කැල්ගරි විශ්වවිද්‍යාලය ලෝකෙන්ම ඉහළට ආ දා මගේ දෑසට කඳුළක් ආවා | සිළුමිණ

කැල්ගරි විශ්වවිද්‍යාලය ලෝකෙන්ම ඉහළට ආ දා මගේ දෑසට කඳුළක් ආවා

කැන­ඩාවේ විශිෂ්ට සර­ස­වි­යක් ජාත්‍ය­න්ත­රයේ ඉහ­ළට ගෙන ගිය අපේ මහා­චා­ර්ය­ව­රයා - ජානක රුව­න්පුර

දකුණු දිග කැන­ඩාවේ රොකී කඳු වැටිය පාමුල කැල්ගරි නග­රය අපූරු භූමි නිර්මා­ණ­ය­කට හිමි­කම් කියයි. කඳු පාමුල මිටි­යා­වත වස­රින් අඩක් පමණ ශීත දේශ­ගු­ණ­ය­කින් යුක්ත වන අතර සිසි­රයේ දැඩි හිම පත­න­යක් පවතී. වස­න්ත­යත් සම­ගම නව දලු ලා පිබි­දෙන නග­රය අමු­තුම සුන්ද­ර­ත්ව­යක් උසු­ලයි . එහි කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ලය සහ එය පිහිටි භුමිය නග­රයේ සිත් ඇද ගන්නා තැනකි. වඩා වැද­ගත් වන්නේ එය ලොව රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල අතර අද්වි­තීය නාම­යක් ඉසි­ලී­මය. එත­රම් දිගු ඉති­හා­ස­යක් නැති සර­ස­විය ජාත්‍ය­න්ත­රයේ ඉහ­ළට ගෙන­ගිය මිනිසා සොයා යන්නට කැන­ඩා­වේදී මට සිත් විය. ඒ අන් කරු­ණක් නිසා නොව ඔහු ශ්‍රී ලාංකි­ක­යෙකු වීම හේතු­වෙනි. කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ලයේ අන්ත­ර්ජා­තික කට­යුතු අංශයේ සහ­කාර උප කුල­පති මහා­චාර්ය ජානක රුව­න්පුර තෘප්ති­මත් සින­හ­ව­කින් මා පිළි­ගත්තේ ඔහුගේ කාර්යාල කාම­ර­යේ­දීය. එහිදී මා සිත්ගත් දසු­නක් වූයේ කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ලය සහ ඔහු පසු­ගිය වසර කිහි­පයේ දිනා ගත් ජය­ග්‍ර­හණ, සම්මාන සහ පද­ක්කම්ය.

ඔබ මහා­චා­ර්ය­ව­ර­යකු දක්වා ආ ගමන් මඟ ඇර­ඹෙන්නේ කොතැ­නින්ද?

ඒ පළමු පිය­වර කොළඹ නාල­න්දාවේ ප්‍රාථ­මික අංශ­යට හිමි­විය යුතුයි. කුඩා අව­දියේ එහි ඇතු­ළත් වීමට ලැබීම මගේ භාග්‍ය­යක්. මා ලබා­ගත් විනය, දැනුම හා පෞරු­ෂය නාල­න්දාවේ නිර්මා­ණ­යක්. ළමා කාලයේ කැපී පෙනෙන දස්කම් දක්ව­න්නට සමත් වුණේ නැතත් උසස් පෙළ මට්ට­මට එන විට විෂය බාහිර ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් මා ඉදි­රි­යෙන්ම හිටියා. කොටින්ම විදු­හලේ සිය­ලුම සංග­ම්වල නිල­තල දැරුවා. ඒ සියල්ල අත­රින් නාල­න්දාවේ බෞද්ධ සංග­මයේ නාය­ක­ත්වය දැරූ කාලය මට අම­තක කරන්න බැහැ. මම නාට්‍ය සහ කලා සංග­මයේ ලේකම් ලෙස අවු­රුදු දෙකක මහඟු සේව­යක් කළා.

ඔබ මහා­චා­ර්ය­ව­ර­යෙක් නිසා උසස් පෙළ සමත් වූ ආකා­රය පිළි­බද දැන­ගැ­නී­මට අපේ පාඨ­ක­යින් කැමති වේවි.

මට කුඩා කාලයේ වෛද්‍ය­ව­ර­යක් වෙන්න ආසා­වක් තිබුණා. පසුව ඉංජි­නේ­රු­වෙක් වෙන්න මං ආසා කළා. උසස් පෙළ ගණිත අංශයේ ඉගෙ­නුම ලබන විට මා පාසලේ සිටින දක්ෂම ශිෂ්‍ය­යන් කීප දෙනා­ගෙන් කෙනෙක්. හැබැයි මට සී තුනයි එස් එකක් වගේ ප්‍රති­ඵ­ල­යක් තමයි ලැබුණෙ. ඉංජි­නේ­රු­වෙක් වෙන්න, ඉංජි­නේරු පීඨ­යට යන්න එය ප්‍රමා­ණ­වත් ලකුණු ප්‍රමා­ණ­යක් වුණේ නෑ. තවත් වස­රක් ඉගෙන ගෙන එයට උත්සාහ කර­න­වද යන්න පිළි­බද සිත­මින් සිටින විට මගේ පියා ඉතා වැද­ගත් තීර­ණ­යක් ගැනී­මට මට උදව් කළා. දැනට ලැබී ඇති අංශ­යෙන් ඉදි­රි­යට යන්නැයි ඔහු කීවා. මම ප්‍රමාණ සමී­ක්ෂ­ක­යෙකු එහෙම නැති­නම් quantity surveyor කෙනෙකු වීමට ඉගෙන ගත්තා. මේ තීර­ණය මගේ ජීවි­තයේ විශාල වෙන­සක් ඇති කළ අඩි­තා­ල­මක් වුණා. පසුව මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ල­යේම සහාය කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස පත් වුණා. ඊටත් පසුව Fulbright ශිෂ්‍ය­ත්ව­යක් දිනා ඇමෙ­රි­කාවේ පශ්චාත් උපා­ධි­යට ඉගෙන ගැනී­මට පැමි­ණියා. ඒ ගමන් ම‍‍‍ෙඟ් අව­සා­නය තමයි මහා­චා­ර්ය­ව­ර­යකු වීම. අර­මු­ණක් සාක්ෂාත් කර­ගැ­නී­මට ඇත්තේ එකම මාර්ග­යක් පම­ණක් නොවේ. ඒ සඳහා විවිධ මාවත් තිබෙ­නවා. අවශ්‍ය වන්නේ ඒවා හඳුනා ගැනී­මයි. කෙසේ වෙතත්, ඉගෙ­නීම පිළි­බඳ අව­ධා­නය යොමු කිරී­මට මා දිරි­මත් කිරීම ගැන මගේ දෙම­වු­පි­යන්ට ගෞරව කළ යුතුය. ඔවුන් හැම දෙයක්ම මට ලබා දුන්නා පවුලේ එකම දරුවා ලෙස. මගේ පියා වසර 30 කට පෙර මා විශ්ව විද්‍යාල සිසු­ව­කුව සිටි­යදී මිය ගියා. මවත් මිය ගිහින්.

කැනැ­ඩා­වට පැමිණි ආකා­රය සහ කැන­ඩාවේ ජීවි­තය පිළි­බද ඔබ තෘප්ති­මත් ද?

ඇමෙ­රි­කාවේ පශ්චාද් උපා­ධිය හදා­රන කොට කැන­ඩාවේ ඇල්බර්ටා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ආරා­ධ­නා­වක් කළා. ඇමෙ­රි­කාවේ ඉතා උණු­සුම් ප්‍රදේ­ශ­යක ජීවත් වන මට ඔවුන් අධික සීත­ල­කින් යුතු පළා­තක පිහිටි ඇල්බර්ටා විශ්ව­වි­ද්‍යා­ල­යය බාර අර­ගෙන කට­යුතු කරන්න පුළු­වන් ද කියා ඇසුවා. මං ඇහුවා ඒ ප්‍රදේ­ශයේ මිනිස්සු ඉන්න­වද කියලා. පසුව මං කැන­ඩා­වට සංක්‍ර­ම­ණය වුණා. ඊටත් පසුව 2001, කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ල­යයේ සහාය මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස පත් වුණා. මෙම විශ්ව­වි­ද්‍යා­ලය මට හොඳින් සැල­කුවා. 2007 දී මම ව්‍යාපෘති කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ කැනඩා පර්යේ­ෂණ මහා­චා­ර්ය­ව­ර­යකු (Canada Research Chair) ලෙස පත් කළා. දැන් අන්ත­ර්ජා­තික කට­යුතු පිළි­බද සහාය උප­කු­ල­පති. ඊට අම­ත­රව මම දැනට ඉංජි­නේරු මහා­චා­ර්ය­ව­ර­යකු, කැන­ඩාවේ වර­ලත් ඉංජි­නේ­රු­ව­ර­යකු සහ වර­ලත් ප්‍රමාණ සමී­ක්ෂ­ක­ව­ර­යෙ­කුද වෙනවා.

කැන­ඩාවේ ජීවි­ත­යට ඔබ ඇලුම් කරන්නේ ඇයි?

මගේ නිල කාල­යේදී කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ල­යය ඉහ­ළට ගෙන ඒමට හැකි­වීම බොහෝ තෘප්ති­යට පත් විය හැකි කාර­ණා­වක්. මම විශ්ව­වි­ද්‍යා­ලය අන්ත­ර්ජා­තික කට­යුතු බාර ගන්න කොට තිබුණු තත්ව­යට වඩා හැම අතින්ම ඉහ­ළට ගේන්න මට පුළු­වන් වුණා. 2017 දි උතුරු ඇමෙ­රි­කාවේ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල අතර අන්ත­ර්ජා­තික කට­යුතු පිළි­බද ප්‍රථම ස්ථානය අපේ විශ්ව­වි­ද්‍යා­ල­යට හිමි වුණා. එදින මගේ දෑසට කඳු­ළක් ගෙනා දව­සක්.

මෙහි වැඩ කරන පුද්ග­ල­යාට වැඩ කරන්න සහාය හැම පැත්තෙන්ම ලැබෙ­නවා. කිසි­වෙ­ක්වත් ඊර්ෂ්‍යා කරන්නේ හෝ බාධා කරන්නේ හෝ නෑ. තමන් නීති­යට වැඩ කර­නවා නම් හැමෝම උදව් කර­නවා. හොඳ සැලැ­ස්මක් තියෙ­නවා නම් අනෙක් අය ඊට සහ­යෝ­ගය දෙනවා. විශේ­ෂ­යෙන්ම මගේ කාර්ය මණ්ඩ­ලය නොසි­ටින්න අපට මේ ඉල­ක්ක­යට ළඟා වෙන්න බෑ. කිසිම කෙනකු මා විදේ­ශි­ක­යෙකු ලෙස සැල­කුවේ නෑ. හැම දෙනාම එකම කණ්ඩා­ය­මක් ලෙස ක්‍රියා කළා. ඒ ගුණ­යට මම බෙහෙ­වින්ම ප්‍රිය කර­නවා.

ලංකාවෙ අපේ දරු­වන්ට ඔබේ හැකි­යා­වෙන් ගත හැකි ප්‍රයෝ­ජන මොන­වාද?

ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යාල උපා­ධි­ධා­රීන් දෙවැනි තැනට පත් නොවන බව මා අත්දැ­කී­මෙන් තරයේ විශ්වාස කර­නවා. ලංකාවේ විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට පුළු­වන් අපිත් සමඟ සම්බන්ධ වෙන්න. මා යටතේ ශ්‍රී ලංකාවේ පශ්චාද් උපා­ධි­ධාරී සිසුන් 15 දෙනෙකු (ශිෂ්‍යත්ව ඇතු­ළුව) උපාධි ලබා ගත්තා. විශේ­ෂ­යෙන්ම ලංකාවේ පර්යේ­ෂණ සඳහා විදේ­ශ­ගත වෙන්න කැමැ­ත්තෙන් සිටින දක්ෂ දරු­වන්ට මේ විශ්ව­වි­ද්‍යා­ලයේ අව­ස්ථාව ලබා දෙන්න අපි සූදා­නම්. ඒ සඳහා උසස් අධ්‍යා­පන අමා­ත්‍යං­ශය හරහා ක්‍රියා­ත්මක විය යුතුයි. ඔවුන් ඉල්ලී­මක් කළ යුතුයි. අපි සූදා­න­මින් ඉන්නවා ලංකා­වට අත දෙන්න. ශ්‍රී ලංකාවේ විශ්ව­වි­ද්‍යා­ල­වල කීර්ති­නා­මය ලෝක මට්ටමේ පර්යේ­ෂණ විශ්ව­වි­ද්‍යාල ලෙස වැඩි­දි­යුණු කිරී­මට මා ඉතාම කැමැ­ත්තෙන් උදව් කිරී­මට ලොකු උන­න්දු­ව­කින් සිටි­නවා.

මීට පෙරත් අප බොහෝ රට­වල් සමඟ සහ­යෝ­ගිතා හුව­මාරු වැඩ සට­හන් සාර්ථ­කව නිම කර තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම ලංකාවේ දක්ෂ සිසුන්ට තම ජීවි­තය හැඩ ගස්වා ගැනීම සඳහා අප බොහෝ අව­ස්ථා­වන් ලබා දී තිබෙ­නව. අපට කළ හැකි පම­ණින් අපේ රටේ මිනි­සුන්ට සේවය කිරීම අප සියලු දෙනාගේ යුතු­ක­මක් ලෙස ශ්‍රී ලාංකි­ක­යෙකු වශ­යෙන් මා විශ්වාස කර­නවා.

ඔබට අපේ දරු­වන්ට දෙන්න තියෙන අව­වා­දය කුමක්ද?

ශ්‍රී ලංකාවේ තරුණ දරු­වන්ට තිබෙන ප්‍රධාන ගැට­ලු­වක් තමයි තමන් යායුතු මඟ පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් නැති කම. ඒ ගැට­ලුව නිරා­ක­ර­ණය කර ගන්න නම් හොඳ අධ්‍ය­න­යක් සහිත සැලැ­ස්මක් අව­ශ්‍යයි. ඒ නිසා අනා­ග­තය සැල­සුම් කරන්න. ඊළඟ අවු­රුදු පහ, දහය මං මොකද කරන්නෙ කියල සැල­සුම් කරන්න. දැන් ඉඳ­ලම ඒකට සැලැ­ස්මක් හදන්න. කාලෙන් කාලෙට ඒ සැලැස්ම තත්වය අනුව වෙනස් කරන්න. තමන්ගෙ සැලැස්ම ඔළුවෙ තියා­ගෙන හැම­වි­ටම විශ්වා­ස­යෙන් වැඩ කරන්න.

දියුණු රට­වල ළම­යින්ට තරම් හොඳ මඟ පෙන්වී­මක් අපේ තරුණ පර­පු­රට ඇතැයි ඔබ සිත­න­වද?

දැන් තරුණ පර­පු­රට අන්ත­ර්ජා­ලයේ සහ­යෝ­ගය ලබා ගන්න පුළු­වන්. එහෙත් බොහෝ දෙනා තාමත් අන්ත­ර්ජා­ල­යෙන් නිසි ප්‍රයෝ­ජන ගන්න බවක් පෙනෙන්නෙ නෑ. ඉගෙන ගන්නා දරු­වෙ­කුට නිසි පරිදි මෙහෙ­ය­ව­නවා නම් අන්ත­ර්ජා­ල­යෙන් විශාල පිටි­ව­හ­ලක් ලබා ගන්න පුළු­වන් .

ඔබේ පවුලේ තොර­තුරු කොහො­මද ?

මට ඉන්නේ එක පුතයි. මගේ බිරිය සේනානි හමු­ව­න්නෙත් උසස් අධ්‍යා­ප­නය හදා­රන සම­යේදී ලංකා­වේදී. ඇය මගේ සාර්ථ­ක­ත්වය සඳහා බෙහෙ­වින් කැප වුණා. විශේ­ෂ­යෙන්ම මම පශ්චාද් උපාධි ශිෂ්‍ය­යෙක්ව සිටි­යදී ඇයට බොහෝ අභි­යෝග වලට මුහුණ දෙන්න සිදු වුණා. මගේ පුතා සෙනිරු බොහොම නිද­හසේ හිතන කෙනෙක්. ඔහුට අනා­ගත බලා­පො­රොත්තු ගොන්නක් තියෙ­නවා. ඒවා ඉටු­කර ගන්න පසු­පස සිට උදව් කරන එක තමා අප කරන්නේ. මාර්ගය සොයා ගෙන යාමට ඔහුට නිද­හස දීල තියෙන්නෙ. ලොවට ප්‍රයෝ­ජ­න­වත් හොඳ පුර­වැ­සි­යකු වීම ඔහුගේ කැමැ­ත්තයි. මූලික වශ­යෙන් දරු­වාගේ විනය ගෙද­රදී හැදු­වට පසුව දෙම­වු­පි­යන්ට බිය වීමට කාර­ණා­වක් නෑ. ඉන්පසු ඔහු නිද­හසේ ගමන යන්න දන්නවා කිය­ලයි මා හිතන්නේ.

කැන­ඩාවේ ඔබේ ජීවි­තය කොහො­මද?

කැන­ඩාව සංක්‍ර­ම­ණි­ක­යන් සමඟ බොහෝ කට­යුතු කරන විශිෂ්ට රටක්. අන් අයට ගෞර­ව­යෙන් සල­කන මිනි­සුන් සිටින ඉතා උසස් සදා­චා­රා­ත්මක සහ ගුණ­ධ­ර්ම­ව­ලින් අනුන රටක්. කෙසේ වෙතත් අපට තනි­ක­මක් දැනෙ­නවා. හුදෙ­ක­ලාව දැනෙ­නවා. අපට කැන­ඩාවේ පවුලේ සාමා­ජි­ක­යන් නෑ. අප කැන­ඩාවේ සුඛෝ­ප­භෝගී ජීවි­ත­යක් ගත කර­නවා කියා ශ්‍රී ලාංකි­ක­යන් සිතිය හැකිය. යම් දුර­කට අපට මෙහි ජීව­ත්වීම දුෂ්ක­රයි. ශීතල දේශ­ගු­ණික තත්ත්ව­යන් තුළ ජීවත් වීම පහසු නැහැ. අපි හැම දෙයක්ම කරන්න ඕනෑ අන් අයගේ උප­කා­ර­යක් නොමැ­තිව. නමුත් කැන­ඩාව ඉතා නිත්‍ය­නු­කූල රටක් ලෙස සෞඛ්‍ය, ප්‍රවා­හන හා යටි­තල පහ­සු­කම් අතර ඉහළ ගුණා­ත්මක ප්‍රති­ලාභ රැසක් ලබා දෙනවා. සැබැ­වින්ම මෙම ප්‍රති­ලාභ උපයා ගැනීම සඳහා අපි අපේ ආදා­ය­මට සරි­ලන ලෙස ඉතා ඉහළ බදු ගෙව­නවා. කැල්ගරි හි ශ්‍රී ලාංකික ප්‍රජාව බෞද්ධ විහා­ර­ස්ථාන පිහි­ටුවා තිබෙ­නවා. අපට කාලය තිබෙන විට අපි ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ඇසුරු කර­නවා. අප රටේ සංගී­ත­ඥ­යන් අපගේ නග­රය වෙත පැමිණ සංගීත සංද­ර්ශන ඉදි­රි­පත් කර­නවා. පසු­ගිය අවු­රුදු 24 තුළ අප කැන­ඩාව හා ඇමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ජීවත් වූ නිසා අපි මේ ජීවන රටාව සඳහා අනු­ගත වෙලා ඉන්නේ.

තරුණ වියේ ප්‍රේමය ගැන ඔබගේ අද­හස් මොන­වාද? විශේ­ෂ­යෙන්ම අධ්‍යා­ප­නය ලබන කාලයේ?

ඉගෙන ගන්න කාලයේ මමත් ප්‍රේම කරල තියෙ­නවා. ඒ අතර අනිත් කට­යු­තුත් හොඳින් කළා. හැම දෙයක්ම සම­බ­රව කර­ගැ­නීම තමයි දක්ෂ­කම කියල කියන්නෙ. එකි­නෙ­කට වෙනස් ක්‍රියා­කා­ර­කම් රැසක් කරන්න පුළු­වන් නම්, ඒ වගේම අව­දා­න­මක් දැරී­මට හැකි­යා­වක් තියෙ­නව නම් ඉන් තමයි පෞරු­ෂය ගොඩ නගන්නෙ. මම ඉතා ශුභ­වාදී පුද්ග­ල­යෙක්. මම හැම විටම විවිධ ව්‍යාපෘති මෙහෙ­ය­වන පුද්ග­ල­යෙක්. මම Impossible කියන වච­න­යට කැමති නැ. අප සදා­චා­රා­ත්මක හා වෘත්තී­ය­මය ලෙස, අපට ඕනෑම දෙයක් කළ හැකියි. අවශ්‍ය වන්නේ දැක්ම සහ කැප­වී­මයි.

නාරද විජ­ය­සූ­රිය

Comments