
දුම්රිය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මාතර සිට බෙලි අත්ත දක්වා වූ මංගල දුම්රිය ගමන අද (06) පෙරවරු 10.00ට මාතරින් ගමන් අරඹයි. මේ මංගල දුම්රිය ගමනට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ආරාධිතයෝ රැසක්ම සහභාගි වෙති.
පැයට කිලෝමීටර් 120ක වේගයකින් දුම්රය ධාවනය කළ හැකි මේ මාර්ගය කිලෝමීටර් 27ක දුරකින් යුක්ත මේ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම චීන රජයේ ආධාරයෙන් චීන සමාගම් විසින්ම ඉදි කරන ලදී. අමෙරිකානු ඩොලර් බිලියන 248 ක වියදමින් ඉදිවන මේ දුම්රිය මාර්ගය සඳහා ණය ආධාර ලබා දී ඇත්තේ චයිනා එක්සිම් බැංකුවයි. බෙලිඅත්ත දක්වා වූ කිලෝමීටර් 26ක දුර ප්‍රමාණය සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් ස්ථාපිත කර ඇති අතර කැකණදුර, බඔරැන්ද, වැවුරුකන්නල හා බෙලි අත්ත දුම්රිය ස්ථාන ලෙසින් හා පිලදූව සහ වෙහෙරහේන උප දුම්රිය ස්ථාන ලෙසින් ඉඳි කර ඇත.