
යාපනය, ඉලවාලෙයි ප්‍රදේශයේ නිවෙසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් 17 හැවිරිදි දැරියක් සමූහ අපයෝජනයට ලක්කොට ඇතැයි යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි.
මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ යාපනය, ඉලවාලෙයි, පත්තාවත්ත නමැති ප්‍රදේශයේ පදිංචි දැරියකි.සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැක පිට යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හා යාපනය ඒලාලෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවස කොල්ලකෑමට උපකාර කළ බවට සැක කරන තවත් පුද්ගලයෙකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් ද පොලිසිට මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අද (28) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ඉලවාලෙයි පොලිසිය මෙහෙයවයි.