ජාතික ආණ්ඩු යෝජනාව සති 2කින් | Page 3 | සිළුමිණ

ජාතික ආණ්ඩු යෝජනාව සති 2කින්

ජාතික ආණ්ඩු යෝජනාව තවත් සති 2කින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, නිසැකවම එක්සත් ජාතික පෙරමුණට එය ජයග්‍රහණය කළ හැකි බවත් රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘සිළුමිණ’ ට පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තුළද මේ සම්බන්ධව යම් යම් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇති නමුත් අවසානයේ පක්ෂය ගන්නා තීන්දුවලට ඔවුන් පැකිළීමකින් තොරව සහයෝගය දෙනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ජාතික ආණ්ඩුව බිහි කිරීම සඳහා පාර්ලි‍මේන්තුවේ බහුතරය පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රී ධූර ගණන මේ වන විට සම්බන්ධීකරණය කරමින් සිටින බවත්, අවස්ථාව පැමිණි විගස එම බලය පෙන්විය හැකි බවත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළේ ය.

 

Comments