තම දියණියට අත් වූ ඉරණමෙන් රටේ දියණියන් බේරාගන්න ජීවිතය කැප කරන රත්තරන් තාත්තා | Page 2 | සිළුමිණ

තම දියණියට අත් වූ ඉරණමෙන් රටේ දියණියන් බේරාගන්න ජීවිතය කැප කරන රත්තරන් තාත්තා

රටම කම්පා කළ මේ කතාව වසර දෙකක් පර­ණය. වරැද්ද මෙන්ම ඛේද­වා­ච­කය ආද­ර්ශ­යක් කර­ග­නි­මින් රටේ තරුණ ජීවි­ත­ව­ලට මෙන්ම සමස්ත ජන­තා­ව­ටම පාඩ­මක් කියා­දෙ­න්නට අපේ කතාවේ කතා නාය­කයා පිය­වර ගෙන තිබේ. ඔහු හොරො­ව්පො­තාන පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරන පොලිස් පරී­ක්ෂක රොෂාන් සංජී­වයි.

දිනය දෙද­හස් දහ­සය වසරේ මැයි 26 දාය. රොෂාන්ගේ බිරිය සහ විවා­හක දිය­ණිය ම්ලේච්ඡ ලෙස ඝාත­නය කරනු ලැබුවේ සිය දිය­ණි­යගේ සැමියා විසිනි.

මෙහිදී දිවි බේරුණේ පුංචි මුනු­පු­රාගේ පමණි. රොෂාන්ගේ දිය­ණිය විසි දෙහැ­වි­රි­දිය. ඇය ඉෂාරා මල්ෂානි ය. පාසල් වියේ­දිම නොගැ­ළ­පෙන ප්‍රේම­යක පැට­ලුණ ඉෂා­නිගේ ජීවි­ත­යට කණ කොකා හඬන්නේ ඉන් පසු­වය. ඒ පෙම් සබ­ඳ­තාවේ කූට ප්‍රාප්තිය වන්නේ ඉෂා­නිගේ හිතු­ව­ක්කාර විවා­හය සිදු වීමත් සම­ඟය.

කෙත­රම් ජන­යාගේ දුක් සෝසු­සුම් නිවා­ලී­මට නීතිය හා සාමය ආරක්ෂා කර­මින් කැප වී සිටි­යත් පොලිස් ස්ථානා­ධි­පති රොෂාන් සංජී­වට නොමඟ ගිය තමාගේම දිය­ණිය නිසා විඳි­න්නට වූයේ මාන­සික පීඩා­වකි. දිය­ණි­යගේ හිතු­ව­ක්කා­ර­කම නිසා ඔහුට සිය බිරි­යත් දිය­ණි­යත් අහිමි විය. මිය­ගිය දිය­ණි­යගේ දරුවා සහ අනෙක් දිය­ණිය රැක ගැනිමේ බාරධූර කාර්යය ද ඔහුට පැව­රිණි. සිය රාජ­කා­රි­යට අම­ත­රව දැන් ඔහුට දරු­වන්ගේ වග­කී­මද පැවැරි තිබේ.

සියල්ල අහිමි වූයේ දිය­ණි­යගේ හිතු­ව­ක්කා­ර­කම නිසාය. දැන් ඔහු ඒ ගැන තැවෙන්නේ නැත. ඔහුට අනෙක් දිය­ණි­යගේ හා පුංචි මුනු­පු­රාගේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කිරීමේ වග­කීම පැවැරි ඇත.

එමෙන්ම ඔහු කියන්නේ ඔහුට දැන් රටේම දිය­ණි­ව­රුන් දරු­වන් ගැන වග­කී­මක් ඇතැයි කියාය. දුක පසෙක තබා ඔහු දැන් ජීවි­ත­යට මුහුණ දෙයි. එප­ම­ණක් නොව තමා අත්විඳි ඛේද­වා­ච­කය රටේ දරු­වන්ට මවු­පි­යන්ට පාඩ­මක් ලෙසින් කියා දෙන්නට ඔහු කට­යුතු කර­මින් සිටී.

ඒ අනුව ඔහු විසින් නොමඟ යන දූද­රු­වන් යහ­ම­ඟට ගැනීම සහ දූදරු මවු­පිය සහ­ස­ම්බ­න්ධය වැඩි­දි­යුණු කිරීමේ අටි­යෙන් අපූරු වැඩ­ස­ට­හ­න­කට මුල පිරුවේ තම අත්දැ­කී­මද ජනයා සමඟ බෙදා­හදා ගනි­මිනි. එම වැඩ­ස­ට­හන මේ දින­වල හොරො­ව්පො­තාන පොලිස් වසම තුළ සාර්ථ­කව ක්‍රියා­ත්මක වෙමින් පව­තින්නේ ඊට සහ­භාගි වන බොහෝ ජන­යාගේ ප්‍රසා­ද­ය­කට ලක් වෙමිනි. ඒ පිළි­බඳ පොලිස් ස්ථානා­ධි­පති රොෂාන් පව­සන්නේ මෙවැනි කතා­වක්.

“සාමා­න්‍ය­යෙන් කෙනෙක් මුහුණ දුන් අභා­ග්‍ය­ස­ම්පන්න සහ සමා­ජය බැහැර කරන අත්දැ­කී­මක් තවත් කෙනෙකු සමඟ බෙදා­හ­දා­ගන්න කැමැති නැහැ. ඒත් මට අවශ්‍ය වුණා මං මුහුණ දුන් ඛේද­වා­ච­කයේ අත්දැ­කීම ඇසු­රෙන් නොමඟ යන තවත් එක් දරු­වෙකු හෝ ඉන් ගල­වා­ගැ­නී­මට. මම මගේ දරු­වන්ට බිරි­යට පුදු­මා­කාර ලෙසින් ආද­රය කළා. නමුත් මට මගේ දිය­ණිය නොම­ඟට ගිය එක වළක්වා ගන්න බැරි වුණා.

අද­ටත් මම ඒ අය ගැන සිතින් විඳ­ව­නවා. තාත්තා කෙනෙක් හැටි­යට මට මෙය දරා­ගැ­නී­මට අසී­රුයි. මම හිත­නවා මේ රටේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් අපි යමක් කළ යුතුයි කියලා. ඒ නිසයි කොත­රම් වේද­නා­කාරි වුණත් මම මේ අත්දැ­කිම් ඔස්සේ වැඩි­හි­ටි­යන් හා පාසල් දරු­වන්ට පණි­වු­ඩ­යක් දෙන්නට උත්සාහ දරන්නේ.

ඒ වගේම දූදරු මවු­පිය සහ­ස­ම්බ­න්ධය ජීවිත කාලෙ­ටම පව­ත්වා­ගෙන යන්නෙ කෙසේද කියාත් මම මින් සමා­ජ­යට පණි­වි­ඩ­යක් දෙනවා. මවු­පි­යන් කිසිම විටෙක දරු­වන් ගැන සොයා­බැ­ලීම අත­ර­ම­ඟදි නතර නොකළ යුතුයි. විශේ­ෂ­යෙන්ම ශිෂ්‍යත්ව විභා­ග­යෙන් පසුව දරු­වන් ගැන සොයා­බැ­ලීම අඩු කරන්න හොඳ නැහැ.

එතැ­නින් පසුව තමයි මේ ඛේද­වා­ච­කය ආරම්භ වන්නෙ. විශේ­ෂ­යෙන්ම උතු­රු­මැද පළාතේ බාල වය­ස්කාර විවාහ විශාල ලෙස සිදු වෙනවා. අව­සා­නයේ එවැනි විවාහ බොහො­ම­යක් කෙළ­වර වන්නෙ පොලි­සි­යෙන් උසා­වි­යෙන්. එහෙ­මත් නැත්නම් මේ මම මුහුණ දුන්නා සේ ඛේද­වා­ච­ක­ව­ලින්. එවැනි ඛේද­වා­ච­ක­යන් මේ හතු­රෙ­කු­ට­වත් සිදු­වන්න එපා කිය­ලයි මම ප්‍රාර්ථනා කරන්නෙ.

දරු­වගේ බිරි­යගේ මර­ණ­යත් සමඟ මගේ ජීවිත නතර වුණා කියලා මට දැනුණා. මම සිතා ගත්තා නතර වුණු ජීවි­තය නැවත පට­න්ගෙන මෙවැනි දෙයක් හෝ සිදු කර­මින් සමා­ජ­යට පාඩ­මක් කියා දෙන්න ඕන කියලා.”

ඔහු තම ඛේද­නීය ජීවිත අත්දැ­කීම ගීත දහ­යක් ඇසු­රෙන් පැය දෙකක පමණ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කරයි. මෙම වැඩ­ස­ට­හ­නට හොරො­ව්පො­තාන පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශ­යද සම්බන්ධ වෙයි. මේ සම්බ­න්ධව අද­හස් දක්වන හොරො­ව්පො­තාන ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානා­ධි­පති උප­පො­ලිස් පරී­ක්ෂිකා විශාරා ද සිල්වා මහ­ත්මිය.

“මේ වැඩ­ස­ට­හන ආරම්භ කොට මාස පහක් විතර වෙනවා. මුලදි අප කවු­රුත් මේ කට­යු­ත්තට කැමැ­ත්තක් දැක්වූයේ නැහැ. මහ­ත්තයාගේ හිත නැවත නැව­තත් පෑරෙ­න­වට අපේ කැමැ­ත්තක් තිබුණේ නැහැ. ඒත් ඕඅ­යිසී මහ­ත්තයා සෑම විටම කීවේ, 'මං ලබපු අත්දැ­කීම තව කෙනෙ­කුට වෙන­වට මම කැමැති නැහැ. ඒ නිසා එක දරු­වෙක් හරි යහ­ම­ඟට ගැනී­මට මෙයින් හැකි­යා­වක් ලැබෙ­නවා නම් ඒක තමයි මං කර­ගන්නා ලොකුම පින' කියලා.

ඊට පස්සෙ ඕඅ­යිසී මහ­ත්ත­ය­ගේම අද­හ­සක් අනුව දරු­වකු ඉප­දුණු දවසේ සිට වැඩි­හි­ටි­යකු වන තෙක්ම ජීවි­තයේ මුහුණ දෙන තීර­ණා­ත්මක සංසි­ද්ධි­ව­ලට අදාළ ඉතාම හර­බර ගීත අටක් ඇසු­රෙන් වටිනා කියන ඔව­දන් රැසක් මේ වැඩ­ස­ට­හ­නින් අප ලබා දෙනවා.

ඒ වගේම එතුමා මුහුණ දුන් එම ශෝච­නීය අත්දැ­කීම සහ ඔහු තම දරු­වන් දෙදෙනා සහ බිරිය සමඟ ගෙවූ සුන්දර පවුල් දිවිය සහ පසුව එම ඛේද­වා­ච­කයේ සියලු තතු ඇතු­ළත් කොට ගීත දෙකක් ඇසු­රෙන් වීඩියෝ දෙකක්ද ඉදි­රි­පත් කර­නවා. එම දසුන් පෙළ නර­ඹන වැඩ­ස­ට­හ­නට සහ­භාගි වී වන සෑම දෙනෙක්ම පාහේ ගෙදර යන්නෙ හඬා­ගෙන.”

සුදු ඇත් පැට­වෙක්, පුංචි පුතා, ටියු­ෂන් පන්තිය, සිනහ මල්, කන්ද මුදු­නට, ඔබ පෙම් කරනා, චන්ද්‍ර මණ්ඩලේ, පෙම් ලොවදි දුටු ඔහු­මද, සඳ රාණි තනිවී සහ මේ පාළු රාත්‍රි යාමයේ යන හර­බර ගීත දහ­යක් ඇසු­රෙන් විඩියෝ දසුන් පෙළක් මඟින් විශාරා මහ­ත්මිය සහ රොෂාන් මහත්මා ඉදි­රි­පත් කරන නොමඟ යන සමා­ජයේ එක් දරු­වකු හෝ යහ­ම­ඟට ගැනී­මට වැර දර­මින් පාසල් දරු­වන්ට සහ වැඩි­හි­ටි­යන්ට වෙන් වෙන්ව පව­ත්වන එම වැඩ­ස­ට­හන මේ වන විට හොරො­ව්පො­තාන පොලිස් වස­මට අයත් ග්‍රාම සේවා වසම් 38න් 21කම සිදු කොට අව­සා­නය.

ඊට අම­ත­රව පන්සල්, පල්ලි, කෝවිල් සහ පාසල් මුල් කොට සිදු කළ වැඩ­ස­ට­හන් සම­ඟින් වැඩ­ස­ට­හන් 40කට වඩා සිදු කර තිබේ. සෑම ඉරු දින­කම ප්‍රදේ­ශයේ කුමන හෝ තැනෙක සිදු කරන එම වැඩ­ස­ට­හ­නට මේ වන විට අවට පොලිස් වස­ම්ව­ලින් පම­ණක් නොව රටේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලින් ආරා­ධනා ලැබී ඇතැයි ඔවුහු පව­සති.

පසු­ගිය දිනෙක හොරො­ව්පො­තාන තිර­ප්ප­න්ක­ඩ­වල විහා­ර­ස්ථා­නයේ පැවැති ආර­ම්භක වැඩ­ස­ට­හ­නට එක්වූ ගැමි­යෙක් අප හා මෙසේ පැවැ­සු­වේය.

“ඇත්ත­ටම අපේ ගම්වල ඉන්න දරුවන් බොහො­් දෙනා නොමඟ යන්නෙ නොදැ­නු­ව­ත්කම නිසා. ඒක නිසා මෙවැනි වැඩ­ස­ට­හ­න­කින් දරු­වන්ට පම­ණක් නොවේ අපි වගේ වැඩි­හි­ටි­ය­න්ටත් බොහෝ නොපෙ­නෙන පැති පෙන්වා දෙනවා.

ඒ ඕඅ­යිසී මහ­ත්තයා ඔහු මුහුණ දුන් ඛේද­වා­ච­කය අපේ ගම්වල ජන­තාව සමඟ බෙදා­හදා ගැනී­මට ඉදි­රි­පත් වීමත් මහඟු කාර්ය­යක්. සමා­ජ­යට මවු­පි­යන්ට දරු­වන්ට ලොකු පණි­වු­ඩ­යක් දෙනවා.”

බිරි­යත් දිය­ණි­යත් පවු­කා­ර­යකු අතින් ඝාත­නය වීම දුකකි. ඔහු ඒ දුක දරා ගන්නට නොගත් උත්සා­හ­යක් නැත. දැන් ඔහුගේ සිත සන්සුන්ය. ඒ තමා ලැබූ දුකින් මිනි­සුන්ට ජීවි­තය කියා දෙන බැවිනි.

Comments