''ඛේමාගේ කොලුවා'' ගේ දේශපාලනයට දශක තුනක් | සිළුමිණ

''ඛේමාගේ කොලුවා'' ගේ දේශපාලනයට දශක තුනක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන ගමන් මඟ වසර 30ක් සැපිරීමේ විශේෂ උත්සවය අද (28) සවස 3.00ට කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

''සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා'' ලෙස නම් කර ඇති මෙම සැමරුම් උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වෙයි.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සමන්තා පවර් මහත්මිය විසින් සිදු කිරීමට නියමිතය.

Comments