ලංගම මඟ නොතබන්නට යළි ගොඩ නැඟුණු | සිළුමිණ

ලංගම මඟ නොතබන්නට යළි ගොඩ නැඟුණු

1956 වසරේ ජනසතු කළ ලංගම බස් රථ සේවාවේ බස් රථ මෙහෙයුම් පද්ධතියත් නඩත්තු පද්ධතියත් ඉහළින්ම පැවතුණි. බස් රථ නඩත්තුවේ ප්‍රධාන අංශයන් දෙකක් වූ අතර එයින් දෛනික නඩත්තු තටයුතු ලංගම ඩිපෝ හරහා සිදු වූ අතර ඩිපෝ හරහා සිදු කළ නොහැකි නඩත්තු කටයුතු මෙන්ම බස් රථ අනතුරට පත්වීමේදී සිදුවන යළි පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන ආයතන දෙකක් ස්ථාපිත කෙරිණි. එයින් එක් නඩත්තු වැඩපොළක් ජාඇළ ඒකල සහ අනෙක් වැඩපොළ වේරහැරදී ස්ථාපිත කරන ලදී.

 

ඊට අමතරව ගාල්ල පෙට්ටිගලවත්තේ සහ මාතලේ කලුදෑවලද තවත් ස්ථාන කිහිපයකද බස් රථ නඩත්තු වැඩපොළ ස්ථාපික කළ අතර එයින් ඒකල සහ වේරහැර ප්‍රධාන වැඩ­‍ෙපාළ ලංගම හදවත බදු විය.

ඒ වැඩපොළ දෙකින් ඒකල වැඩ අධික වැටපාළ වු අතර ඉන්දියාවෙන් ගෙන්වනු ලබන බස් රථ චැසි සම්පූර්ණ බස් රථ බවට පත් කෙළේ ඒකල නඩත්තු වැඩපොළ මගිනි. සෙසු වැඩපොළ මගින්ද යම්කිසි බස් රථ සංඛ්‍යාවක් බොඩි ගැසීම සිදු කළද ඒ සුළු වශයෙනි.

එසේම බස් රථ එන්ජින් උපරිම ධාවනයක් සිදු කර එන්ජින් පූර්ළු වශයෙන් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය මකු වූ විටි සිදු කෙළේ ආපදා රථය මගින් ඒකල වැඩපොළ ඇදගෙන ගොස් එම බස් රථයේ අලුත්වැඩියා කළ යුතු එන්ජිම ගලවා තබාගෙන එ ්වන ිවට අලුත්වැඩියා කළ බස් රථ එන්ජිමක් එම බස් රථයට සවිකර පැය 6කට ත් අඩු කාලයකින් බස් රථය එදිනම අදාළ ‍ඩිපෝවට යන අතර කොළඹ හා ආසන්න ප්‍රදේශයක නම් එදිනම ඩිපෝවේ සිට ධාවන නටයුතු ආරම්භ කරනු ලැබේ.

දුර බැහැර ප්‍රඅදේශයක නම් එම බස් රථය කොළඹ සිට අදාළ ප්‍රදේශයට මගීන් සහිතව රාත්‍රී හෝ සවස් වරුවේ විශේෂ බස් රථයක් ලෙස ධාවනය කෙරිණි.

මේ එදා බස් රථ සේවාව හා ලංගම වැඩපොළ අතර තිබු සබැඳියාවයි.

එහෙත් කලකට පසුව ලංගම ජනතා සේවකයාට හෙනහුරා පැමිණි අතර දේශීය බස් රථ විශේෂයෙන් ලටෙක් බස් රථ පැමිණිමත් සමග වේරහැර වැඩපොළ ලංගමට අහිමි විය. ඒ සමගම ක්‍රමයෙන් ලංගම අනෙක් වැඩපොළද ක්‍රමයෙන් ලංගමට අහිමි විය.

එසේ වුවත් මේ වන විට ඒකල ඒ අහිමි වූ බස් රථ වැඩපොළ යළි වැඩ අරඹා ඇත. ඒ රජය සතු පූර්ණ සමාගමක් ලෙසිනි. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේය. ලක්දිව සමාගම නමින් වැඩ අරඹන ලද මේ සමාගම මේ වන විට සිංහයන් සේ වැඩ කටයුතු සිදු කෙරේ.

මේ වැඩපොළේ ඉතිහාසය දෙස අප මක් හැරී බැලිය යුතුය. ඒකල ඉංජිනේරු පුද්ගලික සමාගම නමින් අද හඳුන්වන බස් වැඩපොළ ආරම්භ කෙරුණේ 1974 වසරේ මාර්තු මස 14 වැනිදාය. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ නමිනි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අබලි බස්රථ අලුත්වැඩියා කිරීම ඒකල මධ්‍යම වැඩපළේ ප්‍රධාන කාර්යය විය. 1993 ජුනි මස 14 වැනිදා එම වැඩපොළ ජනතාකරණ සංකල්පය යටතේ ඒකල ඉංජිනියරින් වර්ක්ස් ලෙසින් නම් කෙරුණි. ඒ වන විටත් එහි සේවකයින් තුන්දහසකට අධික සංඛ්‍යාවක් සිටි නමුත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩයේ සිදුවූ අඩාල වීමත් සමඟම 1994 දෙසැම්බර් මස 19 වැනිදා සමාගම වසා දැමුණි. එය රජය සතු සමාගමක් ලෙසට නැවත වරක් ආරම්භවන්නේ 2001 වසරේ අප්‍රේල් මාසයේදීය.

එතැන් සිට 2018 වසර දක්වාම මෙම සමාගම සක්‍රියව පැවැතියේ මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මතය. එහෙත් මහා භාණ්ඩාගාරය මත යැපීම ඉවතලමින් තනියෙන් නැඟී සිටිය හැකි ආයතනයක් ලෙස එය ස්ථාපිත කෙරුණේ එම වසරේ මැද භාගයේ සිටමය.

සමාගම ශීඝ්‍ර දියුණුවක් නවීකරණයක් කරා ගමන් කරන ලදී. ඒ මේ වසරේ මැයි මාසය අවසන් වන විට එම සමාගම ප්‍රති නිෂ්පාදනය කළ බස්රථ සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ යාමෙනි. අපේ රටේ පැවැති දේශපාලන අවස්ථාවර භාවය නිසා මේ වසරේ ජනවාරී මාසයේදී බස්රථ නිෂ්පාදනය ඇණ හිටි නමුත් අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව යළි බස්රථ ප්‍රති නිෂ්පාදනය ආරම්භ කෙරුණේ මේ වසරේ පෙබරවාරී මාසයේ සිටය.

ඇමැතිවරයා ඒ සඳහා සමාගමට ක්‍රියාකාරී ඉංජිනේරුවරයකු නව සභාපතිවරයා ලෙස පත් කෙළේය. ඒ ඊ. ඒ. ටී. එදිරිසූරිය මහතාය. සභාපතිවරයා ලෙස ඔහුගේ පළමු රාජකාරිය වූයේ ඇණහිට තිබූ බස්රථ ප්‍රති නිෂ්පාදනය නැවත ආරම්භකිරීමය.

ඒ අනුව පෙබරවාරී මාසයේදී බස්රථ 7ක් ප්‍රති නිපදවීම සිදු කළ අතර මාර්තු මාසයේදී තවත් බස්රථ 14ක් නිෂ්පාදනය කරන ලදී.මේ ලෙසින් වේගයෙන් වැඩ ආරම්භ කළ ලක්දිව සමාගම පසුගිය මැයි මාසය අවසන් වන නිපැදවූ මුළු බස්රථ සංඛ්‍යාව 40ක් විය. එක් බස් රථයකින් ශුද්ධ ලාභය ලක්ෂ දෙකක් පමණ වන බැවින් මේ වන විට ලක්දිව සමාගම ඉපැයූ ශුද්ධ ලාභය ලක්ෂ 80ක් පමණ වන බවත් එය සමාගම පමණක් නොව ලංගමම ලැබූ ලොකු ජයග්‍රහණයක් බව සභාපති ඊ. ඒ. ටී. එදිරිසූරිය මහතා පවසයි.

තම සමාගමේ කාර්යභාරය ගැන පැවසූ සභාපති ඉංජිනේරු එදිරිසූරිය මහතා කීවේ කඩා වැටුණු මේ සමාගම ගොඩ ගැනීමටත් එහි වැඩි දියුණුවටත් අර්ජුන ඇමැතිවරයා විශාල කාර්යභාරයක් කරනු ලබන බවයි.

“ලක්දිව සමාගම ඉතිහාසයේ කඩාවැටීමකට ලක් වූ අවස්ථාවක එවකට නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි රෙජී රණතුංග මහතා වැටුප් පවා නොලැබ සිටි එම සේවකයින් එයින් මුදවා ගත්තා. එතැන් සිට නොයෙක් අභියෝග මැද ඉදිරියට පැමිණි මේ ආයතනයෙන් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ශ්‍රී ලංගම අබිලි බස්රථවල ප්‍රති නිෂ්පාදනය කිරීමයි. මෙහි බස් බොඩි අංශය, වීදුරු සහ වීදුරු රාමු, ආසන් කුෂන් අංශය, විදුලි අංශය, පින්තාරු අංශය සහ වඩු අංශය යනුවෙන් අංශ කිහිපයකට බෙදා තිබෙනවා. එම අංශවල බස්රථවලට අදාළ සියලු කටයුතු වෙන් වශයෙන් සිදු කරනු ලබනවා. එසේම බස් රථයේ පූර්ණ අධීක්ෂණය වෙනම නිලධාරීන් විසින් සිදු කරනවා. අනතුරුවලට ලක්වන බස් රථ යථා තත්ත්වයට පත් කිරීමේදී මේ සේවකයින් දක්වන්නේ පුදුමාකාර කැපකිරීමක්. අප ඒ බස් රථ යළි ඩිපෝ වෙත ලබා දෙන්නේ තිබුණාටත් වඩා හොඳ තත්ත්වයකින්. මේ සේවාව ඉතා හොඳින් සිදු අපිට ලාභ ලැබීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේ වන විට මසකට බස් රථ 15ක් අලුත්වැඩියා කිරීමේ ඉලක්කයක් සපුරා තිබෙනවා. ඒ වගේම අපේ මාසික ආදායම රුපියල්මිලියන 22.5 ට ළඟාවී තිබෙනවා...” ඒ සභාපති එදිරිසූරිය මහතායි.

කලකට පෙර සේවකයින්ට සහන මිලට තේ උගුරක් බීමටවත් නොහැකිව තිබුණු ලක්දිව වැඩපොළ මේ වන විට සේවකයින්ට නිදහස් බස් රථ ගමන් බලපත්‍ර පවා ලබා දෙන්නට කටයුතු කර ඇත. ඉදිරියේදී සේවක සුබසාධනය වැඩි කිරීමට සමාගම කටයුතු කර තිබෙනවා.

එසේම බස් රථ නඩත්තුවෙන් පමණක් රැදී නොසිට මේ වන විට නව ව්‍යාපාරික අංශයන් කෙරෙහිද ආයතනය අවධානය යොමු කර ඇත. ඒ අනුව නව මාදිලියේ බස්රථයක් හඳුන්වා දීමටද ආයතනය කටයුතු කර තිබේ. ඒ පසුගිය මාර්තු මස 22 වැනිදා සිකුරාදාය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතීතයේ භාවිත කළ බස්රථ ආකෘතියට අනුව එම නව මාදිලියේ බස්රථය නිපදවා ඇත. එහෙත් ඒ බස් රථයට නවීන පහසුකම් ද ඊට එක්කරමින් එවන් සාමාන්‍ය බස් රථයක් නිපැදවීමට යන මුදලට වඩා සියයට තිහක අඩු පිරිවැයකින් එම මාදිලියේ බස්රථයක් නිපැදවීමට හැකිවීම විශේෂත්වයකි.

1987 වසරේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල අනන්‍යතාව වූ බස්රථ බදෙහි නිල්පටියද මෙම නව මාදිලියේ බස්රථයට යොදා ඇත. අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඊට අමතරව තවත් ව්‍යාපාරික අවස්ථා රැමක්ම ඉදිරියේදී හඳුන්වා දෙන බවයි.

“අපේ අරමුණ වන්නේ මේ ආයතන පෞද්ගලිකකරණය කරන්න නෙමෙයි. ආරක්ෂා කර ගන්නයි. එතැනදී අපිට ගොළු බෙලි ගමනින් යන්න බැහැ. ගොළු බෙල්ලෝ වගේ කටුවකට සිරවෙලාඉන්නත් බැහැ. ඒ නිසා බස් රථ අලුත්වැඩියාවට පමණක් සීමා නොවී වෙනත් ව්‍යාපාර කෙරහිත් සමාගමේ අවධානය යොමු කරමින් සිටිනවා. විශේෂයෙන්ම සමාගමේ තියෙන සම්පත් එක්ක අපිට පුළුවන් දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ඇති කරන්න. රියදුරු පුහුණු වීම් මධ්‍යස්ථානයක් ඇති කරන්න. වාහන අලුත් වැඩියා අභ්‍යාස ආයතනයක් ආරම්භ කරන්න. ශ්‍රී ලංගම වගේම රජයේ සහ පෞද්ගලික අංශයේ වාහන අලුත්වැඩියා කරන්න. ඉස්සරහට දුම්රිය එංජින් පවා අලුත් වැඩියාකරන්න පුළුවන්දැයි කියලා අපි සොයා බලනවා. මේ වගේ මූලික ව්‍යාපාරයට අමතරව වෙනත් වෙනත් ව්‍යාපාරවලට අවධානය යොමු කිරීමෙන් සමාගම තවත් දියුණු කළ හැකි බව මම විශ්වාස කරනවා...” අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කීවේය.

ඇමැතිවරයාගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවූ සමාගමේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ වැඩසියයට අසූවකින් අවසන්කර ඇත.

ලක්දිව ඉංජිනේරු සමාගම අක්කර විසිපහක භූමිභාගයක් පුරා පැතිරුණු වැඩබිමකි. එයින් කළ හැකි සේ බොහෝය. සේවක පිරිසේ හෝ තාක්ෂණයේ හෝ කිසිදු අඩුවක් නැත. සියල්ලටම වඩා රාජ්‍ය සමාගමකි. ඒ රාජ්‍ය සමාගමේ අයිතිය සහිතව මහා භාණ්ඩාගාරයට බරක් නොවී යන මේ ගමන පවාහනයේ සැබෑම සංවර්ධකයකි.

 

Comments