විග්නේශ්වරන් උතුරට un කාර්යාලයක් ඉල්ලයි | සිළුමිණ

විග්නේශ්වරන් උතුරට un කාර්යාලයක් ඉල්ලයි

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් විමර්ශනයට මෙන්ම අතුරුදන් වූවන් සොයාගැනීම සඳහාද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප-කාර්යාලයක් උතුරේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කර තිබේ.

ජිනීවා යෝජනාව මෙන්ම යුද අපරාධ විමර්ශනයද අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත්, මෙමඟින් මානව හිමිකම් කවුන්සිලයේ කීර්තිනාමයටද විශාල හානියක් සිදු වන බවත් විග්නේශ්වරන් මහතා ඒ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Comments