ආදරය වපු­රන්නෝ ලේඛ­ක­යෝ ය | සිළුමිණ

ආදරය වපු­රන්නෝ ලේඛ­ක­යෝ ය

අක්සායි කොක්සායි සරි­සායි මම නුඹ
මුළු ලෝකෙ හැම­තැන හෙව්වා
එන­මුදු නුඹ වැනි වෙනත් කෙනෙක් මම
කොහේ­දි­වත් දැකලා නැතිවා...

සුල්ත­න්මු­රාත් සිය පෙම්පත් අව­සා­නයේ ලියන්නේ මේ ගී දෙප­දය ය. පොත කියවා ඇති ඔබ දැන­ට­මත් සුල්ත­න්මු­රාත් ගේ පෙම්ව­තිය කවු­දැයි කියා දනී. ඔහුට අනුව ඔහුගේ මේ පෙම්ව­තිය පොප්ලර් ගසක් මෙන් සිහින් ය. හිම මෙන් සුදු ඇගේ මුහුණේ පිහිටි දෙනෙත නම් ඕනෑ ම අඳුරු රාත්‍රි­යක වුව ඇවි­ලෙන ලැව් ගින්නක් මෙන් දීප්ති­මත් ය. ප්‍රේම­යට හැම දෙයක් ම පෙනෙන්නේ සුන්දර ව බව ඔබ දනී. ‍

සුල්ත­න්මු­රාත්ට මේ පෙම්පත මිස­ර්ගල් වෙනු­වෙන් ලිවී­මට සිදු වන්නේ, කෙනකුගේ ජීවි­ත­යට එක ම එක වරක් පැමි­ණෙන සුන්දර යෞව­නය යුද්ධය විසින් පැහැර ගැනී­මට යන නිසා ය. තව දින තුන­කින් අක්සායි මෙහෙ­යුම වෙත යා යුතුව ඇති සුල්ත­න්මු­රාත්ගේ යෞවන සිතේ සිති­විලි විව­ර­ණය කර­න්නට කිර්ගී­සි­යාවේ උපන් අයි­ත්මා­තව්ට සම කළ හැකි ලේඛ­ක­යකු නැතැයි සිතෙන්නේ “වේලා­සන කොක්කු ඇවිත්” සුන්දර නව­ක­තාව කිය­වද්දී ය. “රාන්නයේ ෂුරව්ලි” නම් මේ සුන්දර නව­ක­තාව සිංහල අපි කිය­වන්නේ කිර්ගී­සි­යා­වට අයි­ත්මා­තව් වටි­නා­ක­මක් එක් කළේ යම් සේද; අපේ පුංචි ර‍ටට වටි­නා­ක­මක් එක් කළ ආචාර්ය ඩබ්ලියු.ඒ අබේ­සිං­හ­යන් නිසා ය.

චින්ගීස් අයි­ත්මා­තව් අප වෙත පිරි­න­මන මේ සුන්දර ගද්‍ය විය­මන මහා නව­කතා ගණ­යට නොගැනේ යැයි කෙන­කුට තර්ක කළ හැකිය. එහෙත් ඉව­සි­ල්ලෙන් කිය­වන විට එහි වන පුළුල් යටි­පෙළ හා දර්ශ­නය හසු වනු ඇත. එය එක් අත­කින් විප්ල­ව­යෙන් බිහි වූ නව කිර්ගී­සි­යාවේ සමාජ, ආර්ථික, දේශ­පා­ලන ඉදිරි ගමන ගැන කතා­න්ද­ර­යයි. තවත් අත­කින් ගැට­වර ප්‍රේම­යෙහි වන නොඉ­ව­සි­ලි­මත්, ආන­න්ද­ජ­නක කතා­න්ද­ර­යයි. තවත් අතෙ­කින් නව සමා­ජ­යක් ගොඩ­නැං­වීමේ ක්‍රියා­දා­ම­යේදී තරුණ දාය­ක­ත්වයේ කැප­වී­මයි. මේ සියල්ල ම පිටු­පස කුරිරු, බිහි­සුණු දෙවැනි ලෝක මහා සංග්‍රා­ම­යයි. මේ සියලු ප්‍රවේශ ගුරු කර ගනි­මින් කතු­ව­රයා සංය­ම­යෙන් හා ඉව­සී­මෙන් සුන්දර ගද්‍ය අඛ්‍යා­න­යක් ගොඩ නඟන්නේ ය.

සුල්ත­න්මු­රාත්ගේ ලියුම වෙනු­වට මිස­ර්ග­ල්ගෙන් ඔහුට ලැබෙන්නේ ඔවුන් දෙදෙ­නාගේ නම් මැසූ ලේන්සු­වකි. ඒ ලේන්සුව ඔහු­ගෙන් උදුරා ගන්නේ මිස­ර්ගල්ට පෙම් කරන තවත් කොලු ගැට­යෙකි. ඒ අන­තායී ය. විශාල දබ­ර­ය­කින් පසුව අන­තා­යීගේ අතෙන් ලේන්සුව උදුරා ගන්නා සුල්ත­න්මු­රාත් සිය ප්‍රේමයේ සට­නින් ජය­ගත්තේ යැයි උද්දා­ම­යෙන් සිටි­යදී මහලු චෙකිෂ් දුක්බර පුව­තක් මේ ගැට­ව­ර­යන් වෙත රැගෙන එයි. ඒ අන­තා­යීගේ පියා සතා­ර්කුල් යුද පෙර­මු­ණේදී දිවි පුදා ඇති බව ය.

අන­තායී වෙනු­වෙන් ඔහුගේ ශෝකය තුනී කරනු වස් තමාට කළ හැකි දෙයක් ඇති බැව් සුල්ත­න්මු­රාත් වටහා ගනියි. ශෝක වෙමින් සෙස්සන් පිටව ගිය පසු ඔහු අන­තායී කැටුව මුල්ල­කට යයි. මෙසේ කියයි. “ඔයා හිතන්ඩ එපා අන­තායී. මම ඒක ඔයාට ඕනෑ නම් - ඒ ලේන්සුව - ඔයාට තියා­ග­න්නම දෙන්නම්...”

ලේඛ­ක­යන් ආද­රය වපු­රන්නේ එසේය. ඒ ආද­ර­යෙන් පාඨක ලෝකය නැහැ­වෙන්නේ මුදු ගුණාංග වලින් හද­වත තෙමා ගනි­මිනි.

පෙරළා අන­තායී කුමක් පව­ස­න්නට ඇත්දැයි ඔබට මොහො­ත­කට හෝ සිතිය හැකිද?

“මොක­ටද සුල්තන්. නෑ මට එපා. ඒක ඔයාගෙ. ඒක ඔයා කාට­වත් දෙන්න වටින්නේ නෑ. ඉතින් මට... මට ඒකට සමා­වෙන්න. ඉතින් ඒකට සමා­වෙලා අම­තක කරලා දාන්න. මම ආයෙත් එහෙම කරන්නෙ නෑ සුල්තන්. මට දැන් ඕනැ කරන කිසිම දෙයක් නෑ. දැන් අපේ තාත්ත... අපි තාත්ත එන­තු­රුයි බලා­ගෙන හිටියේ.” ආද­රය, පරි­ත්‍යා­ගය එවැනි ය. එවැනි දේ ගැන අපට කියන්නෝ මේ වැනි හෘදය සංවේදි නිර්මා­ණ­ක­රුවෝ ය.

ප්‍රේමය යනු කවර හැඟී­ම­ක්දැයි කිව හැක්කේ කාටද? මේ ලොව බොහෝ කලා­ක­රුවෝ තම ප්‍රේම වියෝව අනෙ­කාට සෞන්ද­ර්ය­යක් බවට පත් කිරී­මට අනන්ත අප්‍ර­මාණ දුක් ගත්හ. මහෝ­ඝ­යක් තරම් වූ ස්නේහය ශෝකී මඳ පව­නක් කර සිත් පත්ලෙහි දිලෙන කඳුළු ගංගා­වක් බවට පත් කර­මින් ප්‍රේමය සදා­කා­ලික කළ කලා­ක­රුවෝ බොහෝ වන බැව් ඔබ දනී. ප්‍රේමය අහිමි වූ කල පිහි­යෙන් අනින, සිය දිවි හානි කර ගන්නා සමා­ජ­යක් වෙනු­වට එයෙ නිවී­මක් කළ සමා­ජ­යක් අපට බිහි වූයේ එප­රි­ද්දෙනි.

‘අසි­රි­මත් වූ දේකි මේ ලොව ප්‍රේමය නමිනා’ යැයි ලියූ සර­ච්ච­න්ද්‍රයෝ මළ­ගිය ඇත්තෝ, මළ­වුන්ගේ අවු­රුදු දා කෘති යුග­ල­යෙන් ප්‍රේමයේ වන සුන්ද­ර­ත්වය මෙන් ම වෙන්ව යෑම ද අපූ­රු­වට පාඨක ලොව වෙත ගෙන ආහ.

මේ සියලු දෑ ඔබ එක්තැන් කර­න්නට මා කල්පනා කළේ ලෝකය නිව­න්නට මෙන් ම අවු­ළු­ව­න්නට ද නිර්මා­ණ­ක­රු­වාට ඇති හැකි­යාව ගැන ඔබට කිය­න්නට ය. සාහිත්‍ය කියන්නේ සහිත බවට ය; එසේත් නැත්නම් පිරුණු බවට ය. පිරෙන්නේ මිනිස් වගෙහි ගුණ නැණෙනි; මිනි­සත් බවෙනි. සාහිත්‍ය යනු ‘මිනිස් වර්ග­යාගේ හෘදය සාක්ෂිය යැයි’ ඩේවිඩ් කුගු­ල්ති­නෝව් නම් සෝවි­යට් ලේඛ­කයා කීවේ ඒ නිසා ය. ලේඛ­නයේ රන්සුනු සොයන අප කලාවේ අර­මුණ ගැන සවි­ඥා­නක විය යුතු නිසා ම මේ ගැන ලියා තබ­න්නට සිතිණි.

[email protected]

Comments