
2019 වසරේදී බස්නාහිර පළාත තුළ රුපියල් කෝටි 4000කට ආසන්න මුදලක් වැය කර නිවාස 9000 ක් ඉදිකිරීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මධ්‍ය ආදායම්ලාභී පවුල් සහ නිවාස අහිමි පවුල් වල සාමාජිකයින්ට මෙම නිවාස ඉතා ඉක්මනින් ඉදිකර දෙන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.මෙම ඉදිකිරීම්වලින් නිවාස 5000 කට ආසන්න ප්‍රමාණයක් 2019 වසරේ මැද භාගය වනවිට ජනතාවට ලබාදීමට සැලසුම්කර ඇත.