
රට තුළ විකල්ප වාමාංශික පෙරමුණක් ගොඩනගන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනි.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම නව පෙරමුණ බිහි කරන බවත් ඒ සඳහා සියලු වාමවාදී බලවේග එක් කරගන්නා බවත් කුමාර් ගුණරත්නම් මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.