නපුරු සිහින | Page 3 | සිළුමිණ

නපුරු සිහින

2015 ජන­වා­රියේ ලක්ෂ හත­ර­ක­ටත් වඩා වැඩි ඡන්ද ප්‍රමා­ණ­ය­කින් පරා­ජය වී මැද­මු­ල­නට පසු­බැ­සී­මෙන් පසු 'අනු­හස් නාය­කයා' සිය බල­ලෝභී දේශ­පා­ල­නයේ අව­සා­නය සට­හන් කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළහ. එහෙත් එය එසේ නොවන බව අප දැන­ගෙන සිටි­යෙමු. දේශ­පා­ල­න­ඥ­යන් තුළ ලජ්ජාව නැමති නහ­රය හෝ බලය අත්හැ­රීම නැමති නහ­රය නැත.

ඊට උදා­හ­රණ ඇති­ප­දම් සොයා­ගත හැකිය.

ජන­තාව පවා බොහෝ විට කෙටි කලක් ඇතු­ළත සියල්ල අම­තක කරයි. අන්ධ­කාර,දූෂිත ඉති­හා­ස­යක කළු­පාට ,වසර පහක් යන්න­ටත් මත්තෙම් අම­තක කරන තැනට පත්ව ඇති සම­හරු වර්ත­මාන ආණ්ඩුව යටතේ හිමිව තිබෙන සාධ­නීය නිද­හස සහ යම් යම් ජය­ග්‍ර­හණ සාහ­සික ලෙස කුණු මුල්ලට දමා තිබෙන බවක් පෙනේ.

ඊට සමී­ප­තම උදා­හ­ර­ණය වරක් එක්තරා හිමි­න­මක් 'හිට්ලර් වෙලා­හරි මේරට බේරා­ගන්න' කියා ගෝඨා­ගෙන් කළ ඉල්ලීම සිහි­පත් කළ හැකිය.

සකල ලෝකය විසින්ම හෙළා දකිනු ලබන ආකා­රයේ ඒකා­ධි­ප­ති­යකු අනු­ග­ම­නය කර­මින් හමුදා පාල­න­යක් පව­ත්වා­ගෙන යන ලෙස හිටපු ආර­ක්ෂක ලේකම් වර­යාට කළ ආරා­ධ­නය සන් කරන්නේ කුමක්ද?.

අපි විහි­ළු­වට හෝ ගෝඨා දිනන බවට අනු­මාන කරමු. එවිට ඔහුට ලබා­දුන් සංඝ­ගත විව­ර­ණ­යක් තිබේ.

'හිට්ලර් වෙලා හරි කමක් නෑ,රට හදන්න'

ඒ කියන විව­ර­ණ­යයි . මතක තබා­ගන්න,දේශ­පා­ල­ක­යින් සෑම විටම අල්ලා ගන්නේ තමන්ට සාක­ල්‍යෙන්ම වාසි­දා­යක කොට­සින් ය. ඒ අනුව අර ප්‍රකා­ශය ගෝඨා­ටත්, මහි­න්ද­ටත්, බන්දුල ගුණ­ව­ර්ධන ශූරීන් විසින් ම නාම­ක­ර­ණය කළ පොහො­ට්ටුවේ ගමේ දේශ­පා­ලන පොල්ලෙ­ල්ලත් එය ලැයි­ස­මක් බවට පත්ක­ර­ග­න්න­වාට සැක නැත.

මත­කය දුවන්නේ 2015 ජන­වාරි 9 වෙනිදා පෙර­ව­රු­වට ය. තමන් විසින්ම කැඳ­වා­ගත් 'පරා­ජ­යෙන්' පසු මැද­මු­ල­නට ගොස් එහි ජනෙල් කවු­ලු­වක එල්ලී සිටි මහි­න්ද­ගෙන් මිනිස්සු ඉල්ලුවේ 'ඇයි මරලා හරි ගත්තේ නැත්තේ' කියා ය. ගම­නක් යන්නට මිනි­සෙකු නිව­සින් එළි­යට බසින විට ඔහුගේ හිත හෙල්ලෙ­තැයි සිතා කිවි­සු­මක් හෝ නාරින මිනි­සුන් සිටින රටක මේ තරම් සාහ­සික 'ආත්ම' බිහි­වන්නේ කෙසේද? ඊටත් වඩා අරු­මය වන්නේ සාති­ශය අවි­හිං­සා­වාදී දහ­මක් දෙසූ ශාස්තෲ­ව­ර­ය­කුගේ 'අනු­ගා­මි­ක­යන්' යැයි කියා­ගන්නා පිරිස් මෙහෙම කියන්නේ කොහො­ම­දැයි කියාය.“ඔය ඉල්ලන ඒකා­ධි­ප­තියෝ, ඔය ඉල්ලන ආඥා­දා­ය­කයෝ, ඔය ඉල්ලන හමුදා පාල­න­යක් වුණත් හොඳයි කියන අය ඒ අත්දැ­කීම පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් නොමැ­ති­වයි ඒ වගේ දේවල් කතා කරන්නේ,” යි ජනා­ධි­ප­ති­ව­රයා එවක ප්‍රකාශ කළේය.

අසී­මිත මඩ ප්‍රහාර, කෙල­ව­රක් නැති හිස් දෝෂා­රෝ­පණ, යනාදී සිය­ල්ලෙන් මේ ආණ්ඩු­වට පහර දුන්නද ආණ්ඩුව පෙරළා අංශු­මා­ත්‍ර­යක ප්‍රති­චාර දක්වා නැත. නමුත් වැලි­කඩ සිදු­වීම් සිහි­පත් කිරී­මත්,රෝෂා­න්ලාට වෙඩි තැබූ අයු­රුත් සිය ගාණක් මාධ්‍ය­වේ­දීන් අමු අමුවේ නැති කළ අයු­රුත්, සර­සවි සිසුන්ට වෙඩි තැබූ අයු­රුත්, දීව­ර­යින්ට වෙඩි තැබූ අයු­රුත්,කෝටි ප්‍රකෝටි ගන­නින් ලොක්කෝ අල්ලස් ගත් අයු­රුත්,හොර­කම දෝරේ ගැලූ අයු­රුත් ඔබේ සිහින සිහි­පත් වෙනු ඇත.

‘කිසි­වෙ­කුගේ බලා‍පො­රොත්තු කිසි විටෙක බිඳ නොද­මන්න. මන්ද එය ඔහුගේ එකම වස්තුව විය හැක.’ කියා හිට්ලර්ම පවසා ඇත. ඒ අර්ථ­යෙන් ගත් කල ගෝඨා හිත­වාදී පිරි­සගේ 'එකම වස්තුව' ගෝඨා ය. ඉතින්, අප ඒ බලා­පො­රොත්තු බිඳ දම­න්නට ඉක්මන් වන්නේ නැත.

වග­කීම් විර­හිත ලයි­සන් ලබා දුන් විට සිදු­වන බර­ප­තල ඛේද­වා­ච­කය සම­හ­රුන්ට වගක් නැත. එහෙත් රාජ­පක්ෂ යුගයේ ඉති­හා­ස­ගත කැත වැඩ නැවත සිහි­පත් කර­න්නට පෙර මෑත ඉති­හා­සය පිරි­ක්සීම වටී. ඔවුන් කිසි­වෙක් එක කෙස් ගස­කි­න්වත් වෙනස් වී නැත. ඔවුන් ඔවුන්ම ය.

මේ දින­වල ගෝඨා පසු­පස සිටින චරිත දෙස බලමු.

ඉකුත් ප්‍රජා­තන්ත්‍ර විරෝධී නරි­නා­ඩ­ගම දින­වල පාර්ලි­මේ­න්තුවේ 'සොකරි නැටූ' වියරු කල්ලිය ගෝඨා පිටු­ප­සින් සහ ගෝඨාට පරි­වාර ගමන් යමින් සිටී.

ප්‍රසන්න රණ­වීර එදා පාර්ලි­මේ­න්තුවේ නැටූ නාඩ­ගම කාටත් මතක ය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය බෙල්ලෙන් අල්ලා සොලවා පස්සට පයින් ගසා නාඩ­ගම් නටා,අහ­වර මිරිස් කුඩු ප්‍රහා­ර­යක්ද එල්ල කළ පිරිස අතර රස්ති­යා­දු­කාර ප්‍රමු­ඛ­යෙකි ඔහු.

පසු­ගි­යදා ගෝඨාගේ මූලි­ක­ත්ව­යෙන් පොහො­ට්ටුවේ තරුණ සමු­ළුව තිබ්බේය. එහි වේදි­කාවේ මූලි­ක­ත්වය ගත්තේ දිලුම් අමු­ණු­ගම ය. හෙතෙම දින 52 කුම­ණ්ත්‍රණ ආණ්ඩු වක­වා­නුවේ පාර්ලි­මේ­න්තුවේ මයි­ක්‍ර­ෆෝන් කඩා බිඳ දම­න්නට වෑයම් කළ කුප්‍ර­කට මහ­ජන නියෝ­ජි­තයා ය.

පාර්ලි­මේ­න්තුවේ සිටි­ය­වුන් එවක පිස්සු නැටූ හැටි සිහි­පත් කර­න්නට පෙර ප්‍රාදේ­ශීය සභා­වල තත්ත්වය විම­සීම වටී.

01. අනිල් චම්පික ජය­සිංහ : දැර­ණි­ය­ගල ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති – නූරි වත්තේ වතු අධි­කා­රි­ව­ර­යාගේ ඝාත­න­යට මරණ දඬු­වම නියම විය.

02. උදේනි අතු­කෝ­රාළ : වල­ල්ලා­විට ප්‍රා.සභාවේ හිටපු සභා­පති – තවත් ප්‍රාදේ­ශීය සභා සභා­ප­ති­ව­ර­යෙ­කු­ගෙන් (බෙන්තර ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති, ගයාන් සිරි­මා­න්න­ගෙන්) ලක්ෂ 15ක අල්ලස් ගෙන බන්ධ­නා­ගා­ර­ගත විය. මොහු දැන් පොහො­ට්ටු­වට සම්බන්ධ හිටපු පළාත් පාලන නියෝ­ජි­ත­යන්ගේ සංවි­ධා­නයේ කැඳ­වු­ම්ක­රු­වාය.

03. සාරුවා සුනිල් : අකු­රැස්ස ප්‍රා. සභාවේ හිටපු සභා­පති – බාල­ව­ය­ස්කාර දැරි­යක කෙලසා සිර­ගත වීමට සිදු වූ අතර තම හප­න්කම් සැම­රීම වෙනු­වෙන් සාද පැවැ­ත්වූ­වෙකි .

04. සම්පත් චන්ද්‍ර­පුෂ්ප : තංගල්ල ප්‍රා.සභාවේ හිටපු සභා­පති – බ්‍රිතාන්‍ය ජාති­ක­යකු (කුරාම් ෂෙයික්) මරා දමා ඔහුගේ පෙම්ව­තිය දූෂ­ණය කොට වසර 20ක බර­ප­තල සිර දඩු­ව­මක් නියම විය.

05. නලින්ද රාජ­නා­යක : පූජා­පි­ටිය ප්‍රා. සභා හිටපු මන්ත්‍රී – තරු­ණි­ය­කට අත­වර කිරීම සම්බන්ද චෝද­නා­ව­කට සිර­ගත විය.

06. ජගත් ඒක­නා­යක : බද්දේ­ගම ප්‍රා. සභාවේ හිටපු උප සභා­පති – කුඩු ගැසී­මට මුදල් සොර­කමේ ගොස් සිර­ගත විය.

07. දිවු­ල­පි­ටිය ප්‍රා. සභා හිටපු සභා­පති : පස් ජාවා­රමේ යෙදී සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගන්නා ලදී.

08. ආර­ච්චි­ක­ට්ටුව ප්‍රා. සභා හිටපු සභා­පති : රජ­යට අයත් ඉඩ­මක් ව්‍යාජ ඔප්පු­වක් මගින් විදේ­ශි­ක­යෙ­කුට අලෙවි කොට අත්අ­ඩං­ගු­වට ගන්නා ලදි.

09. රඹෑව ප්‍රා. සභා හිටපු සභා­පති : අස­රණ ගොවි­යෙ­කු­ගෙන් 75000 අල්ල­සක් ගෙන වසර 13 කට සිර­ගත විය.

10. බේරු­වල ප්‍රාදේ­ශීය සභා හිටපු මන්ත්‍රී රත්න­සිරි කළු­පෙ­රුම : කුඩා දරු­වක අප­යෝ­ජන කිරීමේ වර­දට අවු­රුදු 7 කට සිර­ගත වීය.

හිටපු පළාත් පාලන නියෝ­ජි­ත­යන් බල­යෙන් මත්ව පිස්සු කෙලීම සම්බ­න්ධව මෙබඳු උදා­හ­රණ තවත් අන­න්ත­වත් සැප­යිය හැකිය. නමුත් අප ඒ සියල්ල සඳ­හන් නොක­ර­නුයේ එසේ කළ­හොත් මේ සට­හන වෙනු­වෙන් පිටු කීප­යක් ම වෙන් කිරී­මට සිදු වන බැවිනි. මේ සියළු තක්කඩි දේශ­පා­ල­ක­යන් හට මහ­ජන නියෝ­ජි­ත­යන් ලෙස කට­යුතු කිරීමේ අව­ස්ථාව ලබා දුන්නේ ද මේ රටේ ඡන්ද දාය­ක­යන් ම ය. ඒ ඡන්ද දාය­ක­යන් සාති­ශය බහු­ත­රය දැන­ටත් ඡන්ද දාය­ක­යන් ම ය. අද මේ ඡන්ද දාය­ක­යන්ට ඇති අභි­යෝ­ගය වන්නේ මෙවැනි හොරුන්ට, වංචා කරු­වන්ට, තක්ක­ඩින්ට, ස්ත්‍රී දූෂ­ක­යන්ට, ළමා අප­චා­ර­ක­රු­වන්ට නොරැ­වටී තමන්ගේ නියෝ­ජි­ත­යන් ලෙස ගරු මන්ත්‍රී­තුමා යැයි කට­පුරා කිව ගැකි පිරි­සක් පළාත් පාලන ආය­තන වලට තෝරා පත් කර යැවීම ය.

හිට්‌ලර්ගේ ම්ලේච්ඡ­ත්වය විසින් එක දව­ස­කට ඝාත­නය කළ යුදෙ­ව්වන් සංඛ්‍යාව විසි­ද­හ­ස­කට අධික ය. එත­රම් අධික සංඛ්‍යා­ව­ක්‌ ­ස­ඳහා වෙඩි උණ්‌ඩ වැය කර­න්නට හිට්ලර් අපේක්ෂා නො‍කළේය. ඒ වෙනු­වට ගෑස්‌ ­භා­විත කිරීම වැනි තුච්ඡ වූ වෙනත් ක්‍රම සොයා­ග­නි­මින් දහ­ස්‌ ­ග­ණන් වූ අහිං­සක යුදෙව් ජාති­ක­යන් එක පොදි­යට මරා දැමු­වේය.

මිලි­යන ගණ­නින් තමා ඝාත­නය කළ යුදෙ­ව්වන් හෝ අන්‍ය ජාති­ක­යන් පිළි­බ­ඳව හිට්‌ලර් කිසි­දාක ශෝක වූයේ නැත.

'විය­තුන් උමතු වූ විට කරන ප්‍රකාශ ඔබව අවු­ළුවා තබ­නවා' යැයි කියන කතාව ඇත්තක් ය.

මේ සිදු­වෙ­මින් තිබෙන්නේ ඒ ව්‍යස­නය ය.

62 මාර්තු 30 හේන්පි­ට­ගෙ­දර ඥාණ­සීහ හිමියෝ මෙහෙම ප්‍රකා­ශ­යක් කළහ.

'මම දේශ­පා­ල­න­යෙන් ඈත්වෙලා ඉන්නේ. ඒත් මේක කිව යුතුයි. මේ රට සංව­ර්ධ­නය කර­න්නට නම් සිහ­ලු­න්ගෙන් වහ­ලු­න්ගෙන් මෙන් වැඩ ගත යුතුය. එහෙම කරන්න පුළු­වන් ආඥා­දා­ය­ක­ය­කුට මගේ උදව් ලැබෙනු ඇත' කියා ය.

මොන තරම් කෘත­හස්ත අය­කු­ගෙන් වුවත් 'කටට ආ පලි­යට' යමක් කියන අවස්ථා දැකිය හැකිය. දේශ­පා­ල­කයෝ පිස්සු නටන්නේ ඒ කියන ලද 'උමතු කතා' අතු­රු­පස කර­ගෙන ය.

මාධ්‍ය නිද­හස නැති, මානව නිද­හස නැති, ජීව­ත්වීමේ නිද­හස නැති, වෘත්තීය අර­ගල කිරීම් නිද­හස නැති, රටක් හදා වහ­ලුන් බවට මිනි­සුන් පත් කර­න්න­යැයි කියා ඉල්ලන ඉල්ලීම් ඒ වෙලා­වට හරි ජොලි ය. හැබැයි ක්‍රියා­වට නංවන විට සියල්ල සිදු වී හමාර ය. එත­කොට බබිත්, බබීගේ අම්මිත් කියන දෙන්නා ම සුන් ය.

සිහි­නෙ­කින් හෝ කල්පනා කරන විට ගෝඨා ජය­ග­ත­හොත් කැබි­නෙ­ට්ටුව හරී අපූරු සංක­ල­න­ය­කින් යුක්ත වනු ඇත. ජන­පති ගෝඨා...අග­මැති මහින්ද..මුදල් සහ ආර්ථික කට­යුතු බැසිල්..කතා­නා­යක චමල්...තරුණ කට­යුතු නාමල්..ශෂී­න්ද්‍රත් ආවොත් ඔහු­ටත් ඇම­ති­ක­මකි.සම­හ­ර­විට නිරූ­ප­මාත් ඇමති කෙනෙකි. ගෝඨාගේ බිරිය රණ­විරු අධි­කා­රි­යට ය. දුවලා පුතා­ලත් නිවඩු දමා අමෙ­රි­කා­වෙන් ලංකා­වට එනු ඇත.

මේ සිහි­නය ම බිහි­සුණු නොවේද?.

ඔය අතර ඉතිරි වෙන කුඩා කුඩා අව­ශේෂ ඇම­ති­කම් හිමි­ව­න්නන් අතර විමල්,රෝහිත,ජොන්ස්ටන්,කෙහෙ­ලිය,මහි­න්දා­නන්ද,එස්.බි,ඩිලාන්,වගේ අයය.

නි. අඇ­ම­ති­කම් අතර ප්‍රසන්න රන­වීර,ලොහාන් රත්වත්ත,දිලුම් අමු­ණු­ගම වගේ අයය.

කල්පනා කර­න්නට දෙයක් නැත. ඒ තරම් බිහි­සුණු සිහි­න­යක් ඔබ දකි­නවා නම් ඊට වඩා අවා­ස­නා­වක් තවත් නැත.

මානාභරණ

Comments