අපේ මුස්ලිම් බැතිමතුන් 3500කට මෙවර හජ් කෝටාව | සිළුමිණ

අපේ මුස්ලිම් බැතිමතුන් 3500කට මෙවර හජ් කෝටාව

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගෙන් 2800ක් පමණ බැතිමතුන් ප්‍රමාණයකට හිමි මී තිබූ හජ් කෝටාව 2019 වර්ෂයේ දී මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සඳහා අවසර ලබා දීමට සෞදි රජය කටයුතු කරයි.
 
සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවරදී සෞදියේ හජ් කටයුතු අමාත්‍යවරයා හමුවී ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව වැඩිකර ගැනීම සඳහා සාකච්ඡා කළ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
මීට අමතර ව මෙම සාකච්ඡාවේ දී සෞදි රජු ඇතුළු රජයේ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මෙන්ම ලංකාවේ සියලු මුස්ලිම්වරුන් වෙනුවෙන් ද අමාත්‍යවරයා පල කළේය. තව දුරටත් අදහස් දක්වමින් හලීම් මහතා ප්‍රකාශ කර සිටියේ වන්දනා ආරම්භ කිරීමෙන් අනතුරුව තත්ත්වය සළකා බලා ඉදිරියේ දී කෝටාව තවදුරටත් වැඩි කීරීමට හැකි වනු ඇති බවයි.

Comments