අවු­රුදු 150කට පෙර තර­ගෙට පොත් අච්චු ගැසූ හැටි | සිළුමිණ

අවු­රුදු 150කට පෙර තර­ගෙට පොත් අච්චු ගැසූ හැටි

වේදි­කා­වල පොත් තබා­ගෙන විකි­ණී­මක් ඒ කාලයේ තිබුණේ නැත. පොත් මිටි බැඳ ගෙන ක‍රේ තබා­ගෙන ඇවිද විකි­ණීම වැඩි වශ­යෙන් තිබුණ සිරිත විය. මේ අය බොහෝ කොට පන්ස­ල්වල ඉස්කෝ­ල­වල නවා­තැන් ගත්හ.

මීට වසර 150 කට පමණ පෙර කොළඹ සිටි ප්‍රසිද්ධ පොත් වෙළෙ­න්දන් අතර මුල­ටම සිටියේ කොළඹ වේල්ල වීදියේ ජේ.ඩී.ප්‍රනාන්දු සහ කේ.ඩී. පෙරේරා මහ­තුන් බව ‘පැරැණි යුගයේ පොත් වෙළෙඳ තොර­තුරු’ මැයෙන් ‘නව­යු­ගය’ සඟ­රා­වට ලිපි­යක් ලියූ මොර­වක පී.එෆ්. අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුහ­න්දි­ර­ම්තුමා කියා තිබිණි.‍

“ජේ.ඩී‍. ප්‍රනාන්දු මහතා ‘ග්‍රන්ථ ප්‍රකාශ යන්ත්‍රා­ලය’ නමින් අච්චු කන්තෝ­රු­වක් පිහි­ටුවා බොහෝ පොත්පත් මුද්‍ර­ණ­යෙන් ප්‍රකා­ශ­යට පැමි­ණ­වීය. වැඩි වශ­යෙන් මුද්‍ර­ණය කෙළේ බුද්ධ ධර්මය පිළි­බඳ පොත් ය. ඒ අතර ජ්‍යොති­ශ්ශාස්ත්‍ර පොත් ද හුඟාක් ප්‍රසිද්ධ කළේ ය. ක්‍රි.ව. 1888 – 90 එහා මෙහා වර්ෂ වෙළෙ­ඳා­මට ඉතා දීප්ති­මත්ව පැවැත්තේ ය. ඒ මහ­තාගේ පුත්‍ර ජේ.ඩී. ධර්ම­සේන මහතා ද පියාගේ අඩි පාරේ ගමන් කර­මින් දීප්ති­මත්ව වෙ‍ෙළ­ඳාම ගෙන ගියේ ය. නමුත් අව­සාන කාලය ඒ තරම්ම ඵල­දායි වූහයි කියන්ට බැරි ය. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා 1845 ඉපිද 1924 දී පරලෝ­ක­ප්‍රාප්ත විය. කොළඹ සම­හර සිද්ධ­ස්ථාන දියුණු කිරී­මට ද මුදල් විය­දම් කෙළේ ය.

අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුහ­න්දි­රම් පවසා ඇති අන්ද­මට කේ.ඩී. පෙරේරා මහතා ‘විද්‍යා­දර්ශී’ නමින් මුද්‍ර­ණා­ල­යක් පිහි­ටුවා ඒ මගින් ශාස්ත්‍රීය වූ ද ආග­මික වූ ද බොහෝ පොත්පත් ප්‍රසිද්ධ කළ බවත්, මහ­නු­වර ඩබ්ලිව්.ඩී‍. පෙරේරා සහ පුත්‍රයා යන නමින් වෙළෙ­ඳාම ගෙන ගිය බව ද සඳ­හන් කරයි. පුත්‍රයා එංග­ල­න්ත­යට ද ගොස් පැමිණ ඇති අතර ටී.පී. එදි­රි­සිංහ නම් මහ­තෙක් ද මහ­නු­වර කොළඹ වීදියේ පොත් සාප්පු­වක් විවෘත කර තිබූ බව ද පවසා තිබිණි. කේ.ඩී. පෙරේරා මහතා පාන­දුරේ ඩී.එච්.ඇස්. අභ­ය­රත්න මහතා විසින් සංස්ක­ර­ණය කරන ලද කුස ජාත­කය, උම්මග්ග ජාත­කය, ජින­රා­ජ­වං­ශය යන පොත් සිති­යම් සහි­තව ප්‍රසිද්ධ කර ඇත. මේ පිළි­බ­ඳව අභ­ය­වි­ක්‍රම මුහ­න්දි­රම් වැඩි­දු­ර­ටත් මෙසේ කියා තිබුණි. ‘කාලි­දාස චරි­තය’ ලක්මිණි යන්ත්‍රා­ල­යෙන් නිකුත් විණි. 1890 දී වේර­ගම පුංචි බණ්ඩා මහ­තාගේ ‘සම්බුද්ධ චරි­තය’ පළ විය. මේ වනාහි වර්ත­මාන කාලයේ රචනා කරන ලද ප්‍රථම බුද්ධ චරි­තය විය. 1896 දී ලංකා ආග­මික ලිපි ප්‍රචා­රක සමි­තිය (The Ceylon Religious Tract Society) මගින් ඩී‍.සී.එච්. රත්නා­යක මහතා විසින් ලියන ලද ක්‍රිස්තු ජීවිත කතා­වක් ප්‍රකාශ කරන ලදී. ජේ.එච්.ඇස්. අභ­ය­රත්න මහතා ලියූ බුද්ධ චරි­ත­යක් රිචඩ් හෙන්රි­කස් නම් චිත්‍ර ශිල්පියා විසින් අඳන ලද සිති­යම් සහි­තව 1897 දී ‘ජින­රාජ වංශය’ නමින් පළ විය.

සයි­මන් ද සිල්වා වාසල මුදලි මුද­ලි­තුමා විසින් සංස්ක­ර­ණය කළ ‘උම්මග්ග ජාත­කය’ අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව මගින් ද ප්‍රසිද්ධ කර ඇති අතර 1875 දී මුල්ලේ­රි­යාවේ ගුණ­රත්න ස්වාමින් වහන්සේ හා නීතිඥ ඩබ්ලිව්.පී. රණ­සිංහ මහ­තාගේ සංස්ක­ර­ණ­යෙන් ද උම්මග්ග ජාත­කය ප්‍රසිද්ධ කර තිබූ බව ද පැවසේ. ඒ කාලයේ අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව මගින් ප්‍රකා­ශ­යට පත් කරන ලද කිය­වීම් පොත්, සාහිත්‍ය පොත්, ව්‍යාක­රණ පොත්ව­ලට එකල විශේෂ වටි­නා­ක­මක් ලැබී ඇත. මේ සඳහා විශාල මෙහෙ­යක් කර­මින් මේ ග්‍රන්ථ සංස්ක­ර­ණය කළ සයි­මන් ද සිල්වා වාසල මුද­ලි­තුමා (1840 – 1922) ය. කළු­තර ඒ‍.බී.ඇම්. අම­ර­සේ­කර මහ­තාගේ ව්‍යාක­රණ පොතත්, තිය­ඩෝර් ජී. පෙරේරා, දේව­ගැ­ති­තුමා විසින් ලියූ ‘සිංහල ව්‍යාක­ර­ණය’ පොතත් ‘පොත් අව­තු­දු­ස්වක හඳ එළිය මෙන් වූ බවත් එදා අධ්‍යා­පන කාර්යා­ලය ප්‍රසිද්ධ පොත් සාප්පු­වක ස්වරූ­පය ගෙන තිබුණා” යි අභ­ය­වි­ක්‍රම මුහ­න්දි­රම් තුමා කියා තිබිණි.

මීට වසර 100කට පෙර පසු කලෙක මහා ගත්ක­රු­වන් දෙදෙ­නෙ­කුට ප්‍රසිද්ධ පොත් වෙළෙ­ඳු­න්ගෙන් හා පොත් විකු­ණන පොත් ශාලා­ව­ලින් මුහු­ණ­පා­න්නට කටුක අත්දැ­කීම් ගැන ද අසන්න ලැබේ.

සාහි­ත්‍ය­කීර්ති ඩබ්ල්යු.ඒ. සිල්වා මහතා තම ප්‍රථම නව­කතා වූ ‘ශ්‍රියා­ලතා හෙවත් අනාථ තරු­ණිය’ (පසුව මේ නව­ක­තාව ‘සිරි­ය­ලතා’ නමින් හැඳි­න්විණි.) ලියන විට ඔහුගේ වයස සත­ළො­සකි. මේ නිසා එහි කර්තෘහු කිසි තල­තුනා පෙනු­මක් නැති නිකම් අමු කොල්ලෙකු වූ හෙයිනි. පොත් වෙළෙ­ඳුන් එකල ද කිහිප දෙනෙකු සිටි නමුත් එය ප්‍රකා­ශ­නය ඔවු­නට බාර­දී­මට තමා කිසි වෑය­මක් නොකළ බව ඩබ්ල්යු.‍ ඒ. සිල්වා මහතා විසින් 1956 නොවැ­ම්බර් 09 වැනි සිකු­රාදා ‘ලංකා­දීප’ පුව­ත්ප­තට ‘මගේ මුල් පිය­වර’ ලියන ලද ලිපි­යෙන් හෙළි කර තිබේ.

“විකුණා මුදල් දෙන කොන්දේසි පිට, පොත් වෙළෙ­ඳුන් හට පිට­පත් ටික ටික­වත් බාර දෙන්නට සිතා­ගෙන එකල ප්‍රධාන පොත් වෙළ­ඳුන් හැටි­යට ප්‍රසිද්ධ වූ ජේ.ඩී. ප්‍රනාන්දු මහ­තුන් වෙත ගියෙමි. මම ම පිට­පත් විසි පහක් පාර්සල් කර­ගෙන පෝස්ට­ර­යක් ද කාඩ්බෝ්ඩ­යක අලවා, ඊට නූලක් ලාගෙන, එසේ ගිය නමුත් තම වෙළෙඳ සලේ කළ­ම­නා­කරු, නික­ම­ට­වත් බැලී­මට පිට­ප­තක් අතට නොගෙන මට පලා බෙදූ හැටි මෙසේ ය.

“මොකක්ද මේ පොත”

“සිරි­ය­ලතා”

“මොකක්ද? සිරි­ය­ලතා කියන්නේ”

කළ­ම­නා­ක­රුගේ මේ දෙවැනි ප්‍රශ්න­යට හරි නම් මවි­සින් දිය යුතු වූයේ ‘මේ පොත’ යන පිළි­තු­රයි. එහෙත් ‍මම මෙහිදී එවැනි හයි හප­න්ක­මක් පෙන්වන්න නොගොස් “මේක නව­ක­තා­වක්” යි කීවෙමි.

“න- ව-ක-තා-ව-ක්” යනු­වෙන් කළ­ම­නා­කරු පණ අදි­න්නාක් මෙන් එය උච්චා­ර­ණය කොට ‘කවුද කත්තුරු’ කියා ප්‍රශ්න කළේ ය.

“මම”

“මහ­ත්ත­යද?”

“ඔව්”

“එහෙ­නම් හොඳට ඇති” යනු­වෙන් කළ­ම­නා­කරු අහක බලා­ගෙන තොල් මතුරා,

“ඕව විකු­ණන්න බැහැ මහ­ත්තයා, පිය­දාස සිරි­සේන මහ­ත්ත­යාගේ නව­කතා විත­රයි විකි­ණෙන්නේ” නැවත කීවේය.

“විකු­ණු­ණොත් කොමිස් අඩු කර­ගෙන මුදල් දෙන්න. නොවි­කු‍ණොත් මං පොත් ආපසු ගෙනි­යන්නං” මම කී වෙමි.

“බෑ බෑ නික­ම­ට­වත් අපි ඕවා බාර ගන්න සතුටු නැහැ. මෙහෙ තියන්න එපා” යනු ඔහුගේ අව­සාන පිළි­තුර විය.

ඩබ්ල්යු. ඒ‍. සිල්වා මහතා තමාට වූ පළමු අත්දැ­කීම විස්තර කොට ඊළඟ යාබද පොත් සාප්පු වූ ‘කේ.ඩී‍. පෙරේරා සහ පුත්‍රයා’ වෙත ගිය ගමන විස්තර කොට ඇත. එහි එදා සිට ඇත්තේ කේ.ඩී‍. පෙරේරා මහ­තාගේ පුත්‍රයා වූ කේ.එස්. පෙරේරා මහතා වඩා හොඳ මුහු­ණක් පෙන්වා සිල්වා මහතා සමඟ කතා කොට ඇත.

“මහ­ත්තයා නව­කතා පොත් විකි­ණෙන්නේ සිරි­සේන මහ­ත්ත­යාගේ විත­රයි. දැන් ඉතින් ගෙනාව වෙනු­වට පොත් මිටිය තියලා යන්න. විකු­ණු­නොත් සල්ලි දෙන්නං නැති නම් පොත් ආපසු ගෙනියා ගන්න බැරි­වැයැ” යනු­වෙන් ඒ මහතා කී විට මගේ සිතට ලොකු ධෛර්ය­යක් විය.

තවත් සති දෙකෙන් තුනෙන් පොත් වෙළෙ­ඳාම කිහිප ගුණ­යෙන් දියුණු විය. කේ.ඩී‍. පෙරේරා සහ පුත්‍ර­යා­ගෙන් එක­ව­ර­ටම පොත් සිය­යක ඕඩ­ර­යක් ලැබුණේ ය. නැවත සති­ය­කින් පමණ තවත් පොත් දෙසිය පණ­හ­කට ඕඩ­ර­යක් ලැබු­ණෙන් මගේ සිතේ සතුට ද දියුණු විය. මේ අතර ජේ.ඩී‍. ප්‍රනාන්දු මහ­තු­න්ගෙන් ද පොත් සිය­යක ඕඩ­ර­යක් ලැබුණ නමුත් මම ඔවු­නට පොත් නුදු­න්නෙමි. කීය­ට­වත් මගේ පොත් ඔවු­නට නොදෙන බව කියා වුව­මනා නම් පෙරේරා මහ­තු­න්ගෙන් ලබා­ග­න්නට කීවෙමි. මා කෙළේ හරි­ක­මක් නොවේ. එහෙත් කොලු වයසේ සිටි මට එවේලේ එය පෙනුණේ පලි­ගැ­නී­මට නිසි අව­ස්ථාව හැටි­ය­ටයි‍. ඉනි­ක්බිති පෙරේරා මහ­තුන් කොත­රම් ඉක්ම­නින් පොත් විකු­ණ­න්නට යෙදුණේ ද යත් නොබෝ කල­කින් තවත් මුද්‍ර­ණ­යක් අවශ්‍ය විය.”

ජේ.ඩී‍. ප්‍රනාන්දු සහ කේ.ඩී. පෙ‍රේරා යන මහ­ත්වරුන් තර­ග­යට මෙන් කට­යුතු කළ බව සාධක තිබේ.

මහ­ග­ත්කරු මාර්ටින් වික්‍ර­ම­සිංහ මහතා තම ප්‍රථම නව­ක­තාව වූ ‘ලීලා’ පළ කරන්නේ සිය 25 හැවි­රිදි වියේ එනම් 1914 වස‍රේදී ය. ඩිමයි අටේ පිටු සීයක පමණ වන ‘ලීලා’ නව­ක­තාව විකුණා ඇත්තේ සත පන­හ­කට ය. කඩ­දාසි, තීන්ත මුද්‍ර­ණය ලාබ වූ බැවින් පොතෙන් පිට­පත් දෙද­හ­සක් මුද්‍ර­ණය කර­ව­න්නට වික්‍ර­ම­සිං­හ­යන් විය­දම් කර ඇත්තේ රුපි­යල් 300 කටත් අඩු ගණ­නකි. නව­ක­තාවේ පිට­ක­ව­රය මුද්‍රිත අකු­රු­ව­ලින් සැරසී ඇති අතර පොතේ ඇතුළු පිටු­වක චිත්‍ර­යක් ඇතු­ළත් කොට තිබුණි. ‘ලීලා’ යනු­වෙන් ලොකු­වට මුද්‍ර­ණය වී ඇති අතර එහි පහළ වර­හන් තුළ “රස­වත් කතා­ත­රය’ නමින් කුඩා­වට කොට­සක් මුද්‍ර­ණය වී ඇත. මේ නව­ක­තාව ජී. ඩබ්ලිව්. චාර්ල්ස් ද සිල්වා සුභද්‍ර මුද්‍ර­ණා­ලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලදී” යන්නය. ඇතු­ළත තිබූ චිත්‍රයේ ශිල්පියා ගේ නම ජෝර්ජ් ඇලෝ­සි­යස් ය. මර­දානේ ආනන්ද විද්‍යා­ල­යට සමී­පව පොත් ප්‍රකාශ කර­මින් මුද්‍ර­ණය කළ පී.කේ.ඩබ්ලිව්. සිරි­ව­ර්ධන ‘ලීලා’ නව­ක­තාව කිය­ව­න්නට එපා යැයි තරු­ණ­යන්ට අව­වාද කර­න්නට ව‍ූ බව වික්‍ර­ම­සිං­හත් තම ‘‍උපන්දා සිට’ කෘතියේ සඳ­හන් කර ඇත. එහි මෙසේ ද සඳ­හන්ව ඇත.

“1915 ලක්දිව පැතු­රුණු මුස්ලිම් කැරලි කෝල­හ­ලය නිසා කොළඹ හැර ගමට යන්ට පෙර මම ඉති­රිව තිබුණ ‘ලීලා’ පොත් සිය­ල්ලම මගේ යහ­ළු­ව­කුට දුන්නෙමි. ඒ පොත්වල ඔහු කුමක් කෙළේ දැයි සොය­න්නට මම වෑයම් නොකෙ­ළෙමි. ඒ පොත් වේල්ල වීදියේ කේ.ඩී‍. පෙරේ­රාගේ පොත් සාප්පු­වට ඉතාම අඩු මිල­කට විකුණා මගේ යාළුවා මුදල් ලබා ගත්තේ යයි බොහෝ කල­කට පසු මට අස­න්නට ලැබිණ.”

මර­දානේ අංක 520 ස්ථානයේ ග්‍රන්ථා­දර්ශී අධි­පති පී.කේ.ඩබ්ලිව්. සිරි­ව­ර්ධන විසින් ‍ටිබෙට් ජාතික ඇස්. මහින්ද ස්වාමින් වහ­න්සේගේ ‘නිද­හසේ මන්ත්‍රය’, ‘නිද­හසේ දැහැන’, ‘ළමා කව් කලඹ, ලංකා මාතා, දරු නැළ­විල්ල හෙවත් ජාතික තොටිල්ල ආදී පොත් මෙන් ම ආනන්ද සම­ර­කෝන්ගේ කුමු­දුනී, සීගි­රිය ගීත සහිත නාට්‍යය ද ආනන්ද රාජ­ක­රු­ණාගේ ළදරු කවි මී - සාගර පළ­න්සූ­රි­යගේ සුදෝ සුදු ඇතුළු ධර්ම­ප්‍රිය, මායා­දුන්නේ, විජ­ය­සූ­රිය, දෙපො­ර­ගොඩ, තිබ්බො­ටුවේ සුමන, ශ්‍රී ධර්ම­වංශ යන හිමි­ව­රුන්ගේ ද ඩී.ජේ. දන්ගෙ­ද­රයෝ ආදී ලේඛ­ක­යන්ගේ නවීන කවි හා වෙනත් පොත් පළ කර ඇත. පී.කේ. සිරි­ව­ර්ධන ගැන අපූරු සට­හ­නක් මීමන ප්‍රේම­ති­ලක විසින් 1965 වසරේ ලියා පළ කළ “මගේ ප්‍රේමය කලාව හා ජීවි­තය” කෘතියේ එයි. ඒ මීමන කොළඹ ආනන්ද විද්‍යා­ලයේ ඉගෙන ගනි­මින් සිටිය දී ලියූ කවි මුල්ම පොත ගැන ය.

“ආනන්ද විද්‍යා­ලයේ උගන්නා සම­යෙහි මම අම්මා සහ තාත්තා සමඟ රජ­රට වන්ද­නා­වක ගියෙමි. පැරණි ගල් කණු, ගල් කැට­යම්, සඳ­කඩ පහන්, විහාර, බුදු පිළි­ම­යක් තදින්ම මගේ සිත් ගනී. මේ මගේ ජාතියේ උපන් මුතුන් මිත්තන්ගේ වැඩ යැයි මා තුළ ඇති වූ ආඩ­ම්බ­රය නිම් හිමි නොවීය. ආන­න්දයේ ශිෂ්‍ය­ය­කුට සිටි­ය­දීම ‘ශ්‍රී ලංකා’ නමැති කවි පොත මා අතින් ලියැ­වුණේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. එය මගේ පළමු වැනි පොත ය. මර­දානේ පී. කේ.ඩබ්ලිව්. සිරි­ව­ර්ධන මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම පොතට මම රුපි­යල් දෙක­කුත් සත පන­හක් ලබා­ග­තිමි. පොතේ සම්පූර්ණ අයි­ති­යත් ඔහුගේ ය.

සිරි­ව­ර්ධන විසින් ප්‍රකා­ශ­යට පත් කළ ආනන්ද සම­ර­කෝන්ගේ ‘කුමු­දුනී’ පොතේ වර්ත­මා­නයේ භාවිතා කරන ‘ජාතික ගීය’ ද ඇතු­ළත්ව තිබුණි. 1951 නොවැ­ම්බර් 22 වැනිදා ‘නමෝ නමෝ මාතා’ නම් එම ගීතය ජාතික ගීය විය යුතු යයි කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කොට එයට ගරු කිරී­මක් වශ­යෙන් රුපි­යල් 2500ක් ප්‍රදා­නය කරන්ට රජය තීර­ණය කර ඇත. මේ වන­විට ආනන්ද සම­ර­කෝන් සිටියේ ඉන්දි­යාවේ ‘සැඩ­සුළං’ චිත්‍ර­ප­ටයේ වැඩ­ක­ට­යු­තු­වල නියැ­ළෙ­මිණි. ගීයේ අයි­තිය ගැන කරුණු තුනක් මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්න විසින් ලියූ ‘ආනන්ද සම­ර­කෝන් අධ්‍ය­ය­නය’ කෘතියේ සඳ­හන් කරයි.

“1953 පෙබ­ර­වාරි 15 වැනිදා සම­ර­කෝන් එවූ ලිපි­යක් ඉදි­රි­පත් කර­මින් ඔහුගේ බිරිය එම මුදල ලබා­ග­න්නට උත්සාහ කිරී­මයි. දෙවැන්න කුමු­දිනි පොතෙහි ප්‍රකා­ශක පී.කේ.ඩබ්ලිව්. සිරි­ව­ර්ධන එම මුද­ලට අයි­ති­වා­සි­කම් කියා සිටී­මයි. ඇටර්නි ජන­රා­ල්ව­ර­යාගේ තීර­ණය වූයේ මුද­ලෙහි අයි­තිය ප්‍රකා­ශ­කයා සතු බව ය.

ලංකා­දීප පත්‍ර­යෙහි චිත්‍ර ශිල්පී ජී.ඇස්.ප්‍රනාන්දු විකට චිත්‍ර දෙක­කින් සම­ර­කෝන්ට අත්වූ ඉර­ණම පෙන්වා දුන්නේ ය. පළ­මු­වන කාටූ­නය ඇඳ තිබුණේ “හිඟ­න්නාගේ පාත්තරේ හෙන­හුරා’ යන මාතෘ­කා­වෙනි. රජය නමැති ගැහැ­නිය සම­ර­කෝන් නමැති හිඟ­න්නාට රු. 2500 නමැති ආප්පය පිනට දෙයි. සිරි­ව­ර්ධන නමැති හෙන­හුරා ඉගිල විත් එය හොටෙන් ඩැහැ­ගෙන යයි.”

එදා (පනහ දශ­කයේ) මෙරට සිටි පොත් ප්‍රකා­ශ­ක­යින්ගේ අපූරු ගති ලක්ෂණ මෙයින් පිළි­බිඹු වෙයි.

මීමන ප්‍රේම­ති­ලක එතෙක් ලියූ පොත් ප්‍රසිද්ධ කළේ මර­දානේ පී.කේ.ඩබ්ලිව්. සිරි­ව­ර්ධන මහතා ය. සොහොන් බිම, කිරි­හාමි, මිනිහා, මර­ණය පාළු­ගම ආදී සිය­ලුම පොත් පළ කළේ සිරි­ව­ර්ධන මහතා බව පවසා ඇති මීමන ප්‍රේම­ති­ලක තම වැඩි­ම­හල් පුතු සුනිල් මාධව ප්‍රේම­ති­ලක ඉපදී දින­කින් ‘එතෙර’ නමැති පොත ඇම්.ඩී. ගුණ­සේන සහ සමා­ගමේ පාලක අධ්‍යක්ෂ ඇම්.ඩී‍. සිරි­සේන මහතා ගත්තේ සිරි­ව­ර්ධන මහතා පොත­කට ගෙවූ මුදල මෙන් දහ ගුණ­ය­ක­ටත් වැඩි මුද­ලක් ගෙවී­මෙන් බව සඳ­හන් කර තිබුණි. එකල නොරිස් පාරේ ඇම්.ඩී. ගුණ­සේන සමා­ගම ද පොත් මුද්‍ර­ණ­යට පිවිස සිටි­යහ.

අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුහ­න්දි­රම් තුමා පවසා ඇත්තේ පොත් වෙළෙඳ මහ­ත්ව­රු­න්ගෙන් වැඩි දෙනෙක් ස්වකීය ව්‍යාපාර ගෙන ගියේ පිට­කො­ටුවේ වේල්ල­වී­දියේ හා හතර වැනි හරස් වීදි­වල බවය. රථ­වා­හන තද­බ­දය කව­දත් එකසේ පැවැති නමුත් පොත් වෙළෙ­ඳාමේ ජය­භූ­මිය වී ඇත්තේ නොරිස් වීථි­යය. පොදු­ජන සාහිත්‍ය ග්‍රන්ථ 150 ක් පමණ ප්‍රකා­ශ­යට පත් කළ ඇන්.ජේ. කුරේ සහ පුත්‍ර මහ­තුන් විසින් විද්‍යා­සා­ගර මුද්‍ර­ණා­ල­යෙහි මුද්‍රා­පිත අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුහ­න්දි­ර­ම්තුමා විසින් රචිත ‘ප්‍රාති­හාර්ය ශතක විස්තා­රා­ර්ථ වර්ණනා’ නම් කවි සිලෝ ඒ අතර මුල් තැන ගෙන ඇත. ඩබ්ලිව්.ජෝන් පෙරේරා මහතා කුමාර විථියේ සුබෝධ යන්ත්‍රා­ලය නමින් අච්චු කන්තෝ­රු­වක් පිහි­ටුවා පොත් මුද්‍ර­ණය කර ඇති අතර මර­දානේ පී.ජේ. කරු­ණා­ධාර මහතා සුභා­ෂි­තය, ලෝවැඩ සඟ­රාව ආදී පොත් බහු­ලව වශ­යෙන් වෙළෙ­ඳාම් කර ඇත. ‘ශ්‍රී ලංකෝ­දය’ නමින් අච්චු කන්තෝ­රු­වක් පිහි­ටුවා පාඨ­ශාලා පොත් ආග­මික පොත් රාශි­යක් ආර්.ටී. පෙරේරා මහතා ද පිට­කො­ටුවේ පස්‍වැනි හරස් වීදියේ ‘ශ්‍රී භාරතී’ පොත් සාප්පුව අයිති යූ.පී. ඒක­නා­යක මහතා බෞද්ධ ධර්මය පිළි­බඳ පොත් බොහො­ම­යක් ප්‍රසිද්ධ කළේ ය. දහම් පොත් මිලදී ගැනී­මට බෞද්ධ භික්ෂ‍ූ­න්ව­හ­න්සේලා වැඩි වැඩි­යෙන් පැමි­ණීම නිසා ඒ මහ­තාට මුලදී හොඳ වෙළෙ­ඳා­මක් තිබී ඇත.

බෞද්ධ පොත් මුද්‍ර­ණය කි‍රීමෙන් මුළු රටම හඳු­නන දීර්ඝ කාලීන පළ­පු­රු­ද්දක් ඇති කොළඹ මාලි­ගා­කන්ද පාරේ (අද පූජ්‍ය හික්ක­ඩුවේ සුමං­ගල නාහිමි මාවත) පිහිටි සම­ය­ව­ර්ධන මුද්‍ර­ණා­ලයේ අධි­ප­තිව සිටියේ දොන් මාටින් වීර­මන් මහතා ය. යූ.පී.ඒක­නා­යක පඩි­තු­මන් ඇරඹූ ශ්‍රී භාර­තීය පොත් හලේ සේව­යට පැමිණි මාටින් මහතා තම ස්වාමියා මෙන් ම මහ­ජ­න­තා­වගේ ප්‍රසා­දය දිනා දියු­ණු­වට පත්ව ඇත. තමන්ගේ ම ව්‍යාපා­ර­යක් සම­ය­ව­ර්ධන නමින් අරඹා බෞද්ධ පත­පොත මුද්‍ර­ණය කිරී­මට අව­ස­රය ලබා ගත්තේ සත් පුරු­ෂ­යෙකු සේ මාටින් මහතා සැලකූ බව පැවසේ. සම­ය­ව­ර්ධන නාමය ශත වර්ෂ­ය­කට අධික කාල­යක් සිට බෞද්ධ පත පොත මෙරට ප්‍රච­ලිත කිරීමේ පුරෝ­ගාමී වූ මුද්‍ර­ණා­ල­යකි. අද සම­ය­ව­ර්ධන අධි­පති ආරි­ය­දාස වීර­මන් මහතා තම ලොකු තාත්තා වූ මාටින් ආරි­ය­දාස මහ­තාගේ ‍බෞද්ධ පොත් ප්‍රකා­ශන ව්‍යාප්ත කර­මින් නව­තා­ක්ෂ­ණය යටතේ අඛ­ණ්ඩව කර­ගෙන යයි.

ඒ කාලයේ දැන් මෙන් නොව පොත් තබා ගැනී­මට පොත් සාප්පු­ව­කට පොඩි ඉස­තෝ­ප්පු­වක් හෝ අඩි 10 ක 12 ක කාම­ර­යක් තිබු­ණොත් හොඳ­ටම සෑහෙන බව අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුහ­න්දි­රම් සඳ­හන් කර තිබුණි. අවු­රුද්දේ හැම මාස­යේම පාඨ­ශා­ලාව සංව­ත්ස­රික විභාග පව­ත්වා­ගෙන ගිය නිසා පොත් තමුන්ට පහසු සෙන­සු­රාදා, ඉරිදා දින­යක පැමිණ හෝ මුදල ගෙවා භාර ගන්නා ක්‍රම­යට හෝ ලබා­ගත හැකි වීලු. සාමාන්‍ය පොත් සාප්පු­වල ආණ්ඩුවේ පොත්ව­ලට සියේට පහක් ද අනික් කොයි පොත්ව­ල­ටත් සිය­යට දහ­යක කොමිස් එකක් දී ඇති අතර පහ­ළොහේ කොමිස් දෙන පොත් ද නොති­බුණේ නොවේ.

අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුහ­න්දි­රම් පැරණි පොත් වෙළෙ­ඳුන් ගැන අගනා විස්තර කර ඇත.

“වේදි­කා­වල පොත් තබා­ගෙන විකි­ණී­මක් ඒ කාලයේ තිබුණේ නැත. පොත් මිටි බැඳ ගෙන ක‍රේ තබා­ගෙන ඇවිද විකි­ණීම වැඩි වශ­යෙන් තිබුණ සිරිත විය. වැඩි වශ­යෙන් ඒ අය ගෙන ගිය පොත් නම් දෙව්දත් කථාව, තුන් සර­ණය, කළ ගෙඩි මාලය, උංචි­ල්ලා­වා­රම, ගජ­බි­න්නා­ලං­කා­රය, අන්ධ­භූත ජාත­කය, යසෝ­ද­රා­වත යනා­දි­යයි. සම­හර අය අනා­ග­ත­වංශ දේශ­නාව, සති­ප­ට්ඨාන සූත්‍රය, පිරිත් පොත යනා­දිය ගෙන ගියහ. මේ අය බොහෝ කොට පන්ස­ල්වල ඉස්කෝ­ල­වල නවා­තැන් ගත්හ. කෑම බීමට විය­ද­මක් නොයනු පිණි­සය. ජන­ග­හ­නය වැඩි වී පාඨ­ශාලා සුල­භ­වී­මත් මොනි­ටර් ක්‍රමය නැති කොට කණිෂ්ට ජ්‍යෙෂ්ඨ විභාග ඇති කිරී­මත් පොත් වෙළෙ­ඳා­මට මහත් වාසි­යක් විය. ඒ එක්කම ඇවිද ඇවිද පොත් විකි­ණීම ද නැති විය.”

මෑතක් වන­තුරු අපේ ඈත ගම්බද පොළ­වල කුඩ­යක් මුනින් අතට නවා එහි බෞද්ධ පොත් හා වෙනත් සඟරා විකු­ණන වෙළෙ­න්ඳන් ඉඳ­හිට දක්නට ලැබිණ.

කුම­ර­ජිත්

Comments