ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමුව තිබේ.
ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමට අනුව ඔහු තවදුරටත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටීම සදාචාර නොවන බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ ඇවන්ගාඩ් සමාගමට නීති විරෝධි ලෙස ගිනි අවි රඳවාගැනීමට ආධාර හා අනුබල දීම, කුමන්ත්රණය කිරීම යන වැරදිවලට සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙසය. බොරු සාක්ෂි ගෙතීම සහ ඊට අධාර හා අනුබල දීම යටතේ දණ්ඩ නීති සංග්රහයෙන්ද ඔහුට චෝදනා කළ හැකි බව ඊට අමතරව තවත් චෝදනාවක්ද එල්ල වී තිබේ.