ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි | සිළුමිණ

ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතීමෙන් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරත් දන්වා සිටී.

 

Comments