මිනි­ත්තු­වෙන් ජීවි­ත­යක් බේරූ අපේ පොලිස් නිල­ධා­රීන් දෙදෙනා | සිළුමිණ

මිනි­ත්තු­වෙන් ජීවි­ත­යක් බේරූ අපේ පොලිස් නිල­ධා­රීන් දෙදෙනා

මනුස්ස ජීවි­ත­ව­ලට කර­දර බාධක කම්ක­ටොලු පැමි­ණෙන්නේ තැනක්, නොතැ­නක් වෙලා­වක් කලා­වක් නොමැ­තිව නොසිතූ මොහො­ත­කයි.

ඒ බව පසක් වන සිදු­වී­මක් වූයේ පසු­ගිය 25 වැනිදා පස්වරු හත­රට පමණ අධි­වේගී මාර්ගයේ කොත­ලා­වල පිට­වීමේ දොර­ටුව අබි­ය­ස­දීයි. පොලිස් කොස්තා­පල් (39598) ජය­සිංහ එදින එම ස්ථානයේ රාජ­කා­රි­යෙහි නිර­තව සිටි­යේය. ඊට අම­ත­රව සාජන් (22417) සෝම­සි­රිද එතැන විය.

සුපු­රුදු ලෙසින් කොස්තා­පල් ජය­සිං­හගේ දෑස් අධි­වේගී මාර්ගය වෙත යොමුව පැව­ති­යේය. අධි­වේගී මාර්ගයේ සිට පිට­වීමේ දොර­ටුව දෙසට පැමි­ණෙ­මින් තිබූ නිල් පැහැති කාර­යක් පිට­වීමේ දොර­ටු­වට මීටර් පහ­ළො­වක පමණ ඈතින් නතර කෙරෙනු ඔහු බලා සිටියේ කුතු­හ­ල­යක්ද සම­ඟය. එහෙත් රථය නතර වූ අසා­මාන්‍ය ස්වභා­වය නිසා ඔහු කල­බල විය.

ඔහු ඒ ගැන අප හා විස්තර කළේය.

“පිට­වීමේ දොර­ටු­වෙන් එළි­යට යන තෙක් අධි­වේ­ගයේ කිසිම තැනක වාහන නතර කිරීම තහ­නම්... මං හිතුවේ ඒ වාහනේ නතර කර­ගෙන මොන­වා­හරි හොය­නවා ඇති කියලා. අධි­වේගී රිසි­ට්පත වැනි දෙයක්. එදා නිවාඩු දව­සක් නිසා පිට­වීමේ දොර­ටුව අසල පුදුම වාහන තොග­යක් තිබුණේ... මං අතින් සංඥා කළා එන්න කියලා. කිසිම ප්‍රති­චා­ර­යක් නෑ. එතැන වූ බෑවුම නිසා වාහනේ පසු­ප­සට යන්නත් ගත්තා. මං බැලුවා මොකක්ද මේ වෙන්නෙ කියලා”

කොස්තා­පල් ජය­සිංහ වහා එතැ­නට දිව ගියේ සිදු­වන්නෙ කුම­ක්දැයි විප­රම් කිරී­ම­ටයි.

“එතැ­නට ගියාම තමයි දැක්කෙ රියැ­දු­රාට කර­ද­ර­යක් බව. සීට් එකේ වම් පැත්තට ඇල­වෙලා දඟ­ල­නවා. ෆෝන් එකත් අර­ගෙන කාට­හරි කතා කරන්න. ඒත් කතා කර­ගන්න බැරි­වෙලා... ෆෝන් එකත් එක්කම වම් පැත්තට කඩා­ගෙන වැටුණා... වාහනේ ඉදි­රි­පස අසුනේ වය­සක සීයා කෙනෙක් හිටියේ. ඔහු­ටත් කල්ප­නාව මදි . (සීයාගේ වයස අවු­රුදු 85ක් පමණ වු බවත් ඔහුද අස­නීප තත්ත්ව­යෙන් පසුවූ බවත් කොස්තා­ප­ල්ව­ර­යාට පෙනිණි) පිටු­පස අසුනේ කුඩා දරුවෝ දෙන්නෙක්... එයා­ලට තේරු­මක් නෑ වගේ. දැක්ක ගමන් මට තේරුණා හාට් ඇටෑක් එකක් වගේ කියලා. මුලින්ම ස්ටාර්ට් එකේ තිබුණ වාහනේ නතර කළා. අතු­රු­ගි­රි­යට කතා කරලා ඇම්බි­යු­ලන්ස් එක ගෙන්න ගන්න බැලුවා. එදාම එයත් කැඩිලා. නව­ග­මුව පොලී­සියේ 1990ට කතා කළා. ඒත් ඒකට ඒමට විනාඩි 15ක් විතර යනවා. පස්සෙ අපේ අතු­රු­ගි­රිය පිවි­සුමේ ඕඅ­යිසී චන්දන මහ­ත්ත­යට කතා කළා. විස්තරේ කියලා ඉක්ම­න­ටම රේඩියෝ කාර් එක එවන්න පුළු­වන්ද ඇහැව්වා. අනේ විනාඩි තුනක් යන­කොට කාරය එතැන. සාජන් අනුර (18304) සහ රණ­වීර (35524) රේඩියෝ කාර­යෙන් ගොස් රෝගි­යාව මාලබේ පෞද්ග­ලික රෝහ­ල­කට ඇතුළු කළා.”

හදි­සියේ මෙලෙස රෝහ­ල්ගත කළ එම පුද්ග­ලයා පරීක්ෂා කළ වෛද්‍ය­ව­රුන්ට පසක් වූයේ ඔහුට දරුණු ගණයේ හෘද­යා­බා­ධ­යක් ක්ෂණි­ක­වම හට­ගෙන ඇති බවයි. තවත් විනාඩි පහක ප්‍රමා­ද­යක් වූවා­නම් රූප­වා­හිනී සංස්ථාවේ ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කරන 47 හැවි­රිදි කමල් දස­නා­යක මහ­තාගේ ජීවි­තය අන­තුරේ බව වෛද්‍ය නිග­ම­නය විය.

කමල් මහතා තම පියා සහ දරු­වන් සමඟ ගමන් ගනි­මින් සිට ඇත්තේ වැලි­සර ළය රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන තම මෑණි­යන් බැලී­ම­ටයි. රෝහලේ ඔහු පැමි­ණෙන තෙක් මඟ බලා සිටියේ ඔහුගේ සහෝ­ද­රයා වන උරස් ශල්‍ය විශේ­ෂඥ වෛද්‍ය සුමන සඳ­ගල මහ­තායි. තම සහෝ­ද­ර­යාගේ පැමි­ණීම ප්‍රමාද නිසා දුර­ක­ථ­න­යට ඇමැ­තු­මක් දුන් වෛද්‍ය­ව­ර­යාට පිළි­තුරු ලෙස කමල්ගේ පුතෙකු පවසා තිබුණේ තාත්තාට පපුවේ අමා­රු­වෙක් හැදී අධි­වේගී මාර්ගය අසල සිටින බවයි.

“මල්ලි ඉන්නෙ මාලබේ. එයා අතු­රු­ගි­රි­යෙන් හයිවේ එකට දාලා වැඩි දුරක් ගිහින් නෑ. ඇටෑක් එක ඇවිල්ලා. ඔහුට කව­දා­වත්ම හෘද රෝග­යක් තිබුණේ නෑ. පස්සෙ ඔහු කොත­ලා­වල පිට­වී­මෙන් එළි­යට දාන්නයි හදලා තියෙන්නෙ... ඉතින් මල්ලිට වුණේ නොසිතූ කර­ද­ර­යක්. මං කියන්නෙ ඕනෑම අයෙ­කුට මෙවැනි කර­දර වෙන්න පුළු­වන්. එවැනි අව­ස්ථා­ව­ලදී මනු­ස්ස­යන්ගේ ක්‍රියා­ක­ලා­ප­යයි වැද­ගත්. මොකද ලොකු-පොඩි, වත්-පොහො­ස­ත්කම් ලෙඩ­රෝ­ග­ව­ලට බල­පාන්නෙ නෑ. මේ සිදු­වී­මෙන් ගම්‍ය වුණේ සැබෑම මනු­ස්ස­කම වගේම නුව­ණ­ක්කා­ර‍ක­මයි. ඒ නිල­ධා­රියා සෝදිසි කරලා බැලුවේ නැති­වු­ණා­නම් මේ තත්ත්වය හාත්ප­සින්ම වෙනස් වෙන්න තිබුණා. වර්ත­මා­නයේ හැමෝම පොලිස් නිල­ධා­රීන්ට බණින එකයි කරන්නෙ. ඔවුන්ගේ වැරැ­දි­මයි හොයන්නෙ. ඒත් මේ නිල­ධා­රීන් දෙදෙ­නාගේ නුව­ණැති ක්‍රියව නිසායි අද අපේ මල්ලි ජීව­ත්වෙන්නෙ. කෙනෙක් මෙවැනි නොසිතූ කර­ද­රේ­කට මුහුණ දුන්නොත් අනි­වා­ර්ය­යෙන්ම මේ පොලිස් නිල­ධා­රීන් දෙදෙනා ක්‍රියා කළ ආකා­ර­යෙන් තැනට උචිත ලෙස බුද්ධි­මත්ව කට­යුතු කිරී­මයි මුළු සමා­ජ­යේම වග­කීම විය යුත්තෙ. ඒ නිසා මේ ක්‍රියාව රට­ටම ආද­ර්ශ­යක්.” යැයි සිළු­මිණ හා අද­හස් පළ කළ විශේ­ෂඥ වෛද්‍ය සුමන සඳ­ගල මහතා සිය සහෝ­ද­ර­යාගේ ජීවි­තය බේරා ගැනී­මට අව­ස්ථා­නෝ­චි­තව ක්‍රියා කළ නිල­ධා­රීන් දෙප­ළට සිය කෘත­ඥ­තා­වද පළ කළේය.

මිනිස් ජීවි­ත­ය­කට නොසිතූ මොහො­තක සිදු­වන මෙවැනි කර­දර හා පීඩා­ව­ලදී බුද්ධි­මත්ව ක්‍රියා කර­මින් රටට ආද­ර්ශ­යක් දුන් මේ නිල­ධා­රීන් දෙදෙනා රටට මෙන්ම පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත් ආඩ­ම්බ­ර­යකි.

ඡායා­රූප - දුෂ්මන්ත මායා­දුන්න

Comments