භික්ෂූන් වහන්සේලා දස දහසකට වැඩි පිරිසකට නොමිලේ පූර්ණ රක්ෂණ ආවරණයක් ලබාදීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගත් බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ‘සිළුමිණ’ ට පැවසීය.
ජීවිත හා සෞඛ්‍ය රැකවරණය සලසන මෙම රක්ෂණයෙන් හදිසි සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ දහය දක්වා මුදලක් ලබාදීමට මේ මඟින් හැකියාව ඇති බවත් ප්‍රථම රක්සණ ආවරණය භික්ෂූන් වහන්සේට ලබාදීම 20 වනදා සිදු කෙරෙන බවත් ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඕනෑම මුදල් හදිසි අවස්ථාවකදී භික්ෂූන් වහන්සේ නමකට රුපියල් 3500කට වැඩි මුදලක් ලබාදීමට ද මෙම රක්ෂණ ආවරණය මඟින් කටයුතු සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
ශාසනාරක්ෂක මණ්ඩල මඟින් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා මෙම රක්ෂණ ක්‍රමය ඉතා ඉක්මණින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර ඇති බව ඇමැතිවරයා කීය.
දුෂ්කරතා රැසක් මැද වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා රැසක් පිළිබඳව අමාත්‍යාංශයට ලැබුණු තොරතුරු මෙන් ම එම ප්‍රදේශවල සංචාරය කිරීමේදී තමන් ලැබූ අත්දැකීම් වලින් පසුව මෙම තීරණය ගත් බවද ඇමැතිවරයා පවසයි.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්