මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 90%කටත් වඩා අවසන්ව ඇතැයි එම මාර්ග ව්‍යාපෘතියේ 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලාව්ෆර් ෂරීෆ් මහතා පවසයි.
ඒ අනුව මෙවසර මැදභාගයේදී මේ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට හැකි වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මෙරට දීර්ඝතම පාලම වන කි.මී. 10.8ක
දිගකින් යුත් ගුවන් පාලම සහ ගුවන් පාලම් මත තැනූ ප්‍රථම අන්තර්-හුවමාරුවද (අපරැක්ක) මේ අධිවේගි මාර්ගයේ ඉදිව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
මාතර-හම්බන්තොට...
එමෙන්ම අන්දරවැවදී මෙරට ප්‍රථම අධිවේගී - අධිවේගී අන්තර් හුවමාරුවද ඉදිව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.
රුපියල් බිලියන 252.5 ආධාර යටතේ ඉදි කළ මේ මාර්ගය ඔස්සේ කොළඹ සිට පැය 2 ක් හා විනාඩි 15කින් හම්බන්තොට දක්වා ගමන් කළ හැකි බවත් කතරගමට පැය 3ක් හා විනාඩි 15ක පමණ කාලයකින් ගමන් කළ හැකි වනු ඇතැයිද මත්තග සිට ලුණුගම්වෙහෙර හරහා මංතීරු 4කින් යුත් මාර්ගයක් සංවර්ධනය කර ඉදි කරමින් පවතින බවද ඒ මහතා කීවේය.