මියගිය විදේශිකයන් 39න් 11ක් ම ඉන්දියානුවෝ | සිළුමිණ

මියගිය විදේශිකයන් 39න් 11ක් ම ඉන්දියානුවෝ

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් පිරිස 39ක් වන අතර ඉන් වැඩි පිරිසක් ඉන්දියා ජාතිකයෝය. ඉන්දියා ජාතිකයන් 11 දෙනකු එසේ මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇති පිරිස රටවල් 14කට අයත්ය. එංගලන්ත ජාතිකයන් 06 දෙනකු, ඩෙන්මාර්ක් 03, නෙදර්ලන්ත ජාතිකයන් තිදෙනකු මෙලෙස මියගොස් ඇත.‍ ඕස්ට්‍රේලියා, සවුදි අරාබි, ස්පාඤ්ඤ, ස්විස්ටර්ලන්තය, තුර්කිය යන රටවල ජාතිකයන් දෙදෙනා බැගින් බෝම්බයට ගොදුරු වී තිබේ.

ඇමෙරිකාව, බංගලාදේශය, චීනය, ජපානය, පෘතුගාලය යන රටවල එක් ජාතිකයා බැගින් මියගොස් ඇත. එම සංචාරකයන්ගෙන් නව දෙනකු පමණක් හඳුනාගැනීමට ඉතිරිව ඇති බව සංචාරක හා ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවසීය‍.

 

Comments