
අලුත් අවුරුදු උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමට විශේෂ පොලිස් මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව සහ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පවසයි.
බීමත්ව සහ අධික වේගයෙන් වාහන පදවන රියැදුරන් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරන බවද ඔහු සදහන් කළේය.
පසුගිය වසරවල වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් කළ රිය අනතුරු සිදුව ඇත්තේ අප්‍රේල් මාසයේ බැවින් මෙවර අප්‍රේල් මස පොලිස් මෙහෙයුම් තර කිරීමට පියවර ගත් බවද නන්දන මුණසිංහ මහතා කීය.