‘විජ­යබා කොල්ලය’ පොතත් දැන් ඔබ අතට | සිළුමිණ

‘විජ­යබා කොල්ලය’ පොතත් දැන් ඔබ අතට

 තිහේ දශ­කයේ (1938) අග සාහිත ලොව වර්ණ­වත් කළ කෘති­යකි ‘විජ­යබා කොල්ලය’.‍ දැනට සාර්ථ­කව තිර­ගත වෙන ‘විජ­යබා කොල්ලය’ චිත්‍ර­ප­ට­යට මුල් වූ නව­ක­තාවේ මුල් පිට­පත අනුව සැක­සුණු අලුත් ම මුද්‍ර­ණය වත්මන් පාඨ­ක­යාගේ ද රසි­ක­ත්වය පුබු­දු­වා­ලනු පිණිස දැන් සර­සවි ප්‍රකා­ශ­න­යක් ලෙසින් නිකුත් වී තිබේ. සාහිත්‍ය චක්‍ර­වර්ති යන විරු­දා­ව­ලිය ලද ඩබ්ලියු.ඒ. සිල්වා ශූරීන්ගේ ‘විජ­යබා කොල්ලය’ 1962 – 64 කාලය තුළ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ග­යට ද 40, 50, 60 දශ­ක­වල විශ්ව­වි­ද්‍යාල සඳහා ද නිර්දේ­ශිත ග්‍රන්ථ­යක් විය.

16 වැනි සිය­වසේ කෝට්ටේ රාජ­ධා­නිය හා පරංගි ආග­ම­නය කේන්ද්‍ර කර­ගෙන ලියැ­වුණු මෙම කතා­වට ජීව ගුණය එක් කරන්නේ අසංග, නීල­මණී හා නය­නා­නන්ද යන චරිත තුනයි. මෙම තුන්කොන් ප්‍රේම කතාව වඩාත් සජී­වීව දැනෙන්නේ දැන් තිර­ගත වෙන ‘විජ­යබා කොල්ලය’ චිත්‍ර­ප­ටය නර­ඹන විටය. ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ සින­මා­වට නැඟුණු දෙවැනි ඓති­හා­සික නව­ක­තාව ද මෙය වේ.

පිට­පත් ලක්ෂ ගණ­න­කට වැඩි­යෙන් අලෙවි වී ඇති ‘විජ­යබා කොල්ලය’ කෘති­යෙන් කාලීන වටි­නා­ක­මක් ඇති සිංහල හා මුස්ලිම් ජන­යාගේ දීර්ඝ­කා­ලීන මිත්‍ර­ත්වය පිළි­බ­ඳව ද යම් ඉඟි­යක් සප­යයි.

 

Comments