පසුගිය වසරේ මත්ද්‍රව්‍ය ටොන් 5.3ක් සැකකරුවන් 95797ක් නීතියේ රැහැනට | Page 5 | සිළුමිණ

පසුගිය වසරේ මත්ද්‍රව්‍ය ටොන් 5.3ක් සැකකරුවන් 95797ක් නීතියේ රැහැනට

පසුගිය වසර තුළදී පමණක් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5359ක් (ටොන් 5.3ක්) සමඟ සැකකරුවන් 95797 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව, රේගුව ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කළ වැටලීම්වලදී මේ අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. මේ යටතේ හෙරොයින් කිලෝග්‍රෑම් 736ක් සමඟ සැකකරුවන් 40810 දෙනකු සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 4585ක් සමඟ සැකකරුවන් 54575ක් අත් අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව කොකේන් කිලෝග්‍රෑම් 19ක් සමඟ සැකකරුවන් 17 දෙනකු සහ හෂීස් කිලෝග්‍රෑම් 13ක් සමඟ සැකකරුවන් 86 දෙනකුද අයිස් කිලෝග්‍රෑම් 6ක් සමඟ සැකකරුවන් 259 දෙනකුද අත් අඩංගුවට ගෙන ඇත.

 

Comments