කව් ලැකියේ නැති ඵ-යනු භ-යනු | සිළුමිණ

කව් ලැකියේ නැති ඵ-යනු භ-යනු

 

ප-වර්ගයට අයත් මහාප්‍රාණ අක්ෂර දෙකකි.

මහාප්‍රාණ ඵ-යන්න

මහාප්‍රාණ භ-යන්න

මේ අකුරු දෙක ම කව් ලැකියෙහි නොයෙදේ, ඒ වෙනුවට ඊට අනුරූප අල්පප්‍රාණ අක්ෂරය හෝ වෙනත් අක්ෂරයක් හෝ යෙදීම කව් ලැකිය යි.

මහාප්‍රාණ ඵ-යන්න

ලෙව් ලැකිය කව් ලැකිය

ප-යනු ආදේශය ඵල පල

 

මහාප්‍රාණ භ-යන්න

බ-යනු ආදේශය අභය අබය, අබා

භද්‍ර බදුරු

භය බිය

භව බව

භාජන බඳුන්

භාණ්ඩ බඩු

භාර්යා බිරිය, බිරිඳ

භූමි බිම්

භේසජ්ජ බෙහෙත්

භෝජන බොදුන්

ලෝභ ලොබ

ශුභ සුබ

Comments