ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති බව වාර්තා වෙයි.මෙම සෝදිසි මෙහෙයුමේ දී යාපනය විශ්වවිද්‍යාලය හා ඒ අවට ප්‍රදේශයත් වෛද්‍ය පීඨයේ සිව්වන වසර සිසුන්ගේ නේවාසිකාගාරයත් විශේෂ පරීක්ෂාවට ලක් කර ඇත.යුධ හමුදා භට පිරිස් 300-450කින් යුත් කණ්ඩායමක් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.අද (03) දින උදෑසන 5 සිට මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.