බැඳුම්කර සමාලෝචනය මසකට වරක් | සිළුමිණ

බැඳුම්කර සමාලෝචනය මසකට වරක්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව අදාළ පර්යේෂණ කටයුතුවලට අදාළ ප්‍රගති සමාලෝචන මසකට වරක් සිදු කිරීමට පසුගිය සිකුරාදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී එකඟත්වයට පැමිණ තිබේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවත්, අධිකරණ ‍නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත්, සිංගප්පූරු රජය මේ වන තෙක් නිසි පියවර ගෙන නොමැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

Comments