
තේවලට සීනි, සයි ඇතුළු අහිතකර විවිධ දේවල් මිශ්‍ර කොට තේ නිපදවන කම්හල් හා එම්.සී.පී. ඒ නම් හානිකර වල්නාශක යොදා වගා කරන තේවලින් ලැබෙන දළුවලින් තේ නිපදවන කම්හල් තහනම් කොට වසා දමන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
ශ්‍රි ලංකා තේවල උසස් ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා බව පියවර ගන්නා බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා කිය.
ශ්‍රී ලංකාවෙන් ''සිලෝන් ටී'' නමින් අපනයනය කරන තේවල එම්.සී.පී.ඒ රසායනය මිශ්‍ර බවට ජපානයෙන් පැමිණිලි ලැබී තිබෙන බවත් එය අපේ තේ වෙළෙඳ පොළට බලවත් තර්ජනයක් බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.ඒ නිසා තේ පර්යේෂණ ආයතනය මඟින් අපනයන තේ සඳහා ප්‍රමිතියක් සකස් කරගෙන යන අතර එම ප්‍රමිතියට අඩු තේ අපනයනයට අවසර නොදෙන බව ප්‍රකාශ කළ ඇමැතිවරයා එවැනි තේ නිපදන වන කම්හල් ද තහනම් කිරිමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා පැවසුවේ ඇතැම් තේ නිෂ්පාදකයින් ක්ෂණිකව වැඩි ලාභ ලැබෙන අරමුණින් තේවලට විවිධ වර්ණ ,සීනි ආදි අහිතකර දේවල් මිශ්‍ර කරන බවයි.මෙයින් ශ්‍රී ලංකාවේ කීර් තී නාමයට ද විශාල හානියක් සිදු වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙයින් අහිතකර තේ නිපදවන කම්හල් 200ක් පමණ 2018 වර්ෂයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව තේ මණ්ඩලය විසින් වටලා නීතිමය පියවර ගත් බව ද ඇමැති නවින් වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ එක්සත් ජනපදයට යවන තේ කිලෝවකට රුපියල් 1061ක් ද සවුදි අරාබියට යවන තේ කිලෝවකට රුපියල් 1052ක් ද ජෝර්දානයට යවන තේවලට කිලෝවකට රුපියල් 921ක් ද ලැබෙන බවයි.එසේම අපනයන තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 600 ඉක්ම වන බව ද සභාපතිවරයා එහිදී කීය.