හේකිත්තේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට | Page 2 | සිළුමිණ

හේකිත්තේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

වත්තල හේකිත්ත මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තිදෙනකුට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් පිරිසක් වෙඩි තබා පලාගොස් තිබේ.
 
වැගන් ආර් වර්ගයේ එම මෝටර් රථයට වෙඩි ප්‍රහාර 24ක් පමණ එල්ල වී ඇත.වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයේදී ම මියගොස් තිබේ.
 
එම අවස්ථාවේ දී මෝටර් රියේ කාන්තාවක් ද සිට ඇති අතර ඇයට මෙම වෙඩි තැබීමෙන් කිසිඳු හානියක් වී නැත.මෙසේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සහ 33 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
 
මෙම වෙඩි තැබීමට හේතුව පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පැවති ආරවුලක් බවට පොලිසිය සැක කරයි.
 
 
 

Comments