විගොඩ සණස සභාපති අත්අඩංගුවට | සිළුමිණ

විගොඩ සණස සභාපති අත්අඩංගුවට

මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් විගොඩ සණස සමිතියේ කෝටි 75ක මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු වූ එහි සභාපති වූ සමීර සේනානායක නමැත්තා පසුගිය සිකුරාදා (19) ගම්පහ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගම්පහ ප්‍රසිද්ධ පාසලක් අසල සණස තට්ටු නිවාසයේ රථගාලේ රැඳී සිටින බවට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයකු විසින් බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුන් ‍හෝඩුවාවක් අනුව ගම්පහ පොලීසිය සිදු කළ සාර්ථක වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ගම්පහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා පැවසීය.

Comments