
“සොයනවද ඒ විරාමය...”
මනෝමය අන්තයක් මතට තමා විසින් ම තමා ම ඇද දැමීමට ඉතා කුඩා සිතිවිල්ලකට හැකි වුවද නිසැකව ම දෙපයින් නැගී සිටින විලංගු ලත් අපගේ මිනිස් වර්ගයාට නිත්‍ය වශයෙන් ම අවලංගුය. වලංගු, අවලංගු බව කෙසේ වුව ද තමා තුළ වූ සියලු සැර පහර ආබාධ තමාගේ ම තෘප්තියට ගෙන හෝ නොගෙන මෙන් ම එවැනි වෙනතකින් ආ අහිතකර රිදීම් රහිතව අප තුළ සංවර්ධනය වන කළු ද්වාරයක් වේ. නිරන්තර අත්දැකීමට භාජනය වන මෙම සංසිද්ධිය තුළින් යම් කාලයක් තුළ දී වන සිදුවීම් ජාලා නැවත හැර දැක්වීම හෙවත් රස විඳිම හෝ නොවිඳී ම නොදැනී ම වන්නකි. නමුදු මෙය මේ අයුරින් ම වැටහීම අපහසු වන්නේ එම ද්වාරයත් සමඟ පවතින තාත්විකත්වය තමාගේ දෙයට වඩා අන් අය මත පැවතීම සුලබ හෙයිනි. එමඟින් සදාතනික සිදුවීමක් මත පවතින වියහැකියාවක් ප්‍රත්‍යක්‍ෂ කිරිමට නොහැකියාවක් වර්ධනය වීමෙන් සිදුවීම් දෙකක් අතර පවතින සාපේක්‍ෂ පරස්පරතාවය හට ගැනීම සාමාන්‍ය කාල රාමුව තුල දී ධනාත්මක වුව ද ස්ථාවරව හඳුනා ගත නොහැක. තාවකාලික මතක රැසක් තුල දී ඉහත සංසිද්ධීන්ට මුහුණ දෙන අප හට එම පරස්පරතාව යම්තාක් දුරකට ස්ථාවරය. කාලයාගේ ඇවෑමෙන් පසුව ද ජීවිතය තුල පවතින ගැලපීම් ගලපා ගත හැකි වන්නේ සියලු සාධක මත බව මට හැඟෙයි. එවැනි වැටහීමකින් පසුව හෝ එයට පෙර එළඹෙමින් පවතින සිදුවීමකට බැඳෙමින් සිටින ඔහු ඇය හෝ එය හා සැසඳෙන සැමකක් පාහේ තවත් ගැලපෙමින් සාදාගත යුතු දේ බවත් එය තුළින් පෙනීමත්, නොපෙනීමත් අතර වන වැන්නක් ලෙස පැහැදිළි කර ගත යුතුය.
සියලු හේතූන් මත මේ සෑම දෙනෙක් සමඟම අනf්‍යා්න්‍ය ලෙස සබැදියාවකින් ඉටු වන කාර්යන් සුපුරුදු ජීවන රටාවට එක් කරන්නේ මදක් වූ නිහැඬියාවකින් යුත් රටාවකට දිවෙන ඒකාකාරී පැනයකි. ශිල්පීය ගුණාංගයට නිර්මාණශීලී හැඟීම් ඔප දැමිය හැක්කේ සුළු වතාවන් හි පමණි. විඳීම් කලාපය තුළ තෝරා ගත් අයැදුම් කිහිපයක් හෝ එකක් මත තාවකාලික ව ද්වාරය දෙසින් ඈතට ගමන් කිරීමට වාරුවක් තනයි. ඒ හැරත් අන්‍ය අතකට විඳීමකට ඒ තුළින් හට ගන්නා සුන්දර වූ ඵලය විඳීමට ගත වන කාලය අලුතින් යමක් නිර්මාණය වීමට යන කාලයට වඩා අවම ය. කෙසේ වුවත් අර්ථාන්විත නැවුම් විපර්යාසයක් තුළින් මානසිකව හට ගන්නා වියවුල් බොහෝ සේ සුමට වෙයි.
අප තුළ ම වූ රිදුමන් වලින් නික්ම වස්සානයේ අරුණෝදයක් සොයමු. රපෝර්තුවක නොලියන ජීවිතයකට විරාමයක් තබමු.
“ සොයනවද ඒ විරාමය...”
හඬන ගෙඹි හඬ මවති අරුමෙක
විලෙහි වූ පැටවුන්
ගෙනෙති එක එක දමති විල් දිය
නහවමින් තෙර නීල රැල්...
කෑරළෙකි අතු මතින් හඬනා තුරු ලිය ද
අද සනහමින්
දුටිමි මම මෙන් ඔහුත් ඒ වග
ඇද හැලෙයි බර වෙලා කඳුළින් ...
රත් පැහැය දිදුලමින් තරුවක
පායලා රිදුමන්
තනිව අඬනවා මත් බඳුන්
අර පන්හිඳෙන් මතුව සොඳුරන් ...
- චමත්ක