
කව් ලැකියෙහි දක්නට නැති ගාත්රාක්ෂර අතුරෙහි නාසික්‍ය අක්ෂර දෙකකි. කණ්ඨජ නාසික්‍යය. වන ඞ-යන්න තාලුජ නාසික්‍යය වන ඤ-යන්න ඒවාය.
නාසික්‍ය ඞ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට එන විට ඒ නාසික්‍යය බැහැර විණ. එසේ වූයේ ඞ-යන්නට පරව ක-යන්නක් යෙදුණු විට ය. ඞ-යන්නට පරව ග-යන්නක් යෙදිණි නම් එ් වෙනුවට සඤ්ඤක ඟ-යන්න ආදේශ වේ.
ලෙව් ලැකිය කව් ලැකිය
ඞ්-ක
අඞ්කුර අකුර
අඞ්කුස අකුසු
අලඞ්කාර ලකර
ලඞ්කා ලක්
වඞ්ක වක්
සඞ්කා සැක
ඞ-යන්නට පරව ග-යන්නක් හෝ ඝ-යන්නක් යෙදිණි නම් ඒ වෙනුවට සඤ්ඤක ඟ-යන්නක් ආදේශ විණ.
ඞ්-ග
අනඞ්ග අනඟ
ගඞ්ගා ගඟ
තරඞ්ග තරඟ
තුඞ්ග තුඟු
සඞ්ඝ සඟ