
බත්තරමුල්ල වෝටර්ස් එජ් සමාගම සඳහා කාමර 48 කින් යුත් හෝටලයක් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඒ සීමාසහිත සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත පිරි නැමීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.මෙම නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,288.7 මුදලකට මෙය ලබා දී ඇත.