
බේරුවලදී පසුගියදා අත්අඩංගුවට ගත් මත් කුඩු තොගය ගෙන්වීමේ සිද්ධියේ සැක කරනු ලබන ප්‍රධාන සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසියේ සහයෝගය ඉල්ලා ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කිය. එම සැකකරුවන් බංග්ලාදේශය හා ෂී - සෙල්ස් රටවල පදිංචිව සිටින බවට තොරතුරු ලැබී ඇත.
ඒ තොරුතුරු ඔස්සේ සෙසු පරීක්ෂණ පවත්වන බවත් අන්තර්ජාතික පොලිසිය හරහා අදාළ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු කීය. එමෙන්ම අත් අඩංගුවට ගත් මතු කුඩු තොගයට අමතරව වෙනත් වැදගත් තොරතුරු රැසක්ද හෙළි කර ගැන්මට හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කෙළේය.
සිද්ධියට සම්බන්ධව මෙරටදී අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සතුව තිබූ අධිතාක්ෂණික ජංගම දුරකතනයෙන්ද වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැන්මට හැකිව ඇති බවද ඔහු කීය.
පසුගිය සතියේ අත් අඩංගුවට ගත් මත් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 231ක් වූ අතර එම හෙරොයින් තොගය මෙරටදී අත් අඩංගුවට ගත් දෙවන වැඩිම මත් කුඩු තොගය බවද ඔහු පෙන්වා දුන්නේය.