ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගු ණපාල

මේෂ

නිර්මාණශීලී වේ

ලග්නාධිපති කුජ ලග්නයේ ද, රාහු 4, කේතු 10 ද, ගුරු 8, ශනි 9 ද ගමන් කරයි. වචන පාවිච්චියේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටෙක තද ලෙස කේනන්ති යයි. විටෙක අනවශ්‍ය කරදර විටින් විට පැමිණේ. අනවශ්‍ය දේවලට වියදම් දැරීමට සිදු වේ. අධික වියදම් දැරීමට සිදු වේ. දුර ගමන් කිහිපයක් යෙදේ. වෙහෙස ඇති පා ගමන් යෑමට සිදු වේ. සතුරන් සමග ආරවුල් ඇති වේ. ගෙදරදොර කටයුතුවලදී ද තරමක් ප්‍රවේසම් වන්න. කෙසේ වුවත් පෞද්ගලික කටයුතු කෙරෙහි වැඩිපුර උනන්දුවක් දක්වයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ඉගෙනීම් කරන අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා


වෘෂභ

බාධා මැද දියුණුව

ලග්නාධිපති සිකුරු අටවැන්නේ සෙනසුරු සමගයි. රාහු 8, කේතු 9, ගුරු 7 ද ගමන් ගනී. මෙම ග්‍රහ පිහිටීම් තුළ අලාභ හානි, මිල මුදල් නැතිවීම නිතර ඇති වේ. කනගාටු, සිත් තැවුල් වරින් වර ඇති කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුය. බාධා ප්‍රමාදවීම් ඇති කළ හැකිය. බුද්ධිමත්ව ද ක්‍රියාශීලීව ද කටයුතුවල නියුක්ත වීම තුළ සාර්ථක පල ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතුවල දී අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට යහපත්ය. දියුණුවක් ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධවලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


මිථුන

සමපලදායකයි

ලග්නාධිපති බුධ, රවි භාග්‍යස්ථානයේය. චන්ද්‍රයාට හතේ සිකුරු, ශනි සිටී. රාහු දෙවැන්නේ සිටී. මිල මුදල් ලාභ අඩු විය හැකිය. ණය දීමෙන් ද, ණය ගැනීමෙන් ද වැළකිය යුතුය. එසේම වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කිසිම වැදගැම්මකට නැති දේවලට මැදිවීමට සිදු වේ. තමාට නොගැළපෙන අය සමග කටයුතු කිරීමට යෑමෙන් වැළකිය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද බුද්ධිමත්ව ද ඉවසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ද තරමක් අවධානයෙන් සිටිය යුත්තේය. අධ්‍යාපන ක්ෂේත්‍රවල සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


කට

ක්‍රමයෙන් ශුභ වේ

යෝගකාරක අඟහරු දිග්බලව රුචක යෝගයෙන් ද කර්මස්ථානයේය. බ්‍රහස්පති පූර්ව පුණ්‍යස්ථානයේය. මෙම පිහිටීම තුළ සුළු සුළු බාධාා අවහිරතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැපවීම තුළ ආර්ථික ලාභ ලබා ගත හැකිය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග ලබාගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී සමඟිය සහ සාමයට බාධා එල්ල නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සලසාගනී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා


සිංහ

සැප පහසුව අඩු වේ

ලග්නාධිපති රවි, බුධ සමග හත්වැන්නේය. ගුරු 4 ද, යෝගකාරක කුජ භාග්‍යස්ථානයේ ද සිටී. මෙම පිහිටීම් තුළ සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් වෘත්තීය සහ රැකියා අංශවල උදා කරගත හැකිය. දියුණුවක් ලබයි. ආර්ථික වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කෙරෙහි තරමක් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. උනන්දුව සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩාදියට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා


කන්‍යා

අධ්‍යාපනයට ශුභයි

ලග්නාධිපති බුධ, රවි හයවැන්නේය. අඟහරු 8, ශනි 4 ගමන් කරයි. ගුරු 3 සිටී. මෙම පිහිටීම අනුව සලකන කල ඔබේ කටයුතුවල කිසියම් ප්‍රමාදවීම්වලට ඉඩ පවතී. උත්සාහය සහ කැපවීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අධාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායක වේ. රුධිර පීඩනය, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


තුලා

යහපත් සතියක්

ලග්නාධිපති සිකුරු 3 වැන්නේ සෙනසුරු සමග සිටි. ගුරු දෙවැන්නේය. කේතු 4, රාහු 10 සිටී. මෙම පිහිටීම තුළ මෙම කාල සීමාව තුළ තමාගේ කටයුතු යහපත් වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් වේ. මිල මුදල් ලැබීම තුළ යහපත් ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල දී උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගනු ඇත. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


වෘශ්චික

ශුභා’ශුභ මිශ්‍රයි

ලග්නාධිපති කුජ හයවැන්නේය. රවි, බුධ 4 ද, සිකුරු, ශනි දෙවැන්නේ ද රාහු 9 ද ගමන් ගනී. මෙම පිහිටීම් තුළ ඔබට මිශ්‍රපලදායක බවක් ගෙන දේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කාර්ය බහුලත්වයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තරමක් දුරට ප්‍රවේසම් වන්න. බාධා එල්ල වනු ඇත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා


ධනු

කටයුතුවලට බාධා

ලග්නාධිපති ගුරු 12 වැන්නේය. ශනි, සිකුරු ලග්නයේය. කේතු 2, රාහු 8 වේ. මෙම කාල සීමාව තුළ තම කටයුතු සාර්ථක කරගත හැක්කේ බාධා අවහිරතා මධ්‍යයේය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු සුළු අවහිරතා මධ්‍යයේ වුව ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් අදා කරගත හැකිය. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් දුරට ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිනන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. තාක්ෂණික සහ කාර්මික අංශවල අයට යහපත්ය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා


මකර

විවිධ අංශවලින් ආදායම්

ලග්නාධිපති ශනි යෝගකාරක සිකුරු 12 ද, ගුරු 11 ද, කේතු ලලග්නයේ, රාහු 7 ගමන් කරයි. මෙම ග්‍රහ චලලිතයන් ගැන සැලකීමේ දී තමාගේ කටයුතුවලට ප්‍රමාදතා මධ්‍යයේ වුව ද අන්‍යයන්ගේ සහයෝගය, උපකාරය ලබයි. ඒ තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථකය. ආර්ථිකය යහපත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල සාර්ථක බවක් උදා කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. රුධිර පීඩනය, බඩවැල් ආශ්‍රිත රෝගයන්ට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


කුම්භ

මුදල් ලැබේ

ලග්නාධිපති ශනි, යෝගකාරක සිකුරු අයස්ථානයේය. ගුරු 10 ද සිටී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී සුළු බාධා අවහිරතා ඉස්මතු වුව ද ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. ගෙදරදොර කටයුතු යහපත් වුවත් වැඩකටයුතු අධික වේ. සමඟියට ශුභයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට යොමු වේ. ශරීරයට පීඩ, හතිය, වෙහෙස මහන්සිය දැනේ.

ජය වර්ණය- කොළ, අංකය- 08, දිනය- සෙනසුරාදා


මීන

ප්‍රවේසම් වන්න

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ද, යෝගකාරක කුජ දෙවැන්නේ ද, ශනි, සිකුරු 10 ද ගමන් ගනි. මෙම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා කටයුතුවල ක්‍රමික දියුණුවක් ද ලබයි. මිල මුදල් ලැබීමට යහපත්ය. විවිධ ක්ෂේත්‍ර තුළ සාර්ථක පල ලබයි. ගෙදරදොර කටයුතු යහපත් වුව ද විටෙක තද ලෙස කේන්ති යයි. වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය, ධනය, ශ්‍රමය වැය වේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. සෙම් පීඩා, උෂ්ණාධික රෝගවලට ඉඩ පවතී. ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

Comments