මම ගඟකි | Page 11 | සිළුමිණ

මම ගඟකි

 

සොබාදහම් මවගෙන් ලද අපූර්වතම දායාදයක් වන මම උස් කඳු මුදුනින් උපත ලබන දිය පොදක් වෙමි. අඟර දඟර දමමින් සොබා මාතාවගේ තුරුලේ අසිරිය විදිමින් මම නදී කොමළියක වෙස් ගනිමි. දහසක් බාධක ද මිනිසුන්ගෙන් එල්ල වන ගැහැට ද සමසිතින් ඉවසා පරිසරයට යුතුකම් ඉටු කරමි.

ඉඳහිට හමුවන ගල් පරයක හැපී ගමන වෙනස් කළ ද නොනැවතී ගලන ගඟක් වෙමි. මා තුරු හිස් සමඟ ගැටෙන මදනල සංගීතයට හා මිහිරි කුරුලු ගී හඬට මම බොහෝ ප්‍රිය කරමි.

එම්. එම් අචිනි සංදීපා

9 ශ්‍රේණිය

කුඩා කුසුම් බාලිකා විද්‍යාලය

බණ්ඩාරවෙල

Comments