
මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02 දා දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගුවන් යානයකින් පෙබරවාරි 02 දා 03.00ට මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතය.
එහිදී දේහයන්ට විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමීමට යුද හමුදාව කටයුතු යොදා තිබේ.
මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක කටයුතුවල නිරතව සිටියදී භට පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ පසුගිය 25 වනදා වන අතර එයින් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්සයට පත්විය.