ඉහළ කොත්මලේ ජලාශයේ නාඳුනන මළ සිරරක් | Page 2 | සිළුමිණ

ඉහළ කොත්මලේ ජලාශයේ නාඳුනන මළ සිරරක්

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ මළ සිරරක් හමුවී ඇති බව තලවාකැලේ පොලීසිය සඳහන් කරයි.
 
තලවාකැලේ පොලිස් වසමට අයත් තලවාකැලේ නගරය ප්‍රදේශයේ ඉහළ කොත්මලේ  ජලාශයේ මේ මළ සිරුර පාවෙමින් තිබියදී අද (04) උදෑසන සොයාගෙන තිබේ.
 
ප්‍රදේශවාසීන් විසින් මේ මළ සිරුර කොත්මලේ  ජලාශයේ පාවෙමින් තිබෙන අයුරු දැකීමෙන් අනතුරුව පොලීසියට දන්වා ඇති අතර සිරුර ගොඩ ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ලැබෙන නියෝග අනුව ඉදිරි කටයුතු සිදු කරන බවත් තලවාකැලේ පොලීසිය සඳහන් කරයි.
 
මළ සිරුර කාගේදැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අයිතිය තහවුරු කිරීමට ද කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.
 

Comments