
ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම සමරුව වෙනුවෙන් 21 හා 22 දිනවලදී පින්කම් මාලාවක් ලේක්හවුස් මන්දිරයේදී පැවැත්වේ.
21 දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත්වෙන අතර, 22 දහවල් පිරිකර සහිත සංඝගත දක්ෂිණාවකි.
ලේක්හවුස් පාලනාධිකාරියේ මෙහෙයවීම හා අනුග්‍රහය ඇතිව, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සහ සේවක මණ්ඩලයේ දායකත්වයෙන් එම පින්කම් සංවිධානය කෙරේ.