පින් සිත් පවු සිත් කරන යාච­කයෝ | සිළුමිණ

පින් සිත් පවු සිත් කරන යාච­කයෝ

මොන මොන දේ කළ කීව ද අපේ රටේ මිනි­සුන් හැඟි­ම්බ­රය. ඉක්ම­නින් උණු වන හද­වත් ඇත්තෝය. කෙනෙ­කුගේ දුකක් කර­ද­ර­යක් දුටු විට අහක බල­න්නෙක් නැත තරම්ය. කොටින්ම කිව­හොත් කෙනෙ­කුගේ දුකක දී කර­ද­ර­යක දී ඉස්මතු වන්නේ මනු­ස්ස­ක­මයි. නමුදු මේ මනු­ස්ස­ක­මට පරි­භව කරන්නෝ ද අප අතර නැති­වාම නොවේ.

ජීවිතේ නැති බැරි­කම් නිසා මහ මඟ සිඟ­මන් යදින්නෝ නැති මාව­තක් නග­ර­යක් සොයා­ගැ­නීම අසී­රුය. සිඟ­න්නෙකු දුටු පම­ණින් ඔහු කරන්නේ ඇත්තක් ද බොරු­වක් ද යන්න පවා තෝරා බේරා­ගැ­නීම අසී­රුය.

ඇතැම් විට නොද­රු­වන් කර පින්නා­ගෙන එන ගැහැනු මිනි­සුන් අනුන්ට අත පා කීයක් හෝ ඉල්ලා­ගන්නේ දරුවා විකු­ණ­න්නාක් මෙනි. තවත් විටෙක විවිධ ලෙඩ රෝග ඇතැයි කිය­මින් අත පාති. ඔවුහු බොහෝ කතා කියති. ඇතැම් කතා විශ්ව­ස­නී­ය­ත්ව­යෙන් තොර බව දැනෙන්නේ ඔවුන් කියන එකි නෙකට විරුද්ධ පර­ස්පර කතා නිසාය. කෙසේ හෝ මෙවැනි සිඟ­න්නි­ය­කට පසු­ගිය දා අපූරු දෙයක් සිදු විණි.

ඇය කාල­යක් තිස්සේ පශ්චා­ත්භා­ග­යෙන් රූටා යමින් මඩ­ක­ල­පුව නග­රයේ සිඟ­මන් යදි­න්නට වුවාය. පසු­ගිය දා තදින් වැස්සේය. ඇය මහ වැස්සේ තෙමෙ­මින් පාරේ සිටි­යාය. මෙය දුටු තරු­ණ­ය­කුගේ හිත උණු විය. ඔහු මිතු­රන්ට යෝජනා කළේ ඇයට රෝද පුටු­වක් අර­න්දිය යුතු බවය. ඔවුන් අත මුදල් නොවිය. තරු­ණයා තම මිතු­රෙකු සමඟ පළාතේ සමා­ජ­සේවා ආය­ත­න­යට ගියේය. බොහෝ කරුණු කියා ඔවුහු රෝද පුටුව ලබා ගත්හ. රෝද පුටුව පෙර කී කාන්තාව ළඟට ගෙනැ­විත් ඇයව එහි වාඩි කර­වු­යේය ද තරු­ණ­යන් විසිනි. නමුදු කාන්තා­වගේ මුහුණේ සතු­ටක් නොවිය.

“අප­රාදේ සල්ලි මට දුන්න නම් ඉව­රයි.”කාන්තාව කීය.

එක් තරු­ණ­යකු යෝජනා කළේ කාන්තාව වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කරමු යැයි කියාය. ඇය ස්නායු ආබා­ධ­ය­කින් පෙළෙන්නේ නම් ඊට ප්‍රති­තාර කිරී­ම­ටය. තරු­ණයෝ ඇය මඩ­ක­ල­පුවේ රෝහල වෙත ගෙන ගියහ. වෛද්‍ය­ව­රයා කාන්තාව පරක්ෂා කර පැවැ­සුවේ ඇයට කිසිදු ස්නායු ආබා­ධ­යක් නැති බවය.

අව­සා­නයේ වෛද්‍ය­ව­රයා කාන්තාව පොලි­සි­යට අල්ලා දෙන බවට බිය කළේය. බියට පත් ගැහැ­නිය කීවේ තමන් ජීවත් වීම සඳහා කලක පටන් ඒ බොරුව කළ බවය. තරු­ණ­යන්ගේ පින් සිත්වල උපන්නේ නොස­තු­ටකි. මේ කාන්තාව පම­ණක් නොව මෙවැනි යාච­ක­යන් මිනි­සුන්ගේ මනු­ස්ස­කම අව­භා­විත කිරිම අද අපේ සමා­ජය තුළ දකි­න්නට සිදු වීම කන­ගා­ටු­වකි.

රසුල දිල්හාර

Comments