ස්වේද­ගොන් චෛත්‍යයේ අනු­රු­වක් අපේ රටට | සිළුමිණ

ස්වේද­ගොන් චෛත්‍යයේ අනු­රු­වක් අපේ රටට

‘බුරුම - ලංකා මවු­පිය සෑය’ නමින් හඳුන්වා ඇති මේ චෛත්‍යය ඉදි­වෙ­මින් පවතින බිම නිසං­සලය. චෛත්‍යය නමේ අරුතටම ගැළ­පෙන අර­ණකි. පරි­වාර චෛත්‍යය 6 කින් සම­න්විත චෛත්‍යය වඩා උස් නොවූ­වත් ගාම්භී­රය. ෂඩා­ස්‍රා­කා­රව ඉදිව ඇති නිසා වන්දනා මාන කිරී­මද ඉතා පහ­සුය.

නකල්ස් කඳු වැටි­යෙන් හමා එන සිසිල් සුළං රැල් නිසා එක තැන සිට­ගෙන සිටීම පවා අප­හ­සුය. එහෙත් පිංතූ­ර­ව­ලින් පම­ණක් දුටු දර්ශ­න­යක් සැබෑ ලෙසින් ම දකි­න්නට ලැබුණ විට දැනෙනා හදිසි විප­ර්යා­සය නිසා සුළඟ බාධා­වක් නොවු­ණේය.

අප ඉදි­රියේ දර්ශ­නය වන්නේ බුරු­මය හෙවත් මිය­න්මා­රයේ ස්වේද­ගොන් චෛත්‍ය­යැයි වරෙක සිතුණි. ස්වේද­ගොන් චෛත්‍යයේ සියලු අංගෝ­පාං­ග­ව­ලින් සම­න්වි­තව ඉදි­කෙ­රෙන ඝණ්ඨා­කාර හැඩ­යෙන් යුත් මේ ස්තූපය ඉදි කෙරෙ­මින් පව­තින්නේ මාතලේ උකු­වෙල බල­ක­ඩුව පන්ස­ල්තැන්න ප්‍රදේ­ශයේ අනු­රුධ අර­ණේය.

අනු­රුධ අර­ණා­ධි­පති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ­ලේ­කම් මුගු­ණුවෙල අනු­රුද්ධ නාහි­මි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් ඝන්ඨා­කාර හැඩ­යෙන් යුත් මේ චෛත්‍යය ඉදි­කෙ­රෙන්නේ මෙරට ප්‍රථම වරට ඉදි­කෙ­රෙන බුරුම සම්ප්‍ර­දා­යයේ චෛත්‍යය ලෙසයි. එම චෛත්‍යය ෂඩ­ස්‍රා­කා­රය.

බුදු­ර­ජා­ණන් වහන්සේ විසින් ලබා දුන් කේශ ධාතු නිධන් කර බුරු­මයේ ස්වේද­ගොන් චෛත්‍යය ඉදි­කළ බවට බුරුම ඉති­හා­සයේ මෙන් ම ලෝකයේ සියලු ථෙර­වාද රට­වල මත­යක් පවතී.

බුරු­මයේ පරම පූජ­නීය ස්ථානය වන ස්වේද­ගොන් චෛත්‍යයේ අනු­රු­වක් ලංකාවේ ඉදි­කි­රීම බෞද්ධ­යන් ලත් සැබෑ භාග්‍ය­යකි.

අනු­රුද්ධ නාහි­මි­යන්ගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් සිදු කෙරෙන අනු­රුව අරණේ ඉදි­වන බුරුම සම්ප්‍ර­දා­යයේ ප්‍රථම චෛත්‍යය ඉදි කිරී­මට මියැ­න්මායේ යොන්ගොව් හි අවු­න්ෂාබු ටාව්යා විහා­රයේ මහා සද්ධම්ම ජෝතික ධජ පන්ඩ­වොන්ත සියදෝ හිමි­යන්ගේ දාය­ක්වය හිමිව ඇත.

මෙම චෛත්‍යය ඉදි­කි­රීම සඳහා බුරුම ශිල්පීන් 6 දෙන­කුගේ සහාය ලැබී තිබේ.

නකල්ස් කඳු වැටි­යට මැදිව දිස්වන උකු­වෙල බල­ක­ඩුව පන්ස­ල­තැන්න පිහිටි අනු­රාධ අර­ණෙහි නිම වෙමින් පව­තින මේ සෑය බුරුම ලංකා බෞද්ධ මිත්‍ර­ත්වය පිළි­බිඹු ‍කරන්නකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකා­යත් අම­ර­පුර නිකා­යන් අපට හිමි වූයේ බුරු­ම­යෙනි. ඒ නිකා­ය­යන් ලබා දුන් බුරු­ම­යෙන් අද අපට උරුම වී ඇත්තේ බුරු­මයේ ස්වේද­ගොන් චෛත්‍යයේ අනු­රු­වකි.

‘බුරුම - ලංකා මවු­පිය සෑය’ නමින් හඳුන්වා ඇති මේ චෛත්‍යය ඉදි­වෙ­මින් පව­තින බිම නිසං­සල කල­බ­ල­කා­රි­ත්ව­යෙන් තොරය. මේ චෛත්‍යය නමේ අරු­තට ම ගැළ­පෙන අර­ණකි.

පරි­වාර චෛත්‍යය 6 කින් සම­න්විත චෛත්‍යය වඩා උස් නොවූ­වත් එහි ගාම්භී­ර­ත්වය කියා පායි. ෂඩා­ස්‍රා­කා­රව ඉදිව ඇති නිසා එය වන්දනා මාන කිරී­මද ඉතා පහ­සුය.

බුරුම කලා ශිල්ප රැසක්ම චෛත්‍යයේ ස්ථාපිත කිරී­මට බුරුම ශිල්පීන් විසින් කට­යුතු කර තිබේ. චෛත්‍යයේ පේසා­ව­ළලු 6 ක් පමණ ස්ථාපි­තය.

බුරු­මයේ අතී­තයේ සිට පව­ත්වා­ගෙන එන විශේෂ ආක්ෂ­ක­යින් චෛත්‍ය බුරුම මුරා­යුද ගෙන චෛත්‍යය වටේ ම මුර කර­මින් සිටී. චෛත්‍යය ඉදි­රි­පි­ටින් ඇති කුටියේ සැකසූ මල­සුන් ගෙවල් ද චෛත්‍යයේ මෙන් අලං­කර කැට­ය­මින් යුක්තය. ඒවායේ වහළ ඉහ­ළට යන්නට සිහි­න්වන ආකා­රයේ කැට­ය­ම්ව­ලින් යුක්තය.

කැට­යම් සංකීර්ණ බවක් පෙන්නුම් කළ ද පැයක් දෙකක් වුව එදෙස බලා සිටි­න්නට හැකිය. ඒ සංකීර්ණ කැට­යම් එකින් එක එවිට අව­බෝධ කර­ගත හැකිය. අපට නුහුරු මේ චෛත්‍යය සම්ප්‍ර­දාය අපට හුරු බව හඟ­වන්නේ ඊට ඉහ­ළින් බෝධින් වහ­න්සේත් ඊට පහ­ළින් පිළිම රැසක් ඉදි­කර ඇති නිසාය.

චෛත්‍ය­යට ඇතුළු වන භූමියේ ඉදි­කළ කුලුණේ ඉහ­ළින් ම සිටින්නේ භේරුණ්ඩ පක්ෂි­යාය කුලුණේ මුරට කුලුණ පාමුල මුර දේව­තා­වුන් සිවු දෙනකු සිවු දෙස බලා සිටිති.

කොත පැලඳ නොමැති මේ චෛත්‍යය ලබන වසරේ කොත් පළදා මාර්තු මස විවෘත කිරී­මට කට­යුතු යොදන බව මුගු­ණ­වෙල අනු­රුද්ධ හිමියෝ පව­සති.

‘ලංකා­වට වඩා බුරු­මයේ ආර්ථික ශක්තිය අඩුයි. එසේ වුවත් බුරුම ජාති­ක­යන් අපට මේ චෙත්‍යය ඉදි­කර දෙන්නට කට­යුතු කළා. එය අප ලද දායා­ද­යක් බව කිව යුතුයි. අවු­රුදු සිය ගණ­නක ඉති­හා­ස­යක් බුරු­මය හා ලංකාව අතර තිබෙ­නවා.

ථෙර­වාදි බෞද්ධ රට­වල් දෙකක් ලෙස මේ සබැ­ඳි­යාව ඉතාම වැද­ගත් වන්නේ ලංකා­වෙත් බුරු­ම­යට ගිය භික්ෂූන් වහන්සේ එරට ඇරැඹූ ‘සිහළ සංඝ නිකා­යන්’ අදත් බුරු­මයේ තිබෙන නිසයි. අනු­රුද්ධ හිමි­යන් දරන්නේ ‍එවැනි අද­හ­සකි.

ලබන වසරේ සිට අපට වන්දනා මාන කර­න්නට ලැබෙන මාතලේ, උකු­වෙල, බල­ක­ඩුව පිහිටි මේ බුරුම - ලංකා මවු­පිය ගුණ සෑය අතීත බුරුම - ලංකා ඉති­හා­සය සිහි ගන්ව­න­වාට වඩා අනා­ගත පර­පු­රට මහත් වූ දායා­ද­යක් බව කිව යුතුය.

ථෙර­වාද බෞද්ධ සම්පූ­ර්ණ­යෙන් පම­ණක් නොව සම්මි­ශ්‍රිත බුදු දහ­මක් ලොව පුරා පැතිර යමින් පව­තින මෙවන් වක­වා­නු­වක මේ සුසං­යෝ­ගය ඉතාම වැද­ගත්ව ඇත්තේ බුදු දහ­මට විවිධ වූ තර්ජන පවා එල්ල වෙමින් පව­තින අව­දි­ය­කය.

අතී­තයේ මෙර­ටින් බුදු දහම අතු­රු­දන් වන තත්ත්ව­යට පත්වූ අව­ස්ථා­ව­ලදී බුරු­ම­යෙන් ලද සහා­ය­ටත් වඩා සහා­යක් ඉදි­රි­යේදී බුරු­ම­යෙන් අපට ලබා දීමට එරට බෞද්ධ භික්ෂූන් වහන්සේ සූදා­නම්ව සිටිති. මේ මවු­පිය ගුණ සෑය එක් පිය­ව­රක් පමණි.

සේයාරූ - රංජිත් අසංක

Comments