක්. පළ­වෙනි දෙවැනි මුර­ව­ලින්ම අපි මූලික මුදල හොය­ලත් ඉව­රයි. ආයේ කඩන හැම මුර­යක්ම ලාබේ.

හරි­දාස් ප්‍රනාන්දු (දකුණේ) සහ කාගිල්ස් කෘෂි නිල­ධාරි නිලන්ත මහ­ත්වරු ගොවි බිමක

ඇත්ත­ටම රුපි­යල් ලක්ෂ දෙක­හ­මා­රක ආධාර මුද­ලක් සහ තවත් ලක්ෂ දෙක­හ­මා­රක ණය මුද­ලක් සමා­ග­මෙන් අපිට දීලා තමයි මේ වැඩේට අපිව උනන්දු කළේ. දැන් හිතෙ­නවා, අපේ ගංවල අනෙක් ගොවි­ය­න්ටත් මේ ඩ්‍රිප් ඉරි­ගේ­ෂන් ක්‍රම­යට යන්න ආණ්ඩුව හරි උදව් කර­නවා නම් මොන තරම් හොඳද කියලා.

එත­කොට, ගොවින්ගේ අස්වනු අපතේ යන්නෙ නැහැ. අඩුම මුද­ල­කින් හොඳ අස්වැ­න්නක් ගන්නත් පුළු­වන්. මහ­න්සි­යත් අව­මයි. ගොවි­තැන අත්හැර දමන්න හිතෙ­න්නෙත් නැහැ. මම දැන් වැඩ කරන්නෙ හුඟක් සතු‍ටින්. මගේ දරු­වොත් දැන් ගොවි­තැ­නට ආසයි. මඩ නාගෙන ලියැදි කොට‍ා­ගෙන, වතුර ඇද­ගෙන දහ දුක් විඳින්න දෙයක් නැහැ.”

ඉතින්, ඕනෑ­කම තිබේ නම් කෘෂි කර්මා­න්තය නඟා සිටු­ව­න්නට ක්‍රම තිබෙ­නවා යැයි කියන කාගිල්ස් පූර්වා­ද­ර්ශ­යයි, ඔවුන් මේ දී තිබෙන්නේ.

තඹු­ත්තේ­ගම කළු­න්දැ­ග­මදී අපට හමු වූ නන්දන ප්‍රේම­ති­ලක ද මේ ඩ්‍රිප් ඉරි‍ෙ­ග්ෂන් ක්‍රම­යට වගාව අරඹා ‘ගුඩ් හාවස්ට්’ ව්‍යාපෘ­තියේ ඉදි­රි­යෙන්ම සිටින අත­මිට සරු ගොවි මහ­තෙක්.

“වගා ළි‍ඳේ වතුර ටික ටික උනලා දැන් පැයක් වතුර තිබු‍ණත් ඇති. මේ ක්‍රම­යේදී 75% ක් වතුර අව­ශ්‍ය­තාව අඩුයි. දීග පාත්ති වගේ උසට පස් පුර­වලා, ඒවා විශේෂ පොලි­තින් වැස්ම­කින් වහලා, ඒ වැස්ම මත දුරින් දුර ඇති කළ සිදුරු මතයි පැළ සිටු­වන්නේ.

ඒ විශේෂ පොලි­තින් වැස්මට යටින් වතුර සහ පොහොර බට දිග­ටම දාල තියෙන්නේ. ඒවා­යින් පැළ­යට වතුර සහ පොහොර ලැබෙන්නේ බින්දුව බැගින්. මේ බට අවු­රුදු 10ක් පව­ති­නවා. ආර­ක්ෂා­වට වටේට තිබෙන දැලත් ඒ වගේ. හුළ­ඟත් එක්ක එන කෘමි උව­දුරු එහෙම පිටින්ම නැව­තිලා. ඒ වගේම, අද අක්ක­ර­යක අස්වනු නෙළන්න තුන් දෙනෙක් හොඳ­ටෝම ඇති.

මේ වගේ වටිනා ගොවි­තැන් ක්‍රම­යක් රට­ටම හඳුන්වා දී තියෙ­ද්දීත් හැම ගොවි­යෙ­කු­ටම මේ ක්‍රමය හඳා ගන්න රජය වුණත් උදව් කරන එකයි, කරන්න ඕන. එත­කොට ඒ මිනි­ස්සුන්ගේ ජීවි­තත් අපේ වගේ එළිය වැටේවී.

දෙවැනි පර­ම්ප­රාවේ උන­න්දු­වට අත දෙමින් කාගිල්ස් සමා­ගම මගේ පුතාට අව­ස්ථාව දුන්නා, ඉන්දි­යා­වට ගිහින් ඉගෙන ගන්න. දැන් එයා අනෙක් කාගිල්ස් ගොවී­න්ටත් ඒ දැනුම දෙනවා. මගේ පුතත් දැන් අලුත් පර­පුරේ නවීන ගොවි­යෙක්. ඒ ගැන මං ආඩ­ම්බ­රයි....”

ප්‍රේම­ති­ලක වගේම තඹු­ත්තේ­ගම දී අපට හමු වූ විමල් දයා­රත්න ලා, ජී. ජය­සේන ලා, ප්‍රස­න්නලා එලෙස එළ­වුළු වවා රුපි­යල් ලක්ෂ ගණ­නින් මුදල් උපයා ගත් සාඩ­ම්බර කාර ගොවි මහ­තුන් අත­රේ කිහිප දෙනෙක්.

සුනිල් අබේ­සේ­කර

ඇත්ත­ටම, රජය දැන් ගොවීන්ට දිය යුත්තේ, පොහොර සහ­නා­ධා­රය නොවේ. මේ බිඳිති වාරි පද්ධ­තිය සාදා ගැනී­මට අවශ්‍ය සහ­නා­ධා­ර­යයි.

අනෙක් අතට ත්‍රීවීල් රස්සා­ව­ටම ඇදී යන බහු­තර තරුණ ශ්‍රමය කෘෂි­ක­ර්මා­න්තය වෙත යළි අද්දවා ගැනී­මට හොඳම අව­ස්ථා­වක් අප ඉදි­රියේ තිබි­යදී එය අත්හළ යුතු ද...

අක්ක­ර­යක කර­විල වවා, වාර දාහ­ත­කදී කිලෝ හාර දහ­සක් අස්වැන්න නෙළා ගත් පියල් තුසිත කුමා­රත් කාගිල්ස් සමඟ ජීවි­තය ජය ගත්තේ මේ අලුත් තාක්ෂ­ණ­යෙන්. ඒ, විත­ර­කුත් නෙවෙයි, තමන්ට ලැබුණු අලුත් තාක්ෂ­ණ­යට, ස්වයං අධ්‍යයන­යෙන් සොයා­ගත් අලුත් දේත් එකතු කර­මින්.

“ඉස්සර අපි වගා කළේ යල, මහ දෙක­න්නෙට. දැන් එහෙම එකක් නැහැ. අපි හැම­දාම වව­න­වා‍.‍ ­වැල් එළ­වුළු මං වවන්නෙ පරණ මාළු දැල් දිගේ ඉහ­ළට යවලා. ගෙඩි බිම ගෑවෙන්නෙ නැහැ. හැඩය විකෘති නැහැ. පිපිඤ්ඤා, කර­විල, මෑ, වැට­කොළු, ඕන දෙයක් එහෙම වවන්න පුළු­වන්. ඒවා විත­රක් නෙවෙයි, බණ්ඩක්කා, ඉඟු­රුත් මං හැදුවා.

මේවා කොයි­ත­රම් වැව්වත් අපිට දෙන්න තැනක් තියෙ­නවා. අපිට මාකට් එක බලා­ගෙන වවන්න දෙයක් නැහැ. අපි වවන්නෙ කාගිල්ස් දිහා බලා­ගෙන. අපි දන්නවා එතැ­නට අවශ්‍ය කොලි­ටිය. ඒ කොලි­ටි­යට හැදු­වොත් විකි­ණීම ගැන අපිට කර­දර වෙන්න දෙයක් නැහැ.

සමා­ගමේ කෘෂි­කර්ම මහ­ත්ත­යත් අපේ වගා­බි­ම්ව­ල­මයි. අපේ වගා ප්‍රශ්න ගැටලු ඕනෑ දෙය­කට මේ අය විස­ඳුම් දෙනවා. මේක බොහොම බැඳී­ම­කින් යන ගම­නක්. ඒ ගමනෙ, කොලි­ටිය තමයි අංක එක.

පැළ හිට­වපු දා පටන් ගෙඩි කරල් කඩා ගන්න දා දක්වා, ගහට දමපු පොහොර, වතුර මැන­ගෙන, ඒවා පොත්වල ලියා­ගෙන, චාට් හදා­ගෙන, කොලි­ටිය නඩත්තු කරන්නෙ, කාගිල්ස් අපිට ඒ කොලි­ටිය වෙනු­වෙන් ගෙවන හින්දා. ඇත්ත­ටම අපි ගෙවල් දොර­වල් හැදුවෙ යාන වාහන ගත්තෙ, කාගිල්ස් නිසා. ‍

ඔවුන් අපි වවන දේ අර­ගෙන නිකම් හිටියෙ නැහැ. හැම අතින් ම අපිව ගොඩ­නැ­ඟුවා. ඉහ­ළට ඔස­වලා තැබුවා. ඉස්සර වවපු ක්‍රම­යට නම් මේ වෙද්දි රුපි­යල් හැට­දා­හ­ක­වත් තෙල් ගහන්න ඕනෙ. කෘමි හානි නැති නිසා දැන් තෙල් විය­ද­මක් ඇත්තෙම නැහැ. හැම අතින් ම අපේ නිෂ්පා­දන විය­දම අඩු­වෙලා.

 ‘ගුඩ් හාවස්ට්’ එළවළු

ඉස්සර මාකට් එකට බඩු දාපු කාලේ ගෙදර ආවේ හිස් අතින්. බාග­යක් තැලිලා පොඩි­වෙලා. දෙන්නෙ දෙක පහට. හිතේ සතු­ටක් නැහැ. අතේ ඉති­රි­යක් නැහැ. ට්‍රැක්ටර් ගාස්තු­වත් ගෙවලා ගෙදර එන­කොට ගෙද­රට ඕන අඩුම කුඩුම ටික­වත් ගන්න සල්ලි මදි.

දැන් අපි, අද බඩු දැම්මා නම්, අපේ සල්ලි ටික හෙට කාගිල්ස් බැංකු­වට වැටෙ­නවා. අපි මුදල් ගන්නෙ අවශ්‍ය ප්‍රමා­ණ­යක් විත­රයි. ඒ නිසා, නිකම්ම ඉති­රි­වෙ­නවා. බැංකුවෙ මහ­ත්තයා අපේ මධ්‍ය­ස්ථා­න­යට එනවා. ඒ නැතත් ළඟම ATM එකෙන් සල්ලි ගන්නත් පුළු­වන්. දැන් අ‍ෙප් ජීවිත එහෙම පිටින් ම වෙනස් වෙලා‍. මගේ ලොකු පුතාට වයස 24 යි. එයා මේ ගොවි­තැ­නට හුඟක් සම්බ­න්ධයි. දව­සක එයා මේ දේවල් කර­ගෙන යාවි. මගෙන් පස්සෙ ගොවි­තැන අත්හැ­රෙන්නෙ නැති බව දැන් මං දන්නවා. ඒ, කාගිල්ස් පෙන්වා දුන්නු අලුත් ගොවි­තැන් ක්‍රමේ නිසා.

රටේ හැම ගොවියෙ­කු­ටම මේ ක්‍රමය උග­න්වලා සහ­නා­ධාර දීලා, ප්‍රච­ලිත කරන්න කියන එකයි මං කියන්නෙ. මොකද මේ වෙන­කො­ටත් ‘යහ­පත් කෘෂි පිළි­වෙත්’ අනුව වවන මම, GAP සහ­ති­කය ලබා ජාත්‍ය­න්ත­ර­යට වුණත් වවන්න සුදු­සු­කම් තියෙන ගොවි­යෙක්.

අපේ ගොවින් හැම කෙනා­වම ඔසවා තබන්න ඕනෙ ඒ තැනට.”

මේ අපේ රටේ ගොවි­ය­කුගේ තවත් එක් සාධ­නීය කතා­වක්.

‍ඉතින්, අදත් ගෙදර යන ගමන් ඔබ කාගිල්ස් වෙත ගොඩ වේවි. ඔබ අතට ගන්නා හැම එළ­ව­ළු­වක් ගානේ ඒ පිටු­පස තිබෙන මේ කතා­වත් ඔබට මතක් වේවි.

ඔබ ගෙවන මුදල්, කාගිල්ස් හරහා ඒ ගොවි ගම්මා­න­ව­ලට, ගොවි ගෙව­ල්ව­ලට යන හැටි මොහො­තක් හිතන්න...

ඔබේ අත දීමෙන්, දෙවැනි පර­පු­රක් ඒ ගොවි­තැන බාර ගන්නා හැටි ඔබට පෙනේවි. ඒ සතුටින් ඔබේ හිත පිරී යාවි.

ඉතින් ඔබ දන්න­වද... කාගිල්ස් දෙවැනි පර­පු­රත් ඒ මඟ­ටම ප්‍රවිෂ්ට වී ඇති බව.

තම පවුලේ ව්‍යාපා­රය තුළ බාර­ග­න්නට බොහෝ අංශ ඕනෑ තරම් තිබි­යදී දෙවැනි පර­පුරේ ආද­ර්ශය කියා­පා­මින් විදේ­ශ­යක උගත් රායා පේජ්, කාගිල්ස් උප­ස­භා­පති රංජිත් පේජ් මහ­තාගේ දියණී, ඇප කැපව සිටින්නී, හරි­දාස් මහතා මෙන් ම ‘සරු බිම’ නඟා­සි­ට‍ු­වීම වෙනු­වෙන්.

ගමේ ආර්ථි­කය හැදෙන ගමන්, ඒ ගොවීන්ගේ දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට අත­දෙන ‘සරු බිම’ අර­මු­දල තර වෙන්නෙත් ඔබ ඒ මිල දී ගන්නා එළ­වළුවලින්. කිරි ලීට­ර­යෙන්.

ඉතින්, තව­දු­ර­ටත් ඔබ ඔවුන්ට පාරි­භෝ­ගි­ක­යෙක් පම­ණක් නෙවෙයි.

අපේ ගොවියා, අපේ ගම සහ අපේ රට නඟා සිටු­ව­න්නට කාගිල්ස් සමඟ අත්වැල් අල්ලා ගත් මිනිස් දම්වැලේ ශක්ති­මත් ම දම්වැල් පුරුක ඔබයි.

ඡායාරූප - තලාව සමූහ
බී.ඩබ්.ඩී. ධර්මකීර්ති

 

Comments