
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනෙකු මරණයෙන් පසු සුගතිගාමී වෙනවාදැ?” දිනක් භික්ෂුවක් බුදු රජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය. “මහණෙනි; මේ පෘථීවියේ පවත්නා වැලි සහ පස් මිනිස් ගහනය හා සමාන වේ නම් සුගතිගාමී වෙන්නේ මෙන්න මේ තරම් වූ ස්වල්පයකි” යි නිය පිටින් පස් ස්වල්පයක් ගෙන තථාගතයන් වහන්සේ පෙන්වූ සේක.
සුගතිය නම් දිව්‍ය ලෝක සය හා මිනිස් ලෝකයයි. එසේ නම් මේ මිනිස් ලොව ජීවත්ව මිය යන සත්ත්වයා මරණයෙන් මතු උපදින්නේ සතර අපායේ ම ය. ඊට හේතුව හේතු ඵල දහමට අනුව මරණාසන්න මොහොතේ සිතට ලෝභ ද්වේෂ මෝහ අකුසල සිතක් පහළ වීමය. ආදරයක්, ආශාවක් ලෝභයක් හෝ තරහක්, ඊර්ෂ්‍යාවක් වෛරයත් අවසන් සිතේ පහළ වීම නිසා ඊළඟ ප්‍රතිසන්ධිය ඊට ගැළපෙන දුගතියක වීමය. එසේ නම් එයිනුත් වැඩි දෙෙනක් අප ජීවත්වන පරිසරය පුරා භූතාත්ම ලබා සැරිසරත; අනන්ත වූ කල්ප කාලාන්තරයක් අපේ ම මවුපිය ඥාති මිත්‍රාත්ව සිට අප ඇසුරෙහි ම සැරි සරති.
මෝඩ මිනිසා සිතා සිටින්නේ මරණයෙන් මතු දෙව්ලොව හෝ නැවත මිනිස් ලොව ඉපද සැප විඳින්නට ය. ඒ සඳහා මරණාසන්න මොහොතේ අලෝභ, අමෝහ යන ත්‍රිහේතුක කුසල සිතකින් ම මිය යා යුතුය. ඉතා දුර්ලභ දෙයකි.
අනන්ත වූ සසර අප සමඟ සම්බන්ධකම් පැවැත්වූ ඒ ඥාති භූතයන්ට අප හඳුනාගැනීමට “ඉවක්” වැනි ඥානයක් ඇත. මිනිසෙකුට හෝ උගත් පොලිස් නිලධරයෙකුට හොරෙකු හඳුනා ගන්නට නොහැකිය. හොර බඩුවක් තියෙන තැනක් සොයා ගන්නට නොහැකිය. එහෙත් බල්ලෙකුට පුළුවන. අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ එවැනි සත්ත්වයන්ගේ හැකියාවන් ද එසේමය. පින් පවු අනුව හැකියා ඇත්තෝ ද හැකියාවන් නැත්තෝ ද සිටිති.
විවිධ ක්‍රමවලින් දියුණු කළ මිනිස් සිත්වලට එවැනි භූතයන් සමඟ සම්බන්ධකම් හා අදහස් ගනුදෙනු කිරීමේ හැකියාවක් ඇත. එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල මළවුන් සමඟ කතා කරන මධ්‍යස්ථාන බොහෝ ඇත. ලංකාවේ ද “භූත ලෑල්ල” (ප්ලැන්ක්චට්) Planchette භූතයන් හා සමඟ ගතකරන, පැන්සලක් හා රෝද සහිත හෘදයාකාර ලෑල්ලක් භාවිත කොට මළවුන් ගෙන්වා කතා කරන, ස්ථාන පවත්වා ගෙන යති.
තවත් සමහරු භූතයන් අතට ගෙන්වා පැන්සලකින් කඩදාසියක ලියන ස්ථාන ද ඇත. තවත් සමහරු කාසියකට ඇඟිල්ල තබා කඩදාසියක ලියූ අකුරු වලට කාසිය යවමින් අකුරු වචන මඟින් අදහස් හුවමාරු කරති. ප්‍රශ්නවලට උත්තර ලියන ස්ථාන ද ඇත. හැබැයි මේ කතා කතා කරන භූතයා අප සිතා සිටින ඥාති භූතයාමද? මේ ලියන කාරණා සත්‍යම ද කියා පිළිගන්නට සහතිකයක් නැත. බොහෝ භූතයෝ බොරු කියති. බොරු ලියති. මිනිසා බොරු කියන හැටියට භූතයෝ, පවට උපන් භූතයෝ, බොරු නොකියාද? එසේ ම මේවා අත්හදා බලන්නට ගිය සමහරු පිස්සු හදාගෙන ඇතැයි අපවත් වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් ගවේෂණාත්මක සාධක සහිතව අප සමඟ පවසා ඇත. ඒවා මිත්‍යා විද්‍යාවන් බව ද පැවසූහ.
පාණදුරේ සශිකලා විසි අට හැවිරිදි ගුරුවරියකි. අවිවාහක ය. ආහාර අප්‍රියාව නිසා ඇය කෙට්ටු වී ඇත. හීනෙන් බියට පත්ව කෑ ගසන්නට වූවාය. බඩේ වේදනාවකින් පෙළෙන්නට වූවාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් හා ශාන්ති කර්මවලින් සුවයක් නොලද තැන ඇගේ මව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන ආවාය.
රෝගී සශිකලා පරීක්ෂා කළ ගවේෂකවරයා ඇගෙන් ප්‍රශ්න කළ විට ඇය කළ පාපෝච්චාරණ මෙසේය.
“මහත්මයා අපේ පවුලට දරුවන්ට හිටියේ නංගියි මමයි විතරයි. අපි දෙන්නා හරිම ආදරෙන් හිටියේ. මීට අවුරුදු තුනකට කලින් නංගි ඩෙංගු උණ හැදිලා මැරුණා. නංගි ගැන මට හරිම දුකයි. ඒ නිසා භූත ලෑල්ලක උදව්වෙන් මම නංගි එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන් ගත්තා. මම ප්‍රශ්න අහනවා. නංගි ගේ භූතාත්මය උත්තර ලියනවා. මෙහෙම ඉන්න කොට දවසක් මම ලියපු පැන්සලෙන් බලි බූත ලියවෙන්නට හිටියා. ඒ වේලාවෙ මගේ ඇඟට බර ගතියක් දැනුණා. ඊට පස්සෙ මම අසනීප වුණා. කරදර අවුල් ඇති වුණා. ගෙදර අඩි සද්ද ඇහෙන්නට පටන් ගත්තා. ගඳ පැතිරෙන්න ගත්තා. මම අසනීප වෙලා රස්සාවට ගියෙත් නෑ. ඊට පස්සෙ නංගි කතා කළෙත් නෑ.” යි කීවාය. ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඇයට උපදෙස් දුන්නේය. ඒ අනුව බෝධි පූජා පවත්වා නැවත ඔවුහු පැමිණියහ.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට සශිකලා දිෂ්ටි ගැන්වීය. ඇගේ ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කරන්නට වූයේය. භූතයා ඉතා රෞද්‍ර අන්දමින් හූ කියන්නටත් තදින් ගොරවන්නටත් විය. ගවේෂකවරයා කතා කළත් භූතයා රවන්නටත් ගොරවන්නටත් වූයෙන් ශක්ති කිරණ එල්ල කොට දවාලන්නට විය. මෙසේ සතිපතා දින තුනක් භූතයා දවා දුර්වල කොට ඇගේ ශරීරයෙන් එළියට ඇද දැමූ පසු නංගිගේ භූතාත්මය මතු වී ආවාය.
“කවුද මේ ශරීරයෙන් මතුවෙලා ආවේ?” යි ගවේෂකවරයා ඇසීය.
“මොනවා වෙලාද මැරුණේ?”
“ඩෙංගු උණ හැදිලා”
“ඇයි මේ අක්කට කරදර කරන්නේ? අසනීප කරන්නේ?”
“නෑ... නෑ... මගේ අක්කාට මම ආදරෙයි. මම කරදර කරන්නේ නෑ.”
“එහෙනම් අසනීප කරන්නේ?”
“ඒවා කළේ අර යක්ෂයා. අක්කයි මමයි ආදරෙන් අදහස් හුවමාරු කර ගනිමින් ඉන්න කොට දවසක් අරූ ඇවිත් මට ගහලා පන්නලා අක්කාගේ ශරීරයට රිංගා ගත්තා. ඊට පස්සෙ මට එන්න දුන්නේ නෑ. මම ඈතට වෙලා අඬ අඬා හිටියා. අරූ අක්කාගේ ශරීරයට ආසාවෙන් තමයි රිංගා ගත්තේ. ඌ හරි නපුරුයි. අක්ක ප්‍රතිකාර ගත්ත මහත්තයා ළඟට ආවාටත් තරහයි. එදා අක්කා පළමුවෙන් මෙතැනට ඇවිත් ආපහු ගෙදර යනකොට බස් එකෙන් බහින කොට වැටිලා අක්කාගෙ කකුල තුවාල වුණා. ඒක කළෙත් අරූ තරහට. අනේ මහත්තයා මෙග් අක්කාව සනීප කර දෙන්න”යි සූමීගේ භූතාත්මය අඬන්නට වූවාය.
“මිනිස් ශරීරයට අමනුස්සයෝ ආදරයෙන්, ආවත් තරහෙන් ආවත් අසනීප වෙනවා. අක්කා දැන් ඔයාට තියෙන ආදරය නිසා නිතර නිතර කතා කරනවා. තමන්ගෙ දියුණුවක්, අනාගතයක්, විවාහයක් ගැන හිතන්නේ නෑ. දැන් ඔයා ගැනමයි හිතන්නේ. ඒකෙන් අම්මත් අක්කත් විඳිනවා. දැන් අක්කා රස්සාවට යන්නේ නෑ. ස්ත්‍රීන් ගැන ආසාවෙන් මැරුණු අමනුෂ්‍යයෝ මැරිලත් ඒ ගති ගුණවලින්මයි ඉන්නේ. අවස්ථාව ලැබුණු ගමන් ඒ වගේ ස්ත්‍රීන්ගේ ශරීරවලට රිංගනවා. එහෙම රිංගන්නේ ශරීරය වටා පවතින ශක්ති වළල්ල (ඕරා) දුර්වල වුණා ම.
ඔය භූත ලෑල්ල නිසා අක්කා තමන්ගේ ආධ්‍යාත්මීය ශක්ති වර්ධනය ගැන හිතන්නේ නෑ. පිනක් දහමක් කරන්නේ නෑ. නිතරම නංගි එක්ක ම කතා කර කර ඉන්නවා. මෙහෙම යන කොට තවත් අමනුෂ්‍යයෝ ඔයාට ගහලා පන්නලා ආයෙත් අක්කාගේ ශරීරයට රිංගලා කරදර කරාවි. එහෙම වෙලා අක්කාවත් මැරිලා අපායකට යාවි. එතකොට ඔයාට ඔය ආදරණීය අක්කාව දැක ගන්නවත් ලැබෙන්නේ නෑ. අක්කාව මැරෙන්න අරිනවාද? සුවපත් කර පිනට දහමට යවනවාද? මේ දෙකෙන් එකක් ඔයා තීරණය කරන්න. අක්කා සනීප වුණොත් පින් දහම් කර ඔයාට පින් අනුමෝදන් කර ඔයාවත් ඔය දුගතියෙන් ඉහළ තලයකට යවන්න පුළුවන්. ඒ පින් අරගෙන ඔයා දිව්‍ය ලෝකයකම යන්න. අක්කාත් පින් කර දිව්‍ය ලෝකයට ඒවි. එහේදි මුණ ගැහෙන්න පුළුවන්” යැයි සූමීගේ භූතාත්මය දැනුවත් කළේය.
“අනේ! මහත්තයා මෙග් අක්කාට හොඳක් වෙනවා නම් මම ඒකට කැමතියි” භූතාත්මය කීවාය.
ඉන් පසුව සශිකලාට පියවි සිහිය ගෙන දී ඇයටත් මවටත් මේ අන්දමින් ම කරුණු පැහැදිලි කොට දැනුවත් කළේය. නිෙවසේ සාංඝික දානයක් පිරිනමා සුමිත්‍රාගේ නම කියා පැන්වඩා පින් අනුමෝදන් කොට නැවත එන ලෙස උපදෙස් දුන්නෝය. ඇයටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.
දානය පිරිනමා ඇය නැවත පැමිණි දින සුදුමල් වට්ටියක් ගෙන්වා, සූමීගේ භූතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම කළුතර බෝධි පරිශ්‍රයට යැවිය.