
2019 වර්ෂය සඳහා වන අය-වැය යෝජනා ඇතුළත් අය-වැය කතාව මාර්තු මස 5 වැනි දින මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. ඒ අනුව අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු 6 වැනිදා සිට 12 වැනිදා දක්වාත්, කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වාත් පැවැත්වෙයි. අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 5 වැනි දින පැවැත්වීමට නියමිතය.