
ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ පාසල් 200ක රුපියල් මිලියන 3,938කට ආසන්න වියදමක් දරා ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීම පසු ගිය දා සිදුකෙරිණි.
මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය
කේන්ද්‍ර කර ගනිමින් කුලියාපිටිය ශාන්ත ජෝසප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැඟිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කරමින් පැවැත්වුණි.