
මෙරට ඇති සමස්ත පාසල්වලින් 30%කට ආසන්න ප්‍රමාණයක අධ්‍යාපනය ලබන්නේ සිසුන් 100ට අඩු සංඛ්‍යාවක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත මඟින් අනාවරණය වේ. මේ වාර්තාවලට අනුව සිසුන් 50ට අඩු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් 1,486ක්ද සිසුන් 51ත්-100ත් අතර සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් 1560ක්ද ඇත. ලක්ෂ 40කට අධික සිසු පිරිසක් මෙරට පාසල් 10,194ක අධ්‍යාපනය ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
ඒ පාසල් අතර සිසුන් 4000කට වැඩි සංඛ්‍යාවත් අධ්‍යාපනය ලබන පාසල් 46ක්ද, සිසුන් 3001ත් 4000ත් අතර අධ්‍යාපනය ලබන පාසල් 88ක්ද තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තවලට අනුව මෙරට ඇති සමස්ත පාසල්වලින 77%කම අධ්‍යාපනය ලබන්නේ සිසුන් 500ට අඩු සංඛ්‍යාවකි. ඒ ප්‍රමාණය පාසල් 7851කි.