
කව් ලැකියේ නැති ථ-යනු ධ-යනු
ත-වර්ගයට අයත් මහාප්‍රාණ අක්ෂර දෙකකි.
මහාප්‍රාණ ථ-යන්න
මහාප්‍රාණ ධ-යන්න
මේ අකුරු දෙක ම කව් ලැකියෙහි නොයෙදේ.
ඒ වෙනුවට ඊට අනුරූප අල්පප්‍රාණ අක්ෂරය හෝ වෙනත් අක්ෂරයක් හෝ යෙදීම කව් ලැකිය යි.
මහාප්‍රාණ ථ-යන්න
ලෙව් ලැකිය කව් ලැකිය
ත-යනු ආදේශය ස්ථාන තන්-තැන්
ස්ථිර තිර
කථා කතා
මහාප්‍රාණ ධ-යන්න
ද-යනු ආදේශය ධන දන
ධරණී දෙරණ
ධර්ම දම්-දහම්
ධර්මිෂ්ඨ දැමිටු
ධාතු දා
ධූම දුම්
ධ්වජ දද
ධෛර්ය දිරි
පද මධ්‍ය ධ-යන්න අධිෂ්ඨාන අදිටන්
අධියර අදියර