
පරලොව හිත සුව පිණිස සද්ධා, සීල, තග්‍ය, පඤ්ඤා සම්පදා යනුවෙන් ගුණධර්ම හතරකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ ඊළඟට මේ ගුණ ධර්ම හතර ඉතා හොඳින් පැහැදිලි කරනවා: පළමුවැනි සම්පදාව වන්නේ ශ්‍රද්ධාවයි; එනම්: ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයා ගිහි ජීවිතයක් ගත කරන බුදුන්වහන්සේ අදහන විස්වාස කරන කෙනකු බවට පත් විය යුතුයි. තථාගතයන් වහනසේ විස්වාස කරනවා කියන්නේ ලොව්තුරු බුදුන් වහන්සේගේ උතුම් බුදු ගුණ පිළිගැනීමටයි මේ බුදු ගුණ ගැන විශ්වාසය ඇති වන්නට නම් ඒ ශ්‍රාවකයාට බුදුගුණ පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනෑ.
අද අප කතා කරන්න සූදානම් වන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවයි. බුදු රජාණන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත නමින් හැඳින්වෙන නියම්ගමේ වැඩ-වාසය කරන සමයෙහි දීඝජානු නම් වූ කෝලිය පුත්‍රයා බුදු රජාණන් වහන්සේ වෙත එළැඹියා. බුදු රජාණන් වහන්සේට ගෞරවයෙන් වන්දනාමාන කර එකත්පසව වාඩි වුණ දීඝජානු බුදු රජාණන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළා:
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කම් සැප අනුභව කරන, කසීසළු අඳින, සුදුසඳුන් ඇඟ ගල්වන, මල් සුවඳ විලෙවුන් භාවිත කරන, රන් රිදී මුතු මැණික් භාවිත කරන, භාර්යාවන් සහ දරුවන්ගේ බාධා සහිතව ගිහි ජීවිතයක් ගත කරන අපට ගැළපෙන ආකාරයට ධර්ම දෙශනාවක් කරනු මැනවි. අපේ ජීවිතවල මෙලොව යහපත සහ පරලොව හිතසුව පිණිසත් පවතින ක්‍රමයක් දේශනා කරනු මැනවි!“
ඒ අවස්ථාවේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ දේශනා කළා ඉතා වටිනා ධර්මදේශනාවක්. ඒ දේශනාව තමයි ‘ව්‍යග්ගපජ්ජ‘ කියලා කියන්නේ. මේ ප්‍රශ්නය අහපු දීඝජානුට බුදු රජාණන් වහන්සේ මෙහිදී ආමන්ත්‍රණය කරන්නේ ‘ව්‍යග්ගපජ්ජ‘ කියන නමිනුයි. මෙහි ගුණධර්ම හතරක් ගැන පැවසෙනවා. ඒ ගුණධර්ම හතර මෙලොව සැප පිණිස පවතිනවා. ඒ ගුණධර්ම හතර මොනවාද කියා දැන් විමසා බලමු.
• ධෛර්යය වැඩීම
පළමු කාරණාව වන්නේ: උට්ඨාන සම්පදා. යම්කිසි තැනැත්තකු කිසියම් කර්මාන්තයකින් ජීවිතය ගත කරනවා; ගොවිතැනින් හෝ වෙළෙඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ යුද සේවාවෙන් හෝ රාජපුරුෂයකු වීමෙන් හෝ ජීවිකාව ගෙනයනවා. මින් කුමන රැකියාව කළත්, ඒ රැකියාව කිරීමට දක්ෂ කෙනකු වන්න ඕනෑ. ඒ වගේම ඒ රැකියාව කරන්න කම්මැළි නොවිය යුතුයි; රැකියාවේ උපාය දන්නා කෙනකු විය යුතුයි; රැකියාව විමසා බලා කළ යුතුයි. රැකියා කටයුතු සංවිධානය කිරීමට දක්ෂ විය යුතුයි. මෙයටයි උට්ඨාන වීර්යය කියන්නේ.
දෙවැනි කාරණාව: ආරක්ඛ සම්පදා. කෙනකු තමාගේ බාහුබලය යොදාගෙන ඩහදිය වගුරුවා ධාර්මිකව උපයාගත් භෝග සම්පත් තිබෙනවා; ධාර්මිකව උපයාගත් ධනයක් තිබෙනවා. මේ භෝග ධන සම්පත් ආරක්ෂා කරගැනීමට ඔහු දක්ෂ විය යුතුයි. ආරක්ෂා කරගන්නවා කියා අදහස් කරන්නේ කුමක්ද? මා සතු සම්පත් රජවරුන්ට ගැනීමට නොහැකි ලෙස ආරක්ෂා කරගත යුත්තේ කෙසේද? සොරුන්ට ගත නොහැකි ආකාරයෙන් ආරක්ෂා කරගත යුත්තේ කෙසේද? ගින්නෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද? ජලයෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද? අප්‍රිය නෑදෑයන්ගෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද? කියා ඔහුට දැනුමක් තිබිය යුතුයි. මෙයටයි ආරක්ඛ සම්පදා කියන්නේ.
තුන: කල්‍යාණ මිත්‍තතා. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයකු ඇති බව. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා: යම් කුලපුත්‍රයකු යම් ගමක හෝ නියම්ගමක වාසය කරයි නම්, ඔහු හොයා බලන්න ඕනෑ මේ පදේශයේ හොඳ හික්මීමක් ඇති, ශ්‍රද්ධාවෙන් සීලයෙන් යුතු, පරිත්‍යාගශීලි, පඤ්ඤා සම්පත්තියෙන් යුතු තරුණයකු හෝ වැඩිහිටියකු හෝ ඉන්නවාද කියා. මේ වගේ ශීලවන්ත, ත්‍යාගවන්ත, ප්‍රඥාසම්පන්න කෙනකු සොයාගෙන කතා කරන්න සාකච්ඡා කරන්න පුරුදු විය යුතුයි. ඔහුගේ ශ්‍රද්ධාව අනුව ශ්‍රද්ධාව ප්‍රගුණ කළ යුතුයි; ඔහුගේ ශීලය, පරිත්‍යාගශීලි බව දෙස බලා තමාත් එසේ විය යුතුයි; ඔහුගේ ප්‍රඥාවන්ත බව ආදර්ශයට ගෙන, කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගත්, යහපත් ප්‍රඥාවන්තයකු බවට පත් විය යුතුයි. මෙයයි කල්‍යාණ මිත්තතා කියන්නේ. බොහෝ දෙනකු අද කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කර බලාපොරොත්තු වන්නේ ඒ අයගෙන් තමාගේ ජීවිතවලට ආශීර්වාද ලබාගැනීමයි. එහෙත් මෙයින් අදහස් වන්නේ එය නොවෙයි. තමන්ගේ ශීලය, පරිත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගැනීමයි. එනම්: තමා තුළ ගුණ වගාව ඇති කරගැනීමටයි තමා කෙනකු ඇසුරු කළ යුතු වන්නේ.
• සමබර ආර්ථිකය
මෙලොව දියුණුවට ඉවහල් වන හතර වන කාරණාව තමයි ‘සමජීවිකතා‘ කියන්නේ. මොකක්ද සමජීවිකාවක් කියලා කියන්නේ? තමාට ලැබෙන ධනය සහ එය වියදම් වන ආකාරය පිළිබඳ අවබෝධයෙන් සිටි යුතුයි. මොන විධියකින් හෝ අය පාර්ශ්වයට වඩා වැය පස වැඩි වන්න දෙන්න එපා. කෙනකුට දියුණු වන්න අවශ්‍ය නම් ධනය කළමනාකරණය කළ යුතු ආකාරය තථාගතයන් වහන්සේ මෙලෙස දේශනා කළ බව අප දන්නවා:
“ඒකේන භෝගේ භුංජේය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්තංච නිධාප්‍යෙය - ආපදාසු භවිස්වති“
ලැබෙන්නා වූ ධනය කොටස් හතරකට බෙදා, එක් කොටසක් අනුභවය සඳහා යෙදවිය යුතුයි. කොටස් දෙකක් නිරතුරුව තමාට මුදලක් ලැබෙන ආකාරයට ආයෝජනය කළ යුතුයි (තමාට ලැබෙන පඩියෙන් විතරක් ජීවත් වෙන්න පුරුදු විය යුතු නැහැ, කොටස් දෙකක් වෙන් කරලා අතිරේක මුදලක් ලැබෙන විදිහට කටයුතු කරන්න කියන එකයි එයින් අදහස් වන්නේ). හතරෙන් එකක් ආපදාවකදී ගැනීමට තැන්පත් කළ යුතුයි.
බුදුන් වහන්සේ සඳහන් කරනවා ඉන් අනතුරුව “ව්‍යග්ගපජ්ජ, මේ විදිහට උපයා සපයාගන්නා ලද ධනය විනාශ වන ක්‍රම හතරක් තිබෙනවා. ඒවා හඳුන්වනු ලබන්නේ ‘අපාය මුඛ‘ කියලයි. එහි පළමුවැනි ක්‍රමය මෙහෙමයි:
ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ - අක්ඛ දුත්තො චයෝ නරෝ
ලද්දං ලද්දං විනාසේතු -තං පරාභවතෝ මුඛං
• ස්ත්‍රී - සුරා දූර්ත වීම
‘ඉත්ති දුත්තෝ‘ කියන්නේ ස්ත්‍රී දූර්ත වීමයි. එනම්: හැඟීම්වලට වසඟ වෙලා දුරාචාරය වැනි දෙයට යොමු වෙලා අකුසල් රැස් කරගනිමින් තමා රැස් කරගන්නා ධනයද විනාශ කරගන්නවා. අද බොහෝ දෙනකුගේ ධනය විනාශ වන දෙයක් ලෙස මෙය හැඳින්විය හැකියි. තමා වෙනුවෙන් භාර්යාවක් සිටිනවා. ඒ සියලු දේ අමතක කර, තමාට අදාළ නැති කාන්තාවන් සමඟ කුමක් හෝ හිතවත් බවක් ඇති කරගනිමින් ඒ කාන්තාවන්ට වියහියදම් කරමින් සිටින පිරිමින් පිරිහීමට පත් වනවා. ඇතැම් කාන්තාවන් පුරුෂ පක්ෂය කෙරෙහි දූර්ත වෙලා, වෙන මිනිසුන්ට වියහියදම් කරලා පිරිහෙන හැටිත් අපි දන්නවා.
ධනය විනාස වන දෙවැනි අපාය මුඛය වන්නේ සුරා දුත්තෝ. එනම්: සුරාවට වසඟ වීමයි. ධනය උපයන කෙනකු සුරාවට වසඟ වුව හොත් තමාත් බොමින් අන් යාළුවන්ට සුරාව අරගෙන දීමට ගොස් තම ධනය විනාශ කරගන්නවා.
තුන්වැනි ධනය හානි වන කාරණාව තමයි අක්ඛ දුත්තෝ. ඒ කියන්නේ සූදුවට ඇබ්බැහි වීමයි. කොයි ආකාරයට හෝ සූදුවකට ඇබ්බැහි වීම ධනය විනාශ වන ක්‍රමයක්.
හතර වැනි කාරණාව වන්නේ පව්කාර මිතුරන් ඇති බවයි. ස්ත්‍රීන්ට වසඟ වූ, සුරාවට සූදුවට හුරු වෙච්ච, ඒ වගේම වෙනත් අකුසල කර්මයන්ට ලක් වූ මිතුරන් ඇසුරෙන්ද කෙනකු පිරිහීමට ලක් වනවා. අකුසල ධර්මයන්ට හුරු වූ මිතුරන් ඇසුර ධනය විනාශ වන ක්‍රමයක්.
බුදු රජාණන් වහන්සේ දේශනා කළා: “ව්‍යග්ගපජ්ජ, විශාල තටාකයක් ඒ කියන්නේ ජලය පිරුණු පොකුණක් තිබෙනවා. එයට ජලය ලැබෙන මාර්ග වගේම පිට වන මාර්ග හතරක්ද තිබෙනවා. ඒ නිසා මේ පොකුණේ ජලය රැඳෙන්නේ නැහැ. ධනය උපයන මාර්ග සේම ධනය විනාශ වන ක්‍රමද තිබෙනවා නම් ධනය රැස් කර තියාගන්න පුළුවන්කමක් නැහැ“ කියලා.
• පොකුණු උපමාව
පොකුණක් තියෙන කෙනකු පොකුණට ජලය එන මාර්ග පිළිවෙළකට තියාගන්නවා. පොකුණෙ අහකට ජලය ගලාගෙන යන මාර්ග හතර වහලා දානවා. එවිට පොකුණේ ජලය රැස් වීමට පටන් ගන්නවා. තමා රැස් කරන ධනයත් විනාශ නොවී රැකගන්න පුළුවන් ධනය වැනසෙන මාර්ග හතර වසාදැමීමෙන්.
ඒ වගේම පරලොව හිත සුව පිණිස සද්ධා, සීල, තග්‍ය, පඤ්ඤා සම්පදා යනුවෙන් ගුණධර්ම හතරකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ ඊළඟට මේ ගුණ ධර්ම හතර ඉතා හොඳින් පැහැදිලි කරනවා: පළමුවැනි සම්පදාව වන්නේ ශ්‍රද්ධාවයි; එනම්: ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයා ගිහි ජීවිතයක් ගත කරන බුදුන්වහන්සේ අදහන විස්වාස කරන කෙනකු බවට පත් විය යුතුයි. තථාගතයන් වහනසේ විස්වාස කරනවා කියන්නේ ලොව්තුරු බුදුන් වහන්සේගේ උතුම් බුදු ගුණ පිළිගැනීමටයි මේ බුදු ගුණ ගැන විශ්වාසය ඇති වන්නට නම් ඒ ශ්‍රාවකයාට බුදුගුණ පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනෑ. පරලොව යහපතට හේතු වන අනෙක් කරන නම් සීල සම්පදාවයි. ප්‍රාණඝාතයෙන් වැළකීම හොරකමින් වැළකීම කාමයේ වරදවා හැසිරිමෙන් වැළකීම සුරාපනායෙන්වැලකිම මේ ගුණ ධර්මයන් ඇතිකරගැනීමයි පංච සීලප්‍රතිපත්තියට අනුගතවිමයි පරලොව යහපතට හෙතුවන අනෙක් කරණනම් සාග සම්පදාවයි සාග සම්පදාවකියන්නේ ගිහි ජීවිතයක් ගතකරන අයඋපයන දෙයින් කොටසක් දන්දීමට වැයකළ යුතුයි. සාග සම්පදා කියනනේ තමන සතු ධනයෙන් කොටසක් යමෙකුට දීමට මැළිවීම මසුරුකමයි. මසුරු කම හරියට මලකඩක් වැනියි. ඔබේ ජීවිතය යකඩයක් නම් මසුරුකමකියන මලකඩය බැදුණුවිට ජීවිතය නැමැති ශක්තිමත් යකඩය විනාශයට පත්වෙනවා. මසුරුමලකඩ දුරු කර දන්දිය යුතුයි. දන් දෙන විට නිතර ‘මුක්තචාගෝ‘ අතහැලා දන්දිය යුතුයි ඇලීමක් බැඳීමක් නැතුවම දියයුතුයි. අලුයම ලූ කෙළ පිටක් සේ අතහැරලාම දියයුතුයි පසයපානී නිතරම සෝදා පිරිසිදු අත් ඇතිව සිටියයුතුයි. ඒ කියන්නේ අත්දෙක සෝදාගෙන ඉදිම නොවෙයි තමන්ගේ දේ අනිත්අයත් සමඟ බෙදා හදා අනුභවකළ යුතුයි අනෙක් කරුණනම් පඤ්ඤා සම්පාදාවයි විදර්ශනා වඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගැනීමයි. මේ ව්‍යාග්ගපජ්ජ සුත්‍රෙය් දියුණුවට මෙන්ම පිරිහිමට ලක්වන සහ දියුණුවට හේතුවන කාරණාවන් හතරක්ද පවතිනවා. මෙය මෙලොව පරලොව වශයෙන්ද පිරිහීමට සහා දියුණුවට හේතු වෙනවා.