
දුම්රිය පීලිපැනීම් දෙකක් හේතුවෙන් කැලණිවැලි සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ.
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කිරුළපන ප්‍රදේශයේ දී පීලිපැනීමට ලක්ව ඇති බවයි.
එක් දුම්රිය මැදිරියක් පීලිපැනීමට ලක්ව ඇති අතර දුම්රිය පීලිගත කිරිම් ආරම්භ කර තිබේ.
මේ අතර ගාල්ල දුම්රිය ස්ථානය අසලදී ද ගාලු කුමාරි දුම්රිය පිලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.
මෙහිදි එක් දුම්රිය මැදිරියක් පීලිපැනීමට ලක්ව ඇති අතර එම දුම්රියේ මැදිරි කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන ඇත.