කඳ­වල වත්තේ තැඹිලි හොරු | සිළුමිණ

කඳ­වල වත්තේ තැඹිලි හොරු

එකල අද මෙන් ප්‍රවා­හන පහ­සු­කම් නොතිබි යුගයේ කොළඹ පැමිණි විට මගේ සෙහො­යු­රාගේ නිවෙ­සෙහි ලැගුම් ගැනී­මට මම පුරු­දුව සිටි­යෙමි. ඔහු කොළඹ ගාලු පාර අස­ලප පදිං­චිව සිටීම ඊට හේතු­වක් විය. රජයේ සේව­ක­යකු වූ ඔහුගේ නිල නිවෙස පිහිටා තිබුණේ සර් ජෝන් කොත­ලා­වල මැති­තු­මාගේ එකල කඳ­වල වල­ව්වට නුදු­රෙනි.

මගේ සොහො­යු­රාගේ නිවෙසේ ඔහුගේ බිරිය එනම් මගේ නෑනාගේ සොහො­යු­රාද නත­රව සිටි­යේය. මගේ වියේම පසුවූ ඔහු ගැන මා වඩා සැල­කි­ලි­මත් වූයේ ඔහු නිර්භීත කිසිම දෙය­කට නොපැ­කි­ළව මුහුණ දෙන තරු­ණ­යකු ලෙස ප්‍රසි­ද්ධව සිටීම හේතු­වෙනි.

එක් දිනක් මම කොළඹ පැමිණ රෑ බෝවූ හෙයින් ගමේ යෑමට නොහැ­කිව සොහො­යු­රාගේ නිවෙසේ නතර වීමට ගියෙමි. ආගිය තොර­තුරු විමසා මට සංග්‍රහ කළ මගේ නෑනා මට රැය ගෙවීම පිණිස නිවෙසේ ඉදිරි කාම­රය පිළි­යෙල කර දුන්නාය. එය නෑනාගේ පෙර කී සොහො­යු­රාගේ කාම­ර­යයි. ඔහුත් මමත් එදින රාත්‍රී ආහා­රය ගෙන කාම­ර­යට වී ඇඳ­න්වල වැතිර ආගිය තොර­තුරු කතා කර­මින් සිටි­යෙමු. මෙලෙස නින්දත් නොනි­න්දත් අතර සිටි­යදී මා දුටුවේ එක්ව­රම දනි­පනි ගා ඇඳෙන් නැගි­ට­ගත් සොහො­යුරා කළු පැහැති ඇඳු­මක් ඇඟලා දිග උල් පිහි­යක්ද ඉණේ ගසා ගන්නා අන්ද­මය. අන­තු­රුව ඔහු මා ළඟට පැමිණ ඇඟි­ල්ලෙන් ඇන,

“මචං වරෙන් ගම­නක් යන්න” යැයි පැව­සීය. ඔහු අනුව යමින්

ජනේ­ල­යෙන් මිදු­ලට පැන අඳු­රේම පිය නැඟූ මම විශාල තාප්ප පසු­කර කැලෑ රොද­කට පිවි­සු­ණෙමි. දෙවට හා කටු පඳුරු අත­රින් දිය සීරාද පාග­මින් ඔහු පසු­පස යන මට දැනුණේ දැඩි බියකි. හොරුන් මෙන් පරෙ­ස්ස­මෙන් ගිය අප ඇතු­ළුව සිටියේ විශාල පොල් වත්ත­කට බව මඳ වේලා­ව­කදී මා දුටුවේ සඳ එළි­යෙනි. මනා ලෙස නඩත්තු කළ බවක් දිස්වූ ඒ වත්තේ ඈතින් විසල් මැදු­රක් දිස්විය. විශාල ගස් හා පල­තුරු ගස් ද ඈතින් පෙනේ.

අවට ඇත්තේ දැඩි නිහැ­ඬි­යා­වකි. හොරකු සේ වට­පිට බල­මින් ඉදි­රි­යට ගිය සොහො­යුරා වඩා නොඋස් තැඹිලි ගසක් අසල නත­රව හාත්පස බලා සැක­හැර ගෙන තැඹිලි ගසට නැග්ගේය. හොඳ තැඹිලි ගෙඩි හත­රක් කඩා ගත් ඔහු හඬ නොනැ­ඟෙන සේ ඒවා බිමට දැමීය. ගසෙන් බැස තැඹිලි ගෙඩි­යක් කපා මට ද දී අනෙක බීමෙන් පසු ඉතිරි දෙක මට දිගු කළ හෙතෙම ආපසු හැරු­ණේය. කතා­වක් බහක් නැතිව ආ ඔහු යළි හඬ අවදි කළේ කාම­ර­යට පැමිණි පසුය.

“අපි කාගේ තැඹි­ලිද බිව්වේ කියා උඹ දන්න­වාද? ඒ සර් ජෝන්ගේ කඳ­වල වත්තේ තැඹිලි”

ඒ ඇසූ මවෙ­තින් නින්ද තවත් ඈතට ගියේය.

ඇල්. කුල­රත්න
අරු­ක්වත්ත උතුර

Comments